18 බරපතල වැරැද්දක් - මෛත්‍රී

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    18 බරපතල වැරැද්දක් - මෛත්‍රී

    වත්මන් ආණ්ඩුව 18වන සංශෝදනය සිදුකරමින් බරපතල වැරැද්දක් සිදුකර ඇතැයි මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවේදී පැවසීය.

    අද රටේ ආර්ථිකය පරිපාලනය එක පවුලක් අතට අරගෙන. නීතියේ ආධ්‍ය පත්‍ය බිඳවැටිලා. සොඳුරු අඥාදායකත්වයක් කරා රට ගමන් කරමින් තිබෙනවා.

    රටේ ජනතාවගැන හිතලා ජාතික ‍ඖෂධ ප්‍රතිපත්තියක් ගේන්න දැඩි වෙහෙසක් ගත්තා (ඇස්වල කඳුළු)

    විධායක ජනාධිපති ධුරය දින 100කින් අහෝසි කරන්න මට බලය දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    රටේ ජනතාවට ජීවත්වෙන්න හොඳ ආර්ථිකයක් නැහැ. මම නියෝජනය කරන පළාතේ ගොවිජනතාවගේ ආර්ථිකය ශක්තිමක් කළ යුතුයි.

    මම පොදු අපේක්ෂකයෙක් ලෙස මැතිවරණයකට ඉදිරිපත් වෙනවා. සියලු හමුදාපතිවරුන්ගේ පොලිස්පති තුමාගෙන් නිදහස් මැතිවරණයකට කටයුුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා.

    නිදහස් මාධ්‍යයකට, මාධ්‍යවේදියාට මේ රටේ අවස්ථාවක් නැති බව අපේ සහෝදර මාධ්‍යවේදීන් දන්නවා. නිදහස් මාධ්‍ය වළ දමා ති‍බෙනවා.

    ඉදිරියේදී ජනතා ඡන්දයෙන් බලයට පත්වන අපේ ආණ්ඩුවක් යටතේ මාධ්‍යට සම්පූර්ණ නිදහස ලබාදෙන බවට පොරොන්දුවෙනවා. මේ රටේ තිබෙන වංචාව දූෂණය හමාර කරලා සාධාරණ සමාජයක් ගොඩනගන්න බලාපොරොත්තු වනවා.

    17වන සංශෝධනය බලාත්මක කරන අතර 18වන සංශෝධනය අහෝසි කරනවා.

    http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=12707:18-&catid=41:local&Itemid=74