1977-1989 පාර්ලිමේන්තුවේ සංයුතිය - මන්ත්‍රී ආසන ගණන - 5/6 බලය

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    1977දී පැරණි ව්‍යවස්ථාවෙන් තිබුණ මැතිවරණයෙන් UNP 5/6 බලයක් ලබාගත්තා. හැබැයි මේ කියන්නේ මන්ත්‍රී ආසන කීයක්ද කියන එක ගොඩක් අයට idea එකක් නෑ

    ඒ කියන්නේ ඒ කාලේ තිබුන විදියට ආසන 168න් 140ක්. 140/168=5/6.

    සංයුතිය:-
    140 - UNP
    18 - TULF (දෙමල සන්ධානය)
    8 - නිදහස් පක්ෂය
    1 - CWC(තොන්ඩමන්) (JRගේ දෑත් ශක්තිමත් කර ඇමති කෙනෙක් වුනා)
    1 - ස්වාධීන (ප්‍රේමචන්ද්‍ර විජේසිරි - හාරිස්පත්තුව ආසනය)

    විපක්ෂ නායක වෙන්නේ TULF එකේ අමිර්තලිංගම්. මෙම පාර්ලිමේන්තුව 1983 දක්වා වලංගු වීමට නියමිතව තිබුනේ.

    1978 අළුත් ව්‍යවස්ථාවෙන් සමානුපාතික ඡන්ද ක්‍රමය නිසා පාර්ලිමේන්තු ආසන 196ක් නියම වුනා, 1989දී 14 වෙනි සංශෝධනය(ජාතික ලැයිස්තුව) නිසා එය අද තියෙන 225 නියම වුනා.

    නමුත් 1978 මන්ත්‍රීලා 168ක් පමණක් සිටිය නිසා නැවත පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන තුරු පාර්ලිමේන්තුවට තේරුණු 168 දෙනාගෙන් කරගෙන යන්න අන්තර්වාර ප්‍රතිපාදනයක් හදාගෙන තමා අලුත් ව්‍යවස්ථාව සම්මත කරගත්තේ. මන්ත්‍රී කෙනෙක් මැරුනොත් හෝ කලොත් ඡන්දයක් තියන්නේ නැතිවම පක්ෂයට කැමති කෙනෙක්ව දාගන්න තමයි තීන්දු කලේ(මනාප ක්‍රමය 1977 චන්දෙදි තිබුනේ නැති හින්දා අද කාලේ වගේ ඊළඟට ලයිස්තුවේ ඉන්න එක්කෙනාට දෙන්න විදියක් නෑ).

    1980දී සිරිමාවෝගෙ(නිදහස් පක්ෂය - අත්තනගල්ල ආසනය) ප්‍රජා අයිතිය ඉවත් කරලා මන්ත්‍රී ධූරය ඉවත් කරනවා. ඒ වෙනුවට ලක්ෂ්මන් ජයකොඩි පත්කර ගන්නවා නිදහස් පක්ෂය විසින්.

    1982 ප්‍රථම ජනාධිපතිවරණය JR ජයවර්ධන ජයග්‍රහණය කිරීමෙන් පසු සිදු කර 4 වෙනි සංශෝධනය හා ජනමත විචාරණය(ලාම්පු කලගෙඩි සෙල්ලම) අනුව පාර්ලිමේන්තුව 1989 දක්වා වලංගුතාවය දිගු වෙනවා.

    ජනමත විචාරණයදී UNP එක 1977 දිනාගත් ආසන වලින් 18ක පරාජයට පත්වෙනවා. ඒ 18 සඳහා අතුරු මැතිවරණ පැවැත්වීමට JR තීරණය කරනවා, ඒවායින් 14ක් UNP යලි ජයග්‍රහණය කරන අතර නිදහස් පක්ෂය 3ක්(අනිල් මුණසිංහ-මතුගම, අමරසිරි දොඩන්ගොඩ-බද්දේගම, රිචඩ් පතිරණ-අක්මීමන) හා මහජන එක්සත් පෙරමුණ 1ක්(දිනේෂ් ගුණවර්ධන-මහරගම) ජයග්‍රහණය කරනවා.

    1983 කළු ජූලියෙන් පස්සේ සම්මත වුණු 6 වෙනි සංශෝධනය(වෙනම රාජ්‍ය සැදීමට දායක නොවන බවට දිවුරා පොරොන්දු විය යුතු වීම) හා ලාම්පු කලගෙඩි සෙල්ලමට ඇති විරෝධය නිසා දෙමල සන්ධාන(TULF උතුරු නැගෙනහිර) මන්ත්‍රීලා 18 දෙනාගේම මන්ත්‍රී ධූර අහෝසි වෙනවා. මේ වෙනුවට වෙනත් අය පත්කරගන්නෙත් නැහැ. මෙම නිසා නිදහස් පක්ෂයේ අනුර බණ්ඩාරනායක විපක්ෂ නායක ධූරයට පත් වුනා.

    1983න් පස්සේ 1989 දක්වා උතුරේ දෙමල ජනතාවට පාර්ලිමේන්තු නියෝජනයක් තිබුනේ නෑ.

    1983-1989:
    ආණ්ඩු පක්ෂය: 137 (UNP 136+ CWC 1)
    විපක්ෂය: 13 (11 SLFP, 1 MEP, 1 Independent)
     
    Last edited:

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,713
    2,601
    113
    නිධානයක් උඩ
    1970 ජන්දෙන් යූඇන්පියටත් කෙලවෙනවා. පක්ශ නායකයා ජේආර් පරදිනව. පොර එලියෙ ඉදන් පක්ශෙ හදනව අවුරුදු හතෙන් ශ්‍රීලංකා එක අටට බස්සන්න.
     
    • Like
    Reactions: haunte