වාහන මිල නම් වැඩී මේ කාලේ හැබැයි එහෙමයි කියලා ඉස්සරහට අඩු වෙයිද කියන්නත් බෑ අවශ්‍යතාව අනුව ගැලපෙන එකක් ගන්න මචං.
නඩත්තු වියදම් (annually), manufactured year, number of previous owners ල ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. 2010 ජපන් වාහනයක් උනත් නඩත්තුව අවුල් නම් මාරාල තමයි මේ වෙද්දී. අනික මේ වෙද්දී අවුරුදු 14 ක් 2010 එකකටත්. Milage එක නම් කරකවපු එකක් වීමේ ලොකු ඉඩක් තියෙනවා

ඒ නිසා හොදට දන්න කෙනෙක් එක්ක ගිහින් චෙක් කරන්න. යට දිරුම්, කලින් පේන්ට් ගහපුවා ගැන හොදට බලන්න. ටොයොටා වාහනයක් නම් ටොයොටා ලංකා එකෙන්ම චෙකින් එක දාගන්න පුළුවන් ද කොහෙද (Not sure). ඔය එක එක වාහන වල ගුණ අගුණ ගැන Facebook group එකක් තියෙනවා නම මතක විදියට "රථවාහන ගුණදොස්" වෙන්න ඕනේ. එකේ ඔයා ගන්න ඉන්න මොඩල් වල නම ගහල සර්ච් කරන්න. වාහනේ ආවේණික දෝෂ, parts availability වගේ දේවල් ගැන හොඳ අවබධයක් ගන්න පුළුවන්. Good luck
(තව දෙයක් අමතක උනා වාහනේ windscreen, shutter වල වීදුරු replace කරපු වද කියලත් බලන්න. මගේ යාලුවෙක් හිටිය පොර රට යන්න කලින් car sale එකක් කළා පොර වාහන ගද්දී හොයන දේවල් ගැන ඒ කාලේ කියනවා. ඒ මතකෙන් තමයි මේ ටික ලිව්වේ. තව ඒව කියන්න ඇති ඌ එකපාර මතක් වෙන්නේ මෙච්චරයි



)