20 ගැන විශේෂ රූපවාහිනී සංවාදය
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මපන්පිල මහතා විසින් කරන ලද අභියෝගයට අනුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රූපවාහිනී විවාදය සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහෝදරයා සහ ජවිපෙ මධ්‍යමකාරක සභික පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ සහෝදරයා සහභාගි වීමට නියමිතය. 20 වැනි සංශෝධනය විජිත හේරත් සහෝදරයාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකි.
එම රූපවාහිනී සංවාදය හිරු ටීවී නාලිකාවේ බලය වැඩසටහන ඔස්සේ ජූනි 14වෙනිදා රාත්‍රී 10.30ට විකාශය වීමට නියමිතය. එම සංවාදය සඳහා ගම්මන්පිල මහතාගේ ආරාධනයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාද සහභාගි වන බව හිරු ටීවී නාලිකාවට දන්වා තිබේ.