1948න් පස්සෙ පාලකයො රට කෑවා කියන එක මන් පිලිගන්නවා. ඒකෙ දෙකක් නෑ.
ඒත් උබලා සුද්දගේ කාලෙ(overrated) ඕනෙවට වඩා හොඳයි කියලා හිතනවා මන් හිතන්නෙ. මොකද තමන්ගෙ රටට තේ,පොල්,රබර්, කුලුබඩු ගෙන්න ගන්න තියාගත්තු කොලනියකට ඔච්චර හොඳට සලකන්නෙ නෑනෙ බන් කවුරුවත්.
සුද්දො infrastructure දියුණු කලේ උන්ගෙ බලය පවත්තගන්න පහසු වෙන්න සහ තේ, පොල්, රබර් ඉක්මනට කොලඹ වරායට ගෙන්න ගන්න. අදටත් තේ දලු කඩන ඉන්දියන් දෙමල මිනිස්සු ගෙනත් දැම්මෙ ලාබෙට වැඩේ කරගන්න. උන් ඉස්කෝල හැදුවෙ උන්ගෙ පාලක පන්තියෙ ඉන්න සුදු හා කලු සුද්දන්ගෙ ලමයින්ට.
ඉන්දියාවෙත් අපේ වගේම සුද්දො තමා infrastructure හදන්න පටන් ගත්තෙ. හැබැයි මට හිතෙන්නෙ සුද්දො ඉන්දියාවට අපට වඩා හූරා කාලා තියෙනවා. (දෙවනි ලෝක යුද්ද කාලෙ එහෙම ).
හැබැයි ඉන්දියාවයි, ලන්කාවයි නිදහසෙන් පස්සෙ ගියෙ පාරවල් දෙකක. ඒකයි අපි අද මෙහෙම වෙලා තියෙන්නෙ. හැබැයි නිදහසට කලින් ලන්කාවෙ සාමාන්‍ය මිනිස්සු උඹලා හිතන තරම් සුඛිත මුදිත ජීවිතයක් ගෙව්වා වෙන්න බෑ.
Queen Elizabeth II visiting St. Michael and All Angels Church, Polwatte (Colombo) during her visit to Ceylon in 1954
සුද්දො තේ වවලා, අඩු පඩියට වැඩ අරන් සල්ලි හොයාගෙන, දඩයම් කරලා, බඩු ගහලා, උන්ගෙ ලමයින්ට හොඳ ඉස්කෝල හදාගෙන ආතල් එකෙ ඉඳලා ආයේ කොලඹ එන්න හදාගත්ත පාරවල් ටික අපට ආදරේට හැදුව ඒවා කියලා දකින්න එපා.