19 න් සිංහලයා හාන්සියි
19 න් සිංහලයා හාන්සියි...
19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් කප්පාදු වන විධායක ජනපති ධූරයේ බලතල හැසිරවීමේ බලය පැවරෙන්නේ ස්ථාපිත කිරීමට යෝජිත "ව්‍යවස්ථාදායක මණ්ඩලයටය". මෙම ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සංයුතිය නියෝජිතයන් 9 දෙනාගෙන් 6 දෙනෙක්ම සුළු ජාතිකයන් බව කියවේ. මේ අනුව ජන අනුපාතයෙන් 70% වූ සිංහල නියෝජනය ව්‍යවස්ථාදායක මණ්ඩලය තුළ සුළුතරය බවට පත් කර රටේ ජාතියේ අනාගතය පිළිබද තීරණ ගැනීමේ බලය සුළුතර සුළුජාතීන් අතට පත්වනු ඇත. ඒ අනුව ව්‍යවස්ථාදායක මණ්ඩලයට යටත් වන ස්වාධීන කමිෂන් සභාවල නියෝජිතයන් පත්කිරීම, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්, පොලිස්පති ඇතුළු ඉහළම පෙළේ රාජ්‍ය නිළධාරීන් පත් කිරීම ඉවත්කිරීම ප්රමුඛව සමස්ථ රාජ්‍ය පරිපාලන යන්ත්‍රණයම සුළු ජාතිකයන්ට අවශ්‍ය ආකාරයට හැසිරවිය හැකිවේ. ඉහළ සිට පහළටම සමස්ථ රාජ්‍ය පරිපාලන ව්‍යුහයම ද්‍රවිඩ, මුස්ලිම් සුළු ජාතිකයන්ගේ ග්‍රහණයට හසු වීමෙන් බහුතර සිංහලයන්ට අත්වන ඉරණම ගැන අමුතුවෙන් පැහැදිළි කළ යුතුද.
සිංහලයාටත්, සිංහල බෞද්ධ සංස්කෘතියටත් මේ රටේ හිමි තැන අහිමි කරවීම සදහා බ්‍රිතාන්‍යයන් විසින් ද්‍රවිඩ ජාතිවාදය නිර්මාණය කර තව දුරටත් නඩත්තු කරගෙන යයි. 1820 තරම් ඈත යුගයේදි මුල් වරට බ්‍රිතාන්‍යයන් පත් කළ ව්‍යවස්ථාදායක මණ්ඩලයෙන් සුළුතර ද්‍රවිඩයන් හා බහුතර සිංහල නියෝජනය "එකට එකක්" ලෙස සමතැන් ගැන්වීය. එයින් ඇරඹුණු සිංහලයා දේශපාලනිකව දුර්වල කිරීමේ කුමන්ත්‍රණය 1930 ගණන්වල ජී.ජී. පොන්නම්බලම් රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ ද්‍රවිඩ නියෝජනය පනහට පනහේ (50% ක් ද්‍රවිඩයන්ට. ඉතිරි 50% සිංහලයන්ට සහ අනිත් සියලුම ජාතීන්ට. ඒ 50% නුත් සිංහලයන්ට සුළුතරය) අසාධාරණ ඉල්ලීම දක්වාත් රට සභා හා වඩුක්කෝඩේ සම්මුතිය හරහා උතුරේ වෙනම ද්‍රවිඩ රාජ්‍යයක් දක්වාත් ද්‍රවිඩ ජාතිවාදය සන්නද්ධ ත්‍රස්තවාදය දක්වා පෝෂණය කරමින් නඩත්තු කරේ බ්‍රිතාන්‍යයන් ප්රමුඛ බටහිර යටත් විජිතවාදීන්ය. ඒ බහුතර සිංහල බෞද්ධයා දේශපාලනිකව බෙලහීන කර සුළුතර ද්‍රවිඩයන්ගෙ අණසකට යටත් කර මේ රටේ හිමි තැන අහිමි කිරීම සදහාය. කතෝලික පල්ලියද ඊට අඩුවැඩිය සපයමින් එදා මෙන්ද අදත් ද්‍රවිඩ බෙදුම්වාදය වෙනුවෙන්ම කොන්දේසි විරහිතව පෙනී සිටිති.
එසේනම් ප්රශ්නය අලුත් වටයකින් නැවතත් ඇරඹෙන්නේ පටන් ගත්ත තැනින්මය. එදා පර සුද්දන් ව්‍යවස්ථාදායක මණ්ඩලය හරහා සිංහලයාගේ දේශපාලනය බලය සුළුතරය ඉදිරියේ බෙලහීන කළ ආකාරයටම අද මහ සුද්දියගේ මේස් නැති අත ඇල්ලීමෙන් සර්වාංගයම පිනා මහ උජාරුවෙන් එයම වන වනා බටහිර වන්දනයේ යෙදෙන නිවට පරගැතියන් හා කලු සුද්දන් ලවා සිංහලයා නන්නත්තාර කරවීමේ නව මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිටිති. මෙවැන් වූ භයානක පසුබිමක සියල්ලටම වඩා දේශපාලන චරිත වට වන්දනාවේ යෑමට මුල්තැන දී ඇති ජාතිකවාදී බලවේග වලින් 19 සංශෝධනයේ සිංහලයාට යන එනමං නැතිකරන මෙවන් අගතිගාමී යෝජනාවලට එරෙහිව ජනමතය ගොඩනැගීමේ වගකීම ගිලිහීයෑම ද ජාතියේ අවාසනාවකි. සිංහල බෞද්ධ ජාතිකවාදී ව්‍යාපාරයේ ඉදිරිගාමී අපේ උන්ද කපටි දේශපාලකයන්ගේ අතකොලු වෙමින් ඒ ඒ දේශපාලන පක්ෂවලට ගැතිකම් කරමින් තමන් ගැසූ කතිරයට වාල්කම් කරමින් ටොයියන්ගේ බයියන්ගේ පිල්වලට ගාල් වෙමින් ජාතික අරමුණ දෙවන තැනට දමා ඇණකොටා ගත්තොත් තව ටික දවසකින් අපට සිංහල කොඩිය වෙනුවට ජාතියේ මළගම වෙනුවෙන් සුදු කොඩි එසවිමට සිදුවනු ඇත.
19 සංශෝධනය
[41 A. (1) d, e, f උපඡේද]
බුකියේ පලවූ අදහසක් උපුටා ගැනීමකි. මෛත්‍රී ආණ්ඩුවක් වෙනුවෙන් බුකිය තුල වෙහෙසුනු චරිතයක විග්‍රහය
විධායක ජනාධිපති ක්රමයේ දුර්විපාකයන් දස වසරක් තිස්සේ අත්විඳි අපට යළිත් "ආයුබෝ වේවා මහරජාණෙනි" ඇසීමට අවශ්‍යතාවක් නැත.. හරි හෝ වේවා, වැරදි හෝ වේවා, රජාට හිතෙන දේ කරන ඒකාධිපති ආණ්ඩුවක් දැකීමට මට අවශ්‍ය නැත.. රජාට පමණක් නොව රජ පැටවුන්ටද දෙකට තුනට නැවී පශ්චාත්භාගය සිපාචාර කරන සමාජයක් දැකීමට මට අවශ්‍ය නැත.. 19 වන සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළකිරීමේ පදනම එයයි..
එහෙත් 19 වන සංශෝධනය එහි වර්තමාන ස්වරූපයෙන් ගෙන ආවොත් එමගින් රටේ සිංහල බෞද්ධ අනන්‍යතාවට බරපතළ තර්ජනයක් එල්ල වීමේ අවදානමක් පවතින බව, 19 සංශෝධනය යළි කියැවීමේදී පෙනී යයි.. විශේෂයෙන්ම එම අවදානම නිර්මාණය වනුයේ සංශෝධනය පුරාම නැවත නැවත සඳහන් වන "බහුවාර්ගික අනන්‍යතාව" යන වචන ඛණ්ඩය හේතුවෙනි..
පළමුවෙන්ම 19 සංශෝධනය මගින් යෝජිත ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය සළකා බලමු.. එය ගණනින් සාමාජිකයන් 10 දෙනෙකි.. එහි සභාපති කතානායක වන අතර අගමැති සහ විපක්ෂ නායක අනිවාර්ය සාමාජිකයන් වේ.. මේ හැර, මෙහි තවත් සාමාජිකයන් 7 දෙනෙකු වෙති.. [41 A. (1) d, e, f උපඡේද]
* ජනපති විසින් නම්කරනු ලබන - 1
* අගමැති, විපක්ෂ නායක දෙදෙනාගේම යෝජනා සම්මතයෙන් පත්කරනු ලබන, කිසිදු දේශපාලන පක්ෂයකට අයත් නොවන - 5
* අගමැති / විපක්ෂ නායක දෙදෙනාගේ පක්ෂවලට අයත් නොවන සුළු පක්ෂවල බහුතර ඡන්දයෙන් පත්කරනු ලබන - 1
මෙම සාමාජිකයන් කිසිවෙකු හෝ ඉවත් කරනුයේ නම් ඒ සඳහා අගමැති-විපක්ෂ නායක දෙදෙනාගේම අනුමැතිය අවශ්‍ය ය..
ව්‍යවස්ථාදායක සභාවට පත්කරනු ලබන සාමාජිකයන් වෘත්තීය සහ සමාජයීය වශයෙන් ආදර්ශනීය විය යුතු අතර ඔවුන්ගේ ධුර කාලය වසර 3 කට සීමා වේ..
මෙම සාමාජිකයන්ගේ වැදගත්කම සුළුපටු නොවේ.. පහත සඳහන් සියලු ආයතනවල මුල්පුටු තීරණය වනුයේ මොවුන්ගේ අනුමැතිය මත වන අතර එම අනුමැතිය නොමැතිව ජනාධිපතිට අදාළ ආයත ප්‍රධානීන් පත්කිරීම් හෝ ඉවත් කිරීම් කළ නොහැක.. මෙසේ ව්‍යවස්ථාදායක සභාවේ ඍජු අධීක්ෂණය යටතේ පත්කරන්නේ කවර ආයතන වල මුල් පුටු ද?
- මැතිවරණ කොමිසම
- රාජ්‍ය සේවා කොමිසම
- ජාතික පොලිස් කොමිසම
- විගණන කොමිසම
- මානව අයිතීන් කොමිසම
- අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම
- මූල්‍ය කොමිසම
- සීමා නිර්ණ කොමිසම
- ජාතික ප්‍රසම්පාදන කොමිසම
- විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම (UGC)
- රාජ්‍ය භාෂා කොමිසම
එසේම, පහත සඳහන් ධුරයන් සඳහා ද, මෙකී ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියකින් තොරව පත්කිරීම් කළ නොහැකි වේ...
- අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්
- අභියාචනාධිකරණ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්
- අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති හැර අන් සියලු ධුර,
- නීතිපති
- විගණකාධිපති
- පොලිස්පති
- ඔම්බුඩ්ස්මන් (පරිපාලන කටයුතු පිලිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්)
- පාර්ලිමේන්තු මහලේකම්
ව්‍යවස්ථාදායක සභාවට පැවරෙන අසීමිත තීරක බලය ගැන මීට වඩා උදාහරණ සැපයීම අනවශ්‍ය යැයි සිතමි.. මගේ ප්‍රශ්න ඇරඹෙන්නේ මෙතැනිනි..
1. රටේ සමස්ත ක්‍රියාපටිපාටිය නිර්ණය කරන මෙවැනි අතිශය භාරදූර තීරණ ගැනීමට, කිසිදු ජනතා ඡන්දයකින් පත් නොවූ පුද්ගලයන් 7 දෙනෙකුට බලය පැවරීම සාධාරණ ද?
2. මෙම සාමාජිකයන් 7 දෙනාගෙන් 5 දෙනෙකුම පත්කරනු ලබන්නේ "ලංකාවේ බහුවාර්ගික අනන්‍යතාව නියෝජනය වන පරිදි" යැයි කීමේ අරමුණ කුමක් ද? එතකොට ජනවර්ග කීයක් නියෝජනය කළ යුතු ද? රටේ ප්‍රධානතම ජනවර්ග විභේදනය පහත ආකාර වේ.. සිංහල-බෞද්ධ, සිංහල-රෝමානු කතෝලික, සිංහල-රෝ.ක. නොවන, දමිළ-හිංදු, දමිළ-රෝ.ක., දමිළ-රෝ.ක. නොවන, මුස්ලිම්, ජා, ලාංකේය මරක්කල, ලාංකේය නොවන මරක්කල, මැලේ, බර්ගර් සහ වෙනත් යනුවෙනි.. දැන් මෙතැනම ජනවර්ග කීයක් ද? මේ සියල්ලන්ටම නැතත් ප්‍රධාන කීපය ගතහොත්, ඒ සියල්ලන්ටම ලැබෙන්නේ එක ආසනය බැගින් ද? එසේ කිරීමේ ඇති සාධාරණය කුමක් ද?
3. රටේ මෙතරම් වැදගත් තීන්දු තීරණ සමුදායයක් කෙරෙහි දායක වීමේ භාරදූර වගකීම පැවරෙන පුද්ගලයන් අවිවාදයෙන්ම රටේ ඉන්නා හොඳම තීරණ ගන්නවුන් විය යුතු ය.. මෙකී පුද්ගලයන් තොරණ නිශ්චිත නිර්ණායක දක්වා නැත්තේ ඇයි?
4. බහුවාර්ගික අනන්‍යතාව රැකිය යුත්තේ මෙකී ව්‍යවස්ථාදායක සභිකයන්ගේ පමණක් නොව, ඔවුන් විසින් අදාළ ධුර සඳහා නම්කරනු ලබන පුද්ගලයන් සඳහා ද වේ.. දැන් එතකොට කොමිසම් සඳහා පත්කරන පුද්ගලයන් පත්කරන්නේ සුදුසුකම් බලා නොව, අර කී ඊනියා බහුවාර්ගිකතාව නිරූපණය කරන පරිදි ද?
5. අවසාන වශයෙන් මෙකී ව්‍යවස්ථාදායක සභිකයන් සම්බන්ධයෙන් බලපවත්වන නීතිය කුමක් ද? ලතින් කියමනකින්ම කියන්නේ නම් "Quis custodiet ipsos custodes?" — "Who will guard the guards?"
විධායක තටු කැපීමට මම කිසිසේත් එරෙහි නොවෙමි.. එහෙත් මෙවැනි භයානක ලෙස අවභාවිතයේ යෙදිය හැකි නෛතික සිදුරු සහිත නීතියක් යටතේ ස්ථාපිත, "සියල්ලට ඉහළින් ඉන්නා" ඇරිස්ටෝක්‍රසියක් කෙරෙහි මම කිසිසේත් විශ්වාසය නොතබමි.

Code:
[SIZE=3]කඩුව[/SIZE]
19 සංශෝධනය
Code:
http://sinhalanews.readsrilanka.com/wp-content/uploads/2015/03/19th_amendm.pdf
බුකියේ පලවූ අදහසක් උපුටා ගැනීමකි. මෛත්‍රී ආණ්ඩුවක් වෙනුවෙන් බුකිය තුල වෙහෙසුනු චරිතයක විග්‍රහය
Code:
[URL="https://www.facebook.com/cjdrox?fref=nf"]Chameera Jeewantha Dedduwage[/URL]

Last edited: