20 වෙනි සංශෝධනය මෙන්න

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඇමතිලා ගාන තීරණය කරන්නේ ජනාදිපති 30ක් තිබ්බ එක අයින් කරලා නියමෙට තියෙයි.
     
    • Haha
    Reactions: Identity

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    හෙට උනත් මීලග ජනපතිවරනය තියන්න පුලුවන් වෙනස අනුව
    අවුරුදු 30න් නාමල්ට ජනපතිකම:lol:
    එන්න කො අපි එකතුවෙලා හය්යෙන් ගයමු
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    දැන් ගැසට් කර ඇති, 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන කෙටියෙන්


    ප්‍රජාතන්ත්‍රවාදය කිසිදා, ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වයට යා යුතු යැයි මම නොසිතමි. නමුත්, අවාසනාවකට 20 වන ව්‍යවස්ථා සංශෝධනය බැලූ බැල්ලමටම, රාජ්‍යකරණය ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වයට කරා දක්කායෙන යාමට සැකසූ පාරුවක් බව නොකියාම බැරිය.


    1. ජනාධිපති මුක්තිය නැවත වරක් හදුන්වාදීම
    2. ව්‍යවස්ථා සභාවේ සංයුතිය වෙනස් කර සිවිල් පුරවැසියන් ඉවතට
    3. විගණන සේවා කොමිසමට පත් කිරීම ව්‍යවස්ථා සභාවට පිටින්
    4. ප්‍රසම්පාදන කොමිෂන් සභාවට පත් කිරීම ව්‍යවස්ථා සභාවට පිටින්
    5. පොලිස්පති පත් කිරීම නැවතත් ජනපති අතට
    6. නීතිපති පත් කිරීම නැවතත් සම්පූර්ණයෙන්ම ජනපති අතට
    7. ඇමති මණ්ඩලයේ 30 සීමාව ඉවතට (කැමති ඇමතිවරු සංඛ්‍යාවක් පත් කිරිමේ බලය ජනපතිට)
    8. රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු 40 සීමාව ඉවතට (ජනපතිට කැමති රාජ්‍ය/නියෝජ්‍ය ඇමති සංඛ්‍යාවක්)
    9. පාර්ලිමේන්තුව රැස්වී අවුරුද්දකට පසු විසිරුවාහැරීමේ අවස්ථාව
    10. හදිසි පනත් නැවතත් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ හැකියාව
    11. මැතිවරණ කොමිෂන් සභාවේ කොන්ද කඩයි. (රාජ්‍ය නිලධාරීන්ට නියෝග නිකුත් කිරීමේ බලය සහිත 104 උ වගන්තිය ඉවතට)
    12. ජනාධිතිවරයෙකු වීමට අවම වයස 35 සිට 30 දක්වා අඩු කෙරේ
    13. ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ වැඩ බැලීමේ පත්වීම් ජනාධිපති අභිමතයට
    14. අධිකරණ සේවා කොමිසමේ කටයුතු ( 111 වගන්තිය - අනේ මංදා අපේ අධිකරණයට මොනවා වේවිද මංදා)
    15. 153 වගන්ති ඉවත් කිරීම - අතිශයින් විනාශකාරීවීම හා රාජ්‍ය නිලධාරීන්ට දේශපාලනඥයින් හා එක්ව සිතු සේ කටයුතු කිරීමේ හැකියාව ඇති කරයි.
    16. 91 (1) XIII ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකි බව ට වන කොටස ඉවත් කිරීම

    රජිත් කිර්ති තෙන්නකෝන්
    දකුණු හා මධ්‍යම පලාත් හිටපු ආණ්ඩුකාර