[18+] ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    [18+] ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග

    ලිංගික ඉන්නන් (Genital warts)


    vHUYd8f.jpg

    ලිංගික සංසර්ගයේදී සිදුවන චර්මීය ස්පර්ශයන් ඔස්සේ ඇතිවන ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් ලිංගික ඉන්නන් හැඳින්විය හැකිය.මෙම ලිංගික ඉන්නන් හෙවත් මානව පැලිලෝමා වෛරසය (HPV - Human Papilloma Virus) නිසා හටගනියි.මෙම රෝගයේ මාදිළි කිහිපයක් තිබෙන නිසා ඒ සෑම මාදිලියක්ම මෙම ලක්ෂණ(ලිංගික ඉන්නන්)නොපෙන්වයි.මෙම ලිංගික ඉන්නන් යෝනියේ පිවිසුමේ සිට අභ්‍යන්තරයටත්,ගැබ් ගෙලේත්,ශිශ්නයේත්,ගුදය අවටත් වර්ධනය විය හැකිය.ඉන්නන් පැතලි මෘදු වන අතර යන්තම් ඉහලට නැගී සිටියි.මල් ගෝවා හැඩැති ඉතා කුඩා රෝස හෝ සුදු පැහැති ඉදිමුම් ලෙස ඇතිවේ.




    ලිංගික විසප්පු(හර්පිස්) (Genital herpes)


    QA5LL3H.jpg

    හර්පිස් (Genital herpes) යනු චර්මීය ස්පර්ශයන් නිසා බෝවන චර්ම රෝගයකි.සාමාන්‍යයෙන් ලිංගික සංසර්ගයකදී මෙය බෝවිය හැකිය.මෙම රෝගය ලිංගික ප්‍රදේශ සහ ගුදය ආශ්‍රිතව කැසීම් පුපුරුගහනවා වැනි වේදනාවක් ඇති කරයි.එසේම සැරව ගලන කුඩා බිබිල ඇතිවී ඒවා පැලී වේදනා ගෙන දෙයි.මෙම පිපිරී ගිය බිබිලි ඔස්සේ මුත්‍රා ගලා යෑම නිසා වේදනාවක් ඇතිවේ(විශේෂයෙන් ගැහැණුන්ගේ ).හර්පිස් නිසා ඇතිවන අනෙකුත් රෝග ලක්ෂණ වන්නේ හිසරදය,පසුපස කොටසේ වේදනාව සහ ප්‍රතිශ්‍යාව (ඉදිමුණු කුද්දටි සහ උණ )




    Crabs, scabies and molluscum contagiosum


    xaswdx.jpg

    Crabs, scabies and molluscum contagiosum ආදිය ඇත්තටම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ලෙස නොසැලකිය හැක්කේ ඒවා චර්මීය ස්පර්ශයන් නිසා හටගන්නා නිසාය.නමුත් මෙය ලිංගික එක්වීමකදී බෝවිය හැකිය.

    Crabs හෝ යූනික උකුණන් යනු ඉතා කුඩා පරපෝෂිතයන් වන අතර උන් සම තුල ගුල් සාදාගෙන රුධිරය මත යැපෙති.මොවුන් රළු රෝම වල එනම් බොහෝවිට යූනික රෝමවල ජීවත් වෙන මුත් කිහිල්ලේ රෝම ,මුහුණේ රෝම සහ ඇහිපිහාටු ආදී ස්ථානවලත් ජීවත්වන බව සොයාගෙන තිබේ.

    scabies ,ස්කෙබිස් හෙවත් හොරි තදබල ලෙස කසන ස්පර්ශයෙන් බෝවෙන පරපෝෂිත ගුල්ලෙක් නිසා ඇතිවේ.සමේ ඇතිවන පලු/කුෂ්ඨ මෙම ගුල්ලන්ට උන්ගේ බිත්තර සහ අසූචි වලට ආසාද්මිකතාවයක් දක්වයි.

    Molluscum contagiosum/MCV හෙවත් දියර ඉන්නන් මුතු ඇටයක හැඩය ගත් ඉදිමුම් ලෙස සමේ ඇතිවේ.මෙම ඉදිමුම් සුදු පැහැ දියරයකින් පිරී පවතින ස්පර්ශයෙන් බෝවන ඒවාය.බොහෝවිට දරුවන්ගේ ඇතිවේ.විශේෂයෙන් දදද සමග සිටින අය තුල.





    සුදු බින්දුම/ගොනෝරියාව(Gonorrhea)​


    LVzBsMk.jpg

    සුදු බින්දුම/ගොනෝරියාව ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම ආසාදනය කරන රෝගයකි.මෙය ගැබ් ගෙල,මුත්‍රාමාර්ගය,ගුද මාර්ගය,ගුදය සහ ග්‍රීවය ආදී ස්ථාන වල ඇතිවේ,නමුත් සමහරක් පුද්ගලයන් සුදු බින්දුම ආසාදනය වී තිබුණත් එහි ලක්ෂණ පිළිබඳව අත්දැකීම් රහිතය.
    කාන්තාවන්ගේ යෝනියෙන් දියරයක් වෑස්සෙයි ,මුත්‍රා කිරීමේදී හෝ මළ පහ කිරීමේදී ප්‍රබල වේදනාවක් ඇතිවීම කාන්තාවන්ගේ සිදුවේ.පිරිමින්ගේ ශිශ්නවලින් සුදු හෝ කහ පාට දියරයක් ගලායයි.මුත්‍රා කිරීමේදී සහ මළපහ කිරීමේදී දැඩි වේදනාවක් ඇතිවේ.





    ස්නේහ ස්‍රාවී කුද්දටි සහ ශිශ්නයේ ගැටිති/බිබිලි(Sebaceous glands ,penile papules)


    EI45LKx.jpg

    ස්නේහ ස්‍රාවී කුද්දටි සහ ශිශ්නයේ ගැටිති ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ලෙස වරදවා වටහා ගත් ඒවාය.ඒවා ලිංගිකව සම්ප්‍රේෂණය නොවන රෝග වේ.ස්නේහ ස්‍රාවී ග්‍රන්ථි සාමාන්‍යයෙන් රෝම කූප වලට සම්බන්ධ වී තිබෙන අතර රෝම රහිත ප්‍රදේශ වලද ඇතිවේ.මේවා පලු සහිත ස්වභාවයක් ඇති කරයි.
    මුතු වැනි ශිශ්නයේ ඇතිවන බිබිලි ලිංගික ඉන්නන් ලෙස වරදවා වටහා ගන්නා මුත් ඒවා පිරිමින් වැඩිදෙනෙක් තුල වෙනස් ආකාරවලින් හමුවේ.බිබිලි ශිශ්නයේ හිස කොටසේ එහි සමේ වර්ණයෙන්ම කුඩා බුබ්බුලාකාර ඉදිමුම් ලෙස දක්නට ලැබේ.





    සිෆිලිස්/උපදංශය(Syphilis)


    a6IMIM7.jpg

    උපදංශය යනු අධියර කිහිපයකින් වර්ධනය වන ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයකි.මූලික අවස්ථාවේදී උපදංශ බැක්ටීරියාව දේහයට ඇතුලුවූ ස්ථාන වල වේදනාවක් රහිත වණ ඇතිවේ(ඒවා නමින් හඳුන්වයි )මෙම වණ පැතිරයාම අතින් ඉහළ සම්භාවිතාවයක් දරයි.මේවා සාමාන්‍යයෙන් ගැහැණුන්ගේ යෝනි මුඛය හෝ ගැබ් ගෙලෙහි ඇතිවේ.පිරිමින්ගේ ශිශ්නයේද දෙපක්ෂයේම ගුදයේ සහ මුඛයේ ඇතිවේ.
    දෙවන අවස්ථාවේදී එහි ලක්ෂණ වන්නේ ප්‍රතිශ්‍යාව ලෙස ,කැසීමක් නැති කුෂ්ඨ පැල්ලම් සහිත කෙස් හැලී යාම,ගැහැණුන්ගේ යෝනි මුවේ සහ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ ගුදය අවට වේගයෙන් ව්‍යාප්ත වන ඉන්නන් ආදියයි.මෙම අවස්ථාවේදී ප්‍රතිකාර නොකල හොත් එය තුන්වන අවස්ථාවට පත්වේ.එය දීර්ඝ කාලීනව බරපතල ප්‍රශ්න ඇතිකරයි.




     
    • Like
    Reactions: hashan.perera@y