ඩොලර් ටෝක්ස්
පසුගිය ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණයක් විදියට ඔවුන් ඩොලරය රු 130ට ආසන්නයේ පවත්වා ගත්ත මිසක් ඔය අගය සැබෑවටම ඩොලරයට ලැබිය යුතු අගය නෙමේ. මොකද කියනවානම් හුවමාරු අගය නිදහසේ වෙනස් වෙන්න දුන්නෙ නෑ. රාජ්‍ය මුදල් විශාල ප්‍රමානයක් වැය කරල තමා ඩොලරය රු130හේ තියාගත්තෙ. විශාල ලෙස ආනයනය වැඩි රටක් විදියට ඔවුන් කල්පනා කරා ඩොලර් එක නියතව තියාගන්න. ඒකෙ වාසිය ජනතාවට දෙන්න.
මේ රජය ප්‍රතිපත්තියක් විදියට ඩොලරය පාලනය කිරීමට දක්වන දායකත්වය අඩුයි. ප්ලෑන් එකේ හැටියට 2020 වෙනකොට ඩොලරය සම්පූර්නයෙන්ම නිදහසේ පාවෙන්න ඉඩ අරින්න තමා සූදානම. ඒ නිසා... හිර කරපු නැති ඩොලර් එකේ සැබෑ අගයන් දැන් දැන් අපිට පේන්න තියෙනව. 2020 වෙනකොට ඕක බොහෝ විට රු 170 පැනල තියේවි. රජයේ මේ ප්‍රතිපත්තියට හේතුව අපනයන මාක්ට් එක වර්දනය කරගැනීමත්, රජයේ මුදල් නිකරුනේ වැය කිරීම අවම කිරීමත් කියල තමා කියන්නෙ.
එනයින්....දිනපතා ඩොලරයේ අගයන් ෆේස් බුක් පෝස්ට් දමමින්, ඉන්ද්‍රජිත් කුමාරස්වාමිටත් ආර්තික ටෝක්ස් ඉශූ කරන්න කලිං මේ ප්‍රතිපත්ති දෙකේ වෙනස සහ ගුණාගුණ ගැන දැනුවත් වෙන්න.... ස්තූතී...
Copied from Pandula Nayana Bandara