විහාරස්ථානයකට අකුණු සැරක් වැදී 15ක් රෝහලේ
මාතර, දෙයියන්දර නියඳගල ආරණ්‍ය සේනාසනයේ ආගමික වතාවත්වල නිරතවෙමින් සිටි බැතිමතුන් පිරිසකට අද(15) පස්වරුවේ අකුණු සැර වැදී තිබේ.
අකුණු සැර හේතුවෙන් කම්පනයට පත්වූ පුද්ගලයින් 15 දෙනෙකු දෙයියන්දර ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇත.කම්පනයට පත්වූවන් අතර සේනාසනයේවිහාරාධිපති පූජ්‍ය උඩගොමඩියේ සුමනවංශ හිමියන්ද සිටින අතර උන්වහන්සේවද රෝහල්ගත කර තිබේ.
එම ප‍්‍රදේශයට පැවති අධික වර්ෂාපතනයත් සමග මෙම අකුණු සැර වැදී තිබෙන බව පොලිසිය පැවසීය.
කුඩා ළමයකු දෙයියන්දර රෝහලේ ප්‍රතිකාර ලබමින්
රෝහලේ ප්‍රතිකාර ලබන පිරිසෙන් කොටසක්
විදුලි මීටරය විනාශ වී ඇති හැ

