SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    • අශ්වය නින්ඳට යනවිට පාවිච්චි කරන පොරෝනය කුමක්ද? අස්වැසුම
    • පන්සල් භූමියට වැද්ද නොගන්නා පක්ෂියා කවුද? සිවුරු හොරා ... ...
    • තමා රැවටෙන බව දැන දැනත් පාරිභෝගිකයා මිළදී ගන්නා ආහාරය කුමක්ද? කට්ට සම්බෝලය
    • ආයතනයක යතුරු භාරව සිටින තැනැත්තා කවුද? කැරලිකරු
    • තමන්ගේගෝල බාලයන්ට පමණක් විශේෂ සැලකිලි දැක්වීම හඳුන්වන විශේෂ නාමය කුමක්ද? ගෝලීයකරණය
    • ලංකාවේඅඩුම මුදලකින් නිපදවූ සිංහල චිත්‍රපටය කුමක්ද? සත පනහ
    • ලංකාවේවැඩිම මුදලකින් නිපදවූ සිංහල චිත්‍රපටය කුමක්ද? හතර මහ නිධානය
    • ලංකාවේදේශපාලනය සමබන්ධ කර ගනිමින් නිපදවූ චිත්‍රපටය කුමක්ද? කඩවුනු පොරොන්දුව
    • රෝහලකදී පලදෙන කර්මය කුමක්ද? ශල්‍යයකර්මය
    • බැංකුවල සේවයේ නියුතු පුද්ගලයින් කෑමට කැමතිම ආහාරය කුමක්ද? මනිපිට්ටු
    • ලියුම් කවර ඇලවීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයට බඳවාගෙන ඇති සේවකයා කවුද? ගම් භාර නිළධාරියා
    • ශාක කොටස් පමණක් ආහාරයට ගන්නා සර්පයා කවුද? පළා පොළඟා
    • මැණික් ගැරීමට අධිපති යක්ෂයා කවුද? ගරා යකා
    • ආදරවන්තයින් සඳහාම වෙන්වූ බස් වර්ගය කුමක්ද? පෙම්බස්
    • ඉතා කුඩා බර ප්‍රමාණ මැනීම සඳහා ශ්‍රී ලංකාවේ භාවිතා කරන ශාකමය මිණුම් දණ්ඩ කුමක්ද? අබ මල් රේණුව
    • රබර් වත්තකදී දැනෙන පාලුව හඳුනවන්නේ? ඔට්ට පාලු
    • ක්‍රිකට් ක්‍රීඩකයන් වැඩි වශයෙන් නැරඹූ ටෙලි නාට්යය කුමකද? කඩුල්ල
    • අවි ආයුධ එක් තැනකින් තවත් තැනකට රැගෙන යන පුද්ගලයා හඳුන්වනුයේ කුමන නමකින්ද? අවිවාහකයා
    • මුහුදේ ජීවත්වන වේගවත්ම ජීවියා කවරෙක්ද? මුහුදු අශ්වයා
    • මාළුවන්ට හැදෙන තුවාල විශේෂය කුමක්ද? මින්දද
    • ලෝකයේ සර්ප ගහණය වැඩිම රට කුමක්ද? නයිජීරියාව
    • මැර බලය උපයෝගී කරගෙන ජයග්‍රහණය කල හැකි ක්‍රීඩාව කුමක්ද? මැරතන්
    • තොර තෝංචියක් නැතිව කාන්තාවන් අතරේ සිදුවන කතාබහ හඳුනවන නම කුමක්ද? ලියකියවිලි
    • නිතරම කිරිල්ලියන්ට ඉඟි බිඟි පාන කුරුල්ලා කවුද? පැණි කුරුල්ලා.......