ඝෝෂාකාරී ගීත හේතුවෙන් බස් රථ මගීන් මුහුණ දී ඇති ගැටලු මග හරවා ගැනීම මෙහි අරමුණින් ජනවාරි මස 01 වනදා සිට සුභාවිත ගීත විකාශය නොකරන පෞද්ගලික බස් රථ පිළිබඳ පැමිණිලි 1955 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සුභාවිත ගීත 1000කින් යුත් සංයුක්ත තැටියක් සකස් කර එය එළඹෙන 31 වනදා පෞද්ගලික බස් රථ හිමිකරුවන්ට බෙදා දීමට නියමිතව අැති අතර ජනවාරි මස 01 වනදා සිට බස් රථවල මෙම සංයුක්ත තැටියේ ඇති ගීත ප්‍රචාරය කළ යුතු වනවා.
ඒ අනුව අදාළ ගීත ප්‍රචාරය නොකර ඝෝෂාකාරී ගීත යළි ප්‍රචාරය කළහොත් 1955 අංකයට පැමිණිලි කළ හැකි බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරන්නේ.