2 A/L Exams this year

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගය නව හා පැරැණි නිර්දේශ වශයෙන් කොටස්‌ දෙකක්‌ යටතේ පැවැත්වෙන අතර නව නිර්දේශ විභාගයේ සෑම විෂයකම බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සංඛ්‍යාව පනහ දක්‌වා අඩු කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ප්‍රශ්න සංඛ්‍යාව අඩු වුවද ප්‍රශ්න පත්‍රයට නියමිත කාලය සංශෝධනය නොකෙරේ.

විෂයය නිර්දේශයන් දෙක සඳහා පෙනී සිටින අයදුම්කරුවන්ගෙන් වෙන වෙනම අයදුම්පත් කැඳවන අතර පැරැණි නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටින්නන්ගෙන් පෙබරවාරි මස තුන්වැනි සතියේදී ද නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ගෙන් අප්‍රියෙල් මාසයේදී ද අයෑදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

නව නිර්දේශය යටතේ සකස්‌ කෙරෙන බහුවරණ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න සංඛ්‍යාව පනහ දක්‌වා අඩු කෙරෙන්නේ විභාගය ලිහිල් කිරීමේ අරමුණින් නොව ලකුණු යෙදීමේ පහසුව සඳහා බව විභාග කොමසාරිස්‌ ජනරාල් අනුර එදිරිසිංහ මහතා "දිවයින" ට පැවසීය.

මෙතෙක්‌ පැවැති ආකාරයට බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න හැටේ ලකුණු ප්‍රමාණය සියයට පරිවර්තනය කිරීම ගැටලු සහගත වූ බවත් ප්‍රශ්න සංඛ්‍යාව පනහ දක්‌වා අඩු කිරීමෙන් පසුව සියයට පරිවර්තනය කිරීම පහසු වන බවත් ඒ මහතා කීවේය.

නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටින පෞද්ගලික අයෑදුම්කරුවන් ඉදිරියේදී දැනුවත් කරන බවද අනුර එදිරිසිංහ මහතා සඳහන් කළේය.

විභාගය ලිහිල් කරන්නේ ද යන්න පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දුන් ඒ මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බවය.


Source: www.divaina.com
 
  • Like
Reactions: X_tiGer_X

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    අපිනම් නුලෙන් බේරුනා...
    මේ අව්රුද්දෙ පට්ට අමාරු වෙන සීන් එකක් තියෙන්නේ....
     

    Similar threads