18 සම්මතයි!

ekrox

Member
Sep 11, 2009
577
22
0
18 වන ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකක බලයකින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. සංශෝධනයට පක්ෂව ඡන්ද 161 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුනේ ඡන්ද 17 ක් පමණයි.

පක්ෂව

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් 144 දෙනෙකු ඡන්දයෙන් තේරී පත්වුණා. එවිට කතානායකවරයා හැර සන්ධානයට හිමිව තිබූ මන්ති‍්‍රධුර සංඛ්‍යාව 143 ක්. මුස්ලිම් කොංග‍්‍රසයේ මන්ති‍්‍රවරුන් 8 දෙනා එක්සත් ජාතික පක්ෂ මන්ති‍්‍රවරුන් 9 දෙනෙකු සහ දෙමළ ජාතික සන්ධානයේ පී. පියසේන මන්ති‍්‍රවරයාගේ ඡන්දය ද සමගයි ආණ්ඩුව ඡන්ද 161 ක් ලබා ව්‍යවස්ථා සංශෝධනය ජයග‍්‍රහණය කළේ.



විපක්ෂ්ව
විපක්ෂව ලැබුණු ඡන්ද 17 න් 10 ක් දෙමළ ජාතික සන්ධානයේ මන්ති‍්‍රවරුන්ගේ වන අතර ඉතිරි 07 ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ මන්ති‍්‍රවරුන්ගේ වනවා. දෙමළ ජාතික සන්ධානයේ මන්ති‍්‍රවරුන් 3 දෙනෙකු අද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ.විපක්ෂ‍ය ජන්දය භාවිතා නොකිරීම නිසා රජය 2/3 පහසුවෙන් ලබාගත්තේය. ඒ අනුව රජයට මෙය සම්මථ කරගත හැකි වූයේ විපක්ෂය ජන්දය වර්ජනය කල නිසාවෙනි.මේ පිලිබදව සරත් පොන්සේකා මහතා කියා සිටියේ විපක්ෂය මෙමගින් රජයට වක්‍රව සහය ලබාදීමක් ලෙසයි.

රනිල් ව්‍යවස්ථා සංශෝධනයට කැමතිද?


READ MORE