19 වෙනි සංශෝධනය සෙප්පඩ විජ්ජාවකි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    19 වෙනි සංශෝධනය සෙප්පඩ විජ්ජාවකි

    19 වෙනි සංශෝධනය සෙප්පඩ විජ්ජාවකි - Same wine in a Same bottle

    copyright: Maathalan blogspot




    11159986_1124048494279312_1192224737219809760_n.jpg


    19 ගැන කීමට ඇත්තේ එය සෙප්පඩ විජ්ජවක් බවය. ඒ ගැන ඇත්ත කිව්වේ, අපේ විමලේ පමණය. එයැයි කිව්වේ, නයෙක් ගෙනෙන්න හැදුවත්, අන්තිමේ ගෙනාවේ ගැරඬියෙක් කියලාය. සහතික කරණා ලද, පට්ට පල් අමූලීක ඇත්තය. විමල් අගය කිරීම සම හරෙකුට අබ්ලික් යාමට කාරනයක් උනත්, සිහි බුද්ධියෙන් සහ සිහි කල්පනාවෙන් මාතලන් කියවන උන්ට එය අරුමයක්ද නොවන්නේය.

    මාතලන් ඡන්දය විමසන දා කියා සිටියේ, මෙය ජයගතහොත් සිරිසේන ලොක්කාගේ ජයක් මෙන්ම, පැරදුනත් දිණුවත් එහි හිමිකම මහින්ද මහත්තයාටත් අත්වන බවය. ඇත්තටම සිඳු වූයේ කුමක්ද? 19 සම්මත උනා කියා විධායකය අහෝසී වූවාද? ඡන්දය විමසන අවස්ථාවේ රූපවාහිනි සජීවී සාකච්ඡාවකට සහභාගී වෙමින් සිටී මේ ආන්ඩුව පත් කිරීමට මහා කැපවීමක් කළ "දඹර අමිල" හිමි කීවේ දැන් ඉතින් මලත් කමක් නැතෙයි කියලාය.

    එක්කෝ සංශෝධන පිළිබඳව අවභෝධයක් නැතිව මෙය දෙසුවාද, එසේ නොමැති නම් "සම්මත වීම" යන වචන දෙකෙන් ස්වයං වින්දනයට පත්ව මේ දේ කීවාද යන්න පැහැදිලි නැති උනත්, උන් වහන්සේ මෙයින් කෙතරම් උද්ධාමයට පත් වූයේද යත්, හාන්දුරුවරු මැරෙන්නේ නැති බවත් අමතකම වෙලා ගියෙය.

    සිරිසේන උන්නැහේ බලයට පත් උනේ, විධායකේ අහෝසි කරනවා කියලාය. එයා වෙන මළදානයක් කිව්වේත් නැතිය. කොටින්ම හොරු අල්ලනවා කියා කිව්වේත් නැතිය. එක දවසක් එයාර්පෝට් එක වහනවා කියා, ඊළඟ දවසෙ, පැරදුනොත් අම්බානක කන්න වෙන නිසා, එහෙම එකක් කිව්වේ නැතෙයි කියා දිවුරා කීවේය.

    කොහොම හරි එයා එයාර් පෝට් වැහිලි කෙසේ වෙතත්, රට හැදිල්ලා පැත්තක දමා, එයත්, ඒ එයාර් පෝට් එකෙන්ම ළොකේ වටේ යන්න පටන් ගත්තේය. සක්කරයාගෙන් ඉන්විටේසොන් ආවත්, "රට හදලා පස්සේ එන්නම් ඔයි.." කියා කිව්වේ නැතිය. මුලින්ම 7 දෙනාගෙන් පටන් ගත්ත ටුවර්, දැන් 40-50 වෙලාය.

    විධායකය අහෝසී කිරිමේ අවංක උවමනාවක් ඇති බව මුල් දින කිහිපයේදි සැමටම පෙනී ගියේය. එහෙත් රනිල් වලි කෑවේ, විධායක ජනපති කම අහෝසි කොට, එය විධායක අගමැති කමක් කර ගැනීමටය. මෙහිදි අනුන්ට බණ දේශනා කොරනා එජාප මන්ත්‍රීන්ට, තමන් ඉන්නේ අමු හෙළුවෙන්ය කියා නොතේරුනාද, එසේ නොමැති නම්, අනෙක් උන් අලි නොව හරක් කියා සිතුවාද යන්න යරියට කිව නොහැකි නමුත්, අලින් යැයි කියා ගන්නා උන්ද අමු හරක් බව නම් මැදිහත්ව බලනා ඔනෑම කෙනෙකුට අවභෝධ වෙන්නට පටන් ගත්තේය.

    උන් කියුවේ මෙය පුද්ගලයින්ට අනුගත කරන්න යන්නේ නැතිව, රට ගැන හිතා, අනාගතය ගැන හිතා, 19 ට සප් එක දෙන්නෙයි කියලාය. ඒත් ඇත්තටම උන් හිතුවේ ඇක්සැකටිව් පවර් අරගෙන අනෙක් උන්ට පොරි හැලෙන්න දීලා, සිරිසේන හාල්පාරුවෙක් කොට, එයාලට බලේ අල්ලා ගන්නටය. විධායකය එපා කියනා ඉතාම සුළු පිරිසට, විධායක ජනපති කෙනෙක් මෙන්ම විධායක අගමැති කෙනෙක්ද ඕනා නැතිය. කොටින්ම මේ රට පාළණය කොරන්න රජෙක් අවශ්‍ය නොවනා අතර, අවශ්‍ය වන්නේ රට දියුණු කළ හැකි නායකයින් පිරිසක් පමණය.

    19 න්, විධායකය අහෝසි වූයේ නැත. සම හරක් ලියුවේ ජේ ආර් ගේ ව්‍යවස්ථාව සිරිසේන කුණු බක්කියට දැමුවේ, වෙස්සන්තර කෙනෙක් මෙන් යැයි කියාය. ජේ ආර් ලොක්කා මේ පිච්චු කතා අහලා දිවිය ළෝකේ ඉඳන් පුකෙන් හිනා වෙනවා ඇතිය. සිරිසේන මහතා තමන්ගේම පින් අනුමෝදනාව තමන්ම කර ගනිමින්, බලය අත් හැරි මහා වීරයෙක් ලෙස තෙපර බාද්දි, එජාපයේ ඥාති හිත්මිත්‍රාදීන් මේස වලට තට්ටු කරමින්, පැන් වඩා සාධූ සාධූ යැයි කිවෝය.

    ෆෙඩප් වෙලා සිටි රනිල් නම් කිව්වේ, කිසිවකුත් බලාපොරොත්තු වූ දේවල් මේ මඟින් ඉටු නොවූවත්, මක්කා හරි කොරගත්තු එක, කක්කා කොරනවාට වඩා හොඳයි කියලාය. විපක්ෂ නායක, නිමල් නිදිකුම්බරද සිල්වා කිව්වේ, ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන දිනයක්ය කියලාය. රන් අකුරෙන් ලියවීම කෙසේ වෙතත්, එහෙම මක්කාද උනා කියා, ඊළඟ දවසේ පත්තර වල පොල් ගෙඩි අකුරෙන් ජනතාව ගොනාට අන්දලා තිබුනේය.

    විධායකය අහෝසී උනේ නැතිය. ඇත්තටම උනේ මිහිඳු මහ රජානන් විසින් ගෙනා 18 එකාධිපති ව්‍යවස්ථාව අහෝසී වීම හා රනිල්ගේ 17 වැනි කොමිසොන් සභා ටික නැවත පන ගැන්වීම පමණි. විධායකයේ බල තල එසේමය. අන්තිමේ උන් බැලුවේ 225 දෙනා ත්ව ටික කාළයක් ආතල් ගන්න හැටි විතරය. එහෙම නැත්නම් සංසෝධන ඔක්කෝම කපාපු හිස් කොලේකට ආන්ඩුවේ උන්, "අපි කැමඤියි.." ගාන්නේ නැතිය.

    දෙපැත්තෙම උන් එකතුවී රාජපක්ෂලාට නම් කෙලලාය. මහින්දට 3 වෙනි වර ඉල්ලන්න බැරිය. බැසිල්ට හා ඝෝඨාට, හයිබ්‍රිඩ් පුරවැසියන් නිසා ඉල්ලන්න බැරිය. එයාලගේ නොම්මර එකේ සට්ටැඹියෙක් වන කොලස් ඩටාටත් ඒකෙන් කෙල වෙනවාය.

    විධායක බලය භාවිතා කරමින් මෙතුවක් කරනා ලද තුච්ඡම ක්‍රියාවලිය වන, රටේ සියළුම ජනතාව පිලිකුල් කරනා, පිල් මාරු කල විට මන්ත්‍රී ධූරය අහෝසි නොවීම, තවමත් එසේමය. මෙයින් සිඳු වන්නේ කුමක්ද? තවත් ගල් ආඳෙකු ජනපති වූ දිනෙක, විපක්ෂයේ උන් මිළදී ගෙන යලිත් 18 පණ ගැන්වීම නොවේද...?

    මේ සෙප්පඩ විජ්ජාවෙන් ජහ මනයා රැවටීමට, ජනාධිපති තුමා නීල කාස හොරුන් සමඟ පාර්ලිමේන්තුවේ නයිට ගැසූ දිනයේ පටන් එක එක ජාතියේ සෙල්ලම් දැම්මේය. එසේ නොමැති නම්, වමේ නාකි හම්පඩ ලොම් හැලිච්ච රජ තුන් කට්ටුව කෙසේ වෙතත්, දිනේෂ්ලා, විමල්ලා, බන්ධුලලා, රත්තරන්ලා, මහින්දානන්දලා, නයනලා, සමා වෙන්න, වෙල්ගමලා, "පක්ෂා.................යි..." ගාන්නේ නැතිය.

    අනෙක, නීල කාස හොරුන් අල්ලා ගැනීම සඳහා පිහිටවු FCID එක ගැසට් කිරීම ගැන පක්ෂේ උන් ඇහුවාම, "අනේ එහෙම එකක් මං ඥඥ්ඤේ ඤෑ හිටං...." ගාන්නේ නැතිය. නියම නායකයකු නම් කියන්නේ, "මොකා ගෙනාවත් ඒක නම් පට්ට වැඩක් හිටං...." කියලාය.

    නීල කාස හොරුන්, මිනීමරුවන්, කුඩු කාරයන්, කසිප්පු කාරයන්, එතනෝල් බුවාලා මෙන්ම රට හූර කෑ මහ උනුත් ඊළඟ මැතිවරණයේදී සිරිසේන ලොක්කාගේ නායකත්වයෙන්, සංධානයෙන් නොමිනේසොන් ලබා ආවොත්, එදාට කවුරුවත් කළබල විය යුතුත් නැත්තෙය.

    එදිනේ, සාධරන සමාජ හදන්න හැදූ සෝභිතලාටත්, මලත් කමක් නැතෙයි කිව් දඹර අමිලලාටත්, නිර්මාල් ප්‍රමුඛ සිවිල් පොරවල් වලටත්, අඳනවල හා කලිසමේ මළ පහ වූවොත්, කිසිවකුත් පිලිකුල් භාවනා වඩා නිවන් දකින්නට ලෑස්ති වනවා හෙම නෙමේය.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    අපි බලාපොරොත්තු උන ගානට බලය අඩු උනේ නැහැ. බලමු පස්සේ සංශෝදනයක් ගෙන එයිද කියල එත් තිබුන විදියට නම් ඕකත් ඇති.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩු පාඩු තියනවා තමයි. එත් හොද දේවල් තියනවා. මහින්ද හිටියනම් මොකක් වත් නැහැ නේද??
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අඩු පාඩු තියනවා තමයි. එත් හොද දේවල් තියනවා. මහින්ද හිටියනම් මොකක් වත් නැහැ නේද??

    මහින්ද මෙහෙම බලය බෙදා හැරීමක් ගැන කතා කලේ නැහැනෙ. ඉතින් මේක වෙන්නෙ නැහැ මහින්ද යටතෙ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    19 වෙනි සංශෝධනය සෙප්පඩ විජ්ජාවකි - Same wine in a Same bottle

    copyright: Maathalan blogspot

    [/SIZE]

    කැනඩාවේ ඉදන් මෙහෙට රෙමෝට් පුක දෙන්න එපා ඉතින්
     

    Peter Quinn

    Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    එතකොට 18 මොකද්ද බං ...

    18න් වැඩි උන බලතල ගොඩක් මේකෙදි අඩු වෙලා තියනවා.. 18 තිබුනේ නැත්නම් මේ සංශෝදනය තව ගොඩක් සාර්ථක වෙන්න තිබ්බා... කොහෙද ඉතින් සදහටම ජනාදිපතිකමේ ඉන්නනෙ හිටියේ...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කැනඩාවේ ඉදන් මෙහෙට රෙමෝට් පුක දෙන්න එපා ඉතින්

    මාතලන් ඉන්නෙත් රට බන්. මාතලන් කියන්නේ මහින්ද විරෝදියෙක් පට්ට විදියට. මන් හිතන්නේ බිංගෝ මතලන්ගේ ලිපියක් දාපු මුල්ම වතාව. එතකන් මු වැඩි හරියක් දැම්මේ අජිත් පැරකුම් ගේ ඒවා. එත් අජිත් මහින්දට ගහන්නගත්තම එක නත්ව්ත්තුව:lol: හැගේ හරි එකක් කොපි පේස්ට් කරනවා කියවන්නේ වත් නැතුව
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මාතලන් ඉන්නෙත් රට බන්. මාතලන් කියන්නේ මහින්ද විරෝදියෙක් පට්ට විදියට. මන් හිතන්නේ බිංගෝ මතලන්ගේ ලිපියක් දාපු මුල්ම වතාව. එතකන් මු වැඩි හරියක් දැම්මේ අජිත් පැරකුම් ගේ ඒවා. එත් අජිත් මහින්දට ගහන්නගත්තම එක නත්ව්ත්තුව:lol: හැගේ හරි එකක් කොපි පේස්ට් කරනවා කියවන්නේ වත් නැතුව

    අනාත කුකුලෙක් :lol::lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මාතලන් ඉන්නෙත් රට බන්. මාතලන් කියන්නේ මහින්ද විරෝදියෙක් පට්ට විදියට. මන් හිතන්නේ බිංගෝ මතලන්ගේ ලිපියක් දාපු මුල්ම වතාව. එතකන් මු වැඩි හරියක් දැම්මේ අජිත් පැරකුම් ගේ ඒවා. එත් අජිත් මහින්දට ගහන්නගත්තම එක නත්ව්ත්තුව:lol: හැගේ හරි එකක් කොපි පේස්ට් කරනවා කියවන්නේ වත් නැතුව

    ඇයි බන් මූ ලංකා ඊ නිව්ස් එකේ ලිපියකුත් කෝට් කරල දාල තිබ්බෙ ... වෙනදට ඕක "ලංකා ඊ නිව්ස් :rofl:" කියල කොමෙන්ට දාන එකා අප්පච්චි මැරුණට පස්සෙ බංකොලොත් වෙච්ච තරම

    හරි සන්තෝසයි මටනම් :lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි බන් මූ ලංකා ඊ නිව්ස් එකේ ලිපියකුත් කෝට් කරල දාල තිබ්බෙ ... වෙනදට ඕක "ලංකා ඊ නිව්ස් :rofl:" කියල කොමෙන්ට දාන එකා අප්පච්චි මැරුණට පස්සෙ බංකොලොත් වෙච්ච තරම

    හරි සන්තෝසයි මටනම් :lol:

    :shocked: ඔව් ඔව් කුරුට්ටෝ කුරුට්ටෝ කියලා කුමර්ගුනරත්නම් ගැනත් කිවුව මතකයි :lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද මෙහෙම බලය බෙදා හැරීමක් ගැන කතා කලේ නැහැනෙ. ඉතින් මේක වෙන්නෙ නැහැ මහින්ද යටතෙ.

    එතින් එකනේ මහින්ද පරාද උනේ