කම්මැලිකමට වැඩ කල් දාන්නන්ට කියාපු උපක්‍රමයක් මේකත්. මේකෙන් කියන්නේ මොකක්හරි වැඩකට අපිට ගත වෙන්නේ මිනිත්තු දෙකයි නං ඒ වැඩේ දැක්කද හිතුනද මේ දැම්මම ඒක කරන්න කියලා.
මේක ඇදහිය නොහැකි තරම් බලවත් කියන්නේ හේතු කීපයක් නිසා,
ඔන්න හිතන්නකෝ මම සාලේ ඉඳල කුස්සියට යන අතරේ දකිනවා උදේ බීපු තේ කෝප්පෙ තාම මේසෙ උඩ.
අපි හිතමු මට කාමරේ පිලිවෙලට තියාගන්න හොඳ පුරුද්දක් ගොඩනඟා ගන්න ඕනේ ඒත් මං ඒ වැඩ කරන්න කම්මැලියි කියලා. ඔන්න මං දැන් two minute rule එක්ක වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න කාමරේට එද්දී මං දකිනවා හවස ගෙට ගත්තු ඇඳුම් සේරෝම තාමත් අර අත්භූත පුටුව උඩ. (එහෙම එකක් තියෙනවා නේද හැමෝගෙම කාමරේ) සුටුස් ගාල ඒ ටික නවන්න විනාඩි දෙකක් නම් යන්නේ..just do it! හරි දැන් විනාඩි දෙකෙන් ඔක්කොම ඇඳුම් නැව්වා. බලද්දි අක්කගෙ ඇඳුම් දෙක තුනකුත් එතන, ඉතින් ඒක එයාගෙ කාමරෙන් තියල එන්න යන්නේ විනාඩි 2 කට අඩු කාලයක් කියලත් මට මතක් වෙනවා.. කාමරේට ඇවිදින් ඇඳ උඩ නවල තියෙන ඇඳුම් ටික දැක්කම ආයිමත් හිතෙනවා මගෙ අල්මාරියෙන් ඒ ටික අහුරන්නත් යන්නේ විනාඩි 2 යි කියලා.. just do it ! ඔන්න බලන්නකො ඉතින් මිනිත්තු කීයද ගියෙ කියල ඒ ටික කරන්න ?
හිතන්නකො ඒ වැඩේ මම සතිඅන්තය වෙනකම් තියා ගත්ත නම්, සතියක ඇඳුම් කන්දක් පුටුවට ඇවිල්ලා මට විනාඩි දෙකක් ගියපු වැඩේ ඒ වෙද්දී මිනිත්තු 30 ක විතර ලොකු වැඩක් වෙනකං ගොඩ ගැහිලා. 🫠 ලොකු වැඩ කීපයක් කරනවට වඩා චූටි චූටි වැඩ ගොඩක් කරන එකේ පීඩනය අඩුයි. ඉතින් ඇත්තටම මේක පිටිපස්සෙ තියෙන්නෙ ඒක. ඒ කියන්නේ මේකෙ ඉලක්කය වෙන්නේ විනාඩි දෙකක එක වැඩක් එක්ක තවත් එවැනි බොහෝ දේ කරන්නට පෙළඹීම.
ඉතිං මේ කියන්නෙ සරලවම යම්කිසි වැඩකට යන්නෙ මිනිත්තු දෙකක් නම් ඒක to do list එකට දාන්න එපා. ඒ කියන්නෙ පස්සෙ කරනවා කියල හිතන්න එපා. ඒක ඒ මොහොතෙම, ඒ විනාඩි දෙක ඇතුළත කරල දාන්න. සරලයි. නමුත් බලවත් ! මේ උපායෙන් අපි නොදැනුවත්වම අපි කරන්න කම්මැලි වෙන චූටි චූටි වැඩ ගොඩක් දවස ඇතුළත කරල ඉවර කරන්න පුළුවන්. හොඳම දේ ඒව අපි කරන්නේ අකමැත්තෙන් නෙවෙයි. අභිප්‍රේරිත මනසකින්. Game එකක් විදියට හිතමින් මම මාත් එක්කම තරඟ කරමින්.. එතකොට වැඩ කල් ගිහින් වැඩ ගොඩ ගැහෙන්නෙ නැති නිසා මානසික ආතතියත් අවමයි. මේක එදිනෙදා ජීවිතේ පුරුද්දක් කරගත්තම ඔයාගෙ Productivity හුඟාක් ඉහළ මට්ටමකට ගන්න පුළුවන්. ඉතිං බලන්නකො වටපිට.. මිනිත්තු දෙකෙන් ඉවර කරන්න පුළුවන් වැඩ කීයක් නම් පේනවද ?
