20 හරහා විරුවා අැමරිකාවට පු# දීම

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    FB_IMG_1601852948044.jpg


    20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අයිතිකරු ගෝඨාභය රාජපක්ෂ සේ පෙනුණත් එහි සැබෑ අයිතිකරු එක්සත් ජනපද අධිරාජ්‍ය බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පසුගියදා (24දා) කොළඹ පැවැති “20 කාගෙද _ කාටද” ප්‍රසිද්ධ සම්මන්ත්‍රණය්දී පැවැසීය.

    පාලකයකුගේ දක්ෂකම යනු සියලු ආයතන උපයෝගි කර ගනිමින් සැවොම සමඟ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීම මිස සියලු බලතල තමා සතු කරගෙන රජකු සේ වැජඹීම නොවන බවද ඒ මහතා කීය.
    ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

    “දහනව වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට තිබුණු බලතල ටිකක් අගමැතිවරයාටත් තව ටිකක් ස්වාධීන කොමිෂන් සභාවලටත් තව ටිකක් අධිකරණයටත් දුන්නා. දැන් මේ විස්සෙන් කරන්න යන්නේ මොකක්ද? මහින්ද රාජපක්‍ෂ මහත්තයා ළඟ තියෙන පොඩි බලයටත් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා කැමැති නැහැ. කලින් නම් පක්‍ෂ දෙකක දෙන්නෙක් දෙපැත්තේ හිටපු නිසා ගැටලු ඇතිවුණු බව කීවා. නමුත් බලය සම්බන්ධ ප්‍රශ්නයේදී අපේ රටේ ඉතිහාසයේ ලියැවිලා තියෙන්නේ තාත්තා මරලා පුතා රජ වුණු, අයියා මරලා මල්ලි රජ වුණු, රජතුමා මරලා බිසව රජ වුණු, රජා මරලා ‍ෙදාරටුපාලයා රජ වුණු ඉතිහාසයක්. ඒ නිසා අයියා අක්‍රිය කරලා බලතල ටික මල්ලිට ගන්නයි මේ සංශෝධනය ගෙනැවිත් තියෙන්නේ. වෙන අයත් එක්ක බලය බෙදා ගන්නේ කොහොමද?

    මේ හැම දේටම වැඩිය අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රය මේක ඇතුළේ තියෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ඡන්ද කාලයේ කියපුවා එකක්වත් කරන්න වෙන්නේ නැහැ.
    මැතිවරණ කාලයේ ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාගේ ප්‍රතිරූපය ගොඩනඟපු සමහර භික්‍ෂුන් වහන්සේලා, විද්වතුන් යැයි කියා ගන්නා උදවිය, සිවිල් සමාජය යැයි කියා ගන්නා අය, සමහර ජනමාධ්‍ය අපට පෙන්නුවේ ඇමෙරිකාවේ ඉඳලා ආපු නවීන සමාජයක් ගොඩනඟන දුරදකින සරල කෙනෙක් හැටියට, හොඳින් සැලැසුම් කරලා වැඩ කරන කෙනෙක් හැටියට. නමුත් දැන් තියෙන්නේ බාල වර්ගයේ රංගනයක් විතරයි. විස්ස ගේන කොටත් ඒ බැරිකම අපට පේනවා. 20 කෙටුම්පත මුද්‍රණයට යවලා තියෙන්නේ අගෝස්තු 28 වැනිදා. නිකුත් කළේ සැප්තැම්බර් දෙවැනිදා. සැප්තැම්බර් පළමුවැනිදා නීතිපති උපදෙස් ගන්න යැව්වා. සැප්තැම්බර් දෙවැනිදා හදිසි යෝජනාවක් විධියට ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරලා එවෙලේම සම්මත කරගත්තා. අලි සබි්‍ර මහත්තයා ඇමැති මණ්ඩලයට කියවපු එක කාටත් තේරුණාද දන්නෙත් නැහැ. ඒත් අත ඉස්සුවා. හැබැයි එළියට දැම්මාට පස්සේ ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයලා බලයට පත් කරන්න දරදිය ඇද්ද අයටත් ආත්මය බේරාගන්න විරෝධය පළ කරන්න සිදුවුණා. බෙංගමුවේ නාලක හාමුදුරුවෝ, මැ¾ඩිල්ලේ පඤ්ඤාලෝක හාමුදුරුවෝ වාගේම වීරවංශලා, ගම්මන්පිලලා විස්සට අත උස්සලා ඇවිත් එළියේදී අලුත් එකක් ගේනවා කිව්වා.

    නාට්‍යයේ ඊළඟ කොටස හැටියට අගමැති මහින්ද කමිටුවක් පත්කළා. ඒ කමිටුවේ ජී.එල්. පීරිස්, අලි සබි්‍ර උදය ගම්මන්පිල, විමල් වීරවංශ වගේ කැබිනට් ඇමැතිවරු පවා හිටියා. රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුත් හිටියා. විස්සේ අඩුපාඩු හොයන්න තිබුණේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න කලින්.
    ආණ්ඩු පක්‍ෂයේ ඉන්න අයට, ආණ්ඩුව බලයට ගේන්න වැඩ කළ අයට මේකට විරෝධය පළ කරන්න බැහැ. ආණ්ඩුවේ ඉඳගෙන තමන්ගේ ආත්මය බේරා ගන්න ජනමාධ්‍යවලට කියන කතන්දර මිසක් විස්සට විරුද්ධව ඇතුළේ කතා කරන්න බැහැ. ඒ අයගේ කෙඳිරිගෑම්වලට ජනතාව නොමඟ යා යුතු නැහැ.
    ජනතාවට වග කියන්නේ නැති, මහජන ආයතනවලට වග කියන්නේ නැති, නීතියට වග කියන්නේ නැති, තමන්ගේ හාම්පුතාට වග කියන සුපිරි බලයක් ගොඩනඟන්න මේ සංශෝධනය ගේන්නේ. සර්පයා සර්පයාමයි. මේ පවතින ධනේශ්වර ආයතනවලටවත් වග කියන්න මේ අය සූදානම් නැහැ. ඒකාධිපතිවාදයට වඩා ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය හොඳයි. නමුත් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය රාජාණ්ඩුවලට සාපේක්‍ෂව හොඳ වුණාට සූරාකෑම සහ කොල්ලකෑම කරගෙන යන බව අපි තේරුම් ගන්න ඕනෑ. මේ පාලකයෝ පෙන්නුම් කරන්නේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය පවා අහෝසි කර ම්ලේච්ඡත්වයේ ලක්‍ෂණ කරා ආපසු යන බවයි. තමන්ගේ පාලකයන් තෝරා පත්කර ගන්න මහජනතාවට ලැබුණු අවස්ථාව යොදාගෙන ධනේශ්වර ක්‍රමයේ අර්බුදයකදී ලබාදී තිබූ ප්‍රජාතන්ත්‍රවාදය පවා අකුළා දමමින් රාජාණ්ඩු ක්‍රමයක් නව අර්ථයකින් ස්ථාපනය කරන්න උත්සාහ කරනවා. ගෝඨාභය රාජපක්‍ෂලා කියපු නවීනත්වය මේකද? ගෙනැවිත් තිබෙන විසිවැනි සංශෝධනයේ මූලික කරුණුවලින් මේ බව පැහැදිලියි.

    අධිරාජ්‍යවාදීන්ට ජේ.ආර්.ගෙන් රනිල් වික්‍රමසිංහගෙන් කර ගන්න බැරිවුණු වැඩේ දැන් තමන්ගේ රටේ පුරවැසියෙක් වෙලා හිටපු ගෝඨාභය. රාජපක්‍ෂ ලවා කරගන්න උත්සාහ කරනවා. අධිරාජ්‍යවාදයේ අරමුණු වෙනුවෙන් මේ රටේ සමාජ ව්‍යාපාර, මහජන ව්‍යාපාර යටපත් කරගනිමින් යන බලයක් ගොඩනඟා ගන්න මේ උත්සාහ කරන්නේ. ඒ කාලයේ ජයවර්ධන මහත්තයාට කිව්වේ යැංකි ඩිකී කියලා. එයා එතරම්ම එක්සත් ජනපදයට කිට්ටුයි. දැනුත් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ඇමෙරිකානු පුරවැසියෙක් වෙලා හිටියා වාගේම දරු පවුලේ අය තාමත් ඇමෙරිකානු පුරවැසියෝ. බැසිල් රාජපක්‍ෂ මහත්තයා ඇමෙරිකාවේ පුරවැසිකම අයින් කරගන්නේ නැහැ කියලා කීවා. මේ රට හදන්න යනවා නම් රටට ඒ තරම්ම ආදරේ නම් ඇමෙරිකාවේ පුරවැසිකම තියාගෙන ඉන්නේ මොකටද? එදා යැංකි ඩිකීගේ තැනට අද ගෝඨාභය පත් වෙලා ඉන්නවා.
    අධිරාජ්‍යවාදීන්ගේ මේ ව්‍යාපෘතිය පරද්දන්න එක්සත් ජාතික පක්‍ෂයටවත් සජිත් ප්‍රේමදාස මහත්තයාටවත් බැහැ. සමහරු හිතාගෙන ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදය දිනාගන්න ඔක්කොම එකතුවෙලා වැඩ කරන්න ඕනෑ කියලා. එහෙම කාලයක් තිබුණා. ඒ වෙනුවෙන් කට්ටිය එකතුත් වුණා. ඒ එකතු වුණු කට්ටිය තමයි ගෝඨාභය මහත්තයාට එන්න පාර කැපුවේ. ඒ නිසා මේ සටන කරන්න වෙන්නේ නව ලිබරල්වාදය ගෙනාපු පිරිසගේම තවත් කොටසක් වෙච්ච කිසි කෙනකුට නොවෙයි. මතුපිටින් අල්ලාගෙන ඊළඟ බල ව්‍යාපෘතියට මේ ප්‍රශ්නය පාවිච්චි කරන්න උත්සාහ කරන තක්කඩි කණ්ඩායම් එක්ක මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. අවංකව මේ රට වෙනස් කරන්න කැමැති, ඒ වෙනුවෙන් අවංකවම සමාජ වෙනසක් කිරීමට අධිෂ්ඨානයෙන් වැඩකරන මේ රටේ මහජනතාව බලගන්වන්න අවංකව කැපවෙන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවංකව බලගන්වන්න දිගුකාලීනව කැපවෙන්න ලෑස්ති පිරිසක් එකතු කරගන්න ඕනෑ. ගොවි සංවිධාන, වෘත්තීය සමිති, කාන්තා සංවිධාන. ශිෂ්‍ය සංවිධාන වගේ බහුජන සංවිධාන ගොඩක් මේ රටේ තිබෙනවා. ජනාධිපතිකම ගන්නත් මහ ඡන්දය දිනා ගන්නත් කලින් කියපු කතා සහ දැන් කරන ක්‍රියා අතර දෙබිඩි රංගනයක්. එම්.සී.සී. එකට විරුද්ධව කෑගහපු කට්ටිය දැන් නිහඬව ඉන්නේ. ආර්ථිකය ගැන කතා කරපු කට්ටිය දැන් නිහඬව ඉන්නේ, දෙබිඩිකම දැන් තවදුරටත් කරන්න බැහැ. ජනතාවට ඇත්ත පේන්න පටන්ගෙන. විස්ස විසින් කරලා තියෙන්නේ ඇත්තටම ඒ අය කවුද කියන එක ජනතාවට පේන්නපු එක ඒ ගොල්ලෝ ගැන විශ්වාසය තියපු හැටනව ලක්‍ෂයක් පිරිසට ඇත්ත තත්ත්වය මෙතරම් ඉක්මනින් පෙන්නපු එක ගැන ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට ස්තුතිවන්ත වෙන්න ඕනෑ.

    ජනතා විමුක්ති පෙරමුනේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස
    මේ දේශපාලනය කෙතරම් විහිළුසහගතද කියලා කියනවා නම් දාහතටත් අත උස්සපු දහඅටටත් අත උස්සපු දහනවයටත් අත උස්සපු විසිහත් දෙනෙක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. විස්සටත් අත උස්සන්න බලාගෙන ඉන්න පිරිසකුත් මේ අය අතර ඉන්නවා. ඒ අය කෞතුකාගාරයේ තියන්න ඕනෑ. විධායක ජනාධිපති ධුරයේ බලය යම් කිසි ප්‍රමාණයක් කප්පාදු කරපු දහහත, දහනවය දෙකටත් අත් උස්සලා. ඒ බලය ආයේ එකතු කරන දහඅටට සහ විස්සටත් අත් උස්සනවා. මේකෙන් පේන්නේ විධායක ජනාධිපති ධුරය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පඹයෝ බවට පත් කළා කියන එක. ජනාධිපතිවරයා හිතන විධියට මන්ත්‍රිවරයා වැඩ කරනවා. හෘදය සාක්‍ෂිය, වියත්කම සහ ජනතා නියෝජනය අදාළම නැහැ. පක්‍ෂයක් හැටියට අපි 1978 සිටම මේකට එරෙහිව අරගල කරමින් මෙය අහෝසි කරන්න හැම උත්සාහයක්ම ගනිමින් සිටිනවා. පාර්ලිමේන්තුව තුළ එළියේ සටන් ව්‍යාපාර තුළ සටන ගෙන යනවා. ඒ සටන අපි අත්හැරලා නැහැ. ඒ සටන පාවිච්චි කරලා බලය ගත් අය ඒ සටනත් පාවා දීලා තියෙනවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ මේ සටනේ අඛණ්ඩව ඉන්නවා.”

    ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය
    “පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය තියෙන මොහොතක ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ තාර්කික පදනම විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණ පුළුල් කරන්න මිසක් හකුළා ගන්න නෙවෙයි. මෙච්චර බලයක් තියෙන රජයක් මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ ඉතිරි වී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයත් ආපසු හරවා 1978ටත් එහා ගිය ඒකාධිපති ස්වරූපයක් දරන්නයි.

    සාර්ථක වාම දේශපාලන ව්‍යාපාරයක මූලිකවම විය යුත්තේ ජනතාවට තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් හැකි තරම් පුළුල් කිරීම, ඒ සඳහා ව්‍යුහයන් ශක්තිමත් කිරීම, තමන් පිළිබඳව තීරණ ගැනීමට ජනතාවට තිබෙන අවස්ථා පුළුල් කිරීම. වාම දේශපාලනය කියන්නේ ජනතාව මත විශ්වාසය තබා ක්‍රියාත්මක වන දේශපාලන ව්‍යාපාරයක්. ජනතාව සූරාකෑම කරන දේශපාලන ව්‍යාපාරයක් කරන්නේ ජනතාව තර්ජනයක් හැටියට දැකීමයි. සූරාකෑම සහ කොල්ලකෑම සිදුකරන්නේ මේ ස්ථාවරයේ ඉඳලයි. ඒ වාගේම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමෙන් විවිධත්වය ආරක්‍ෂා කර ගන්නත් පුළුවන්.

    ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කර පුළුල් කරන්න නම්, ජනතාව සංවිධානය වීම ශක්තියක් ලෙස දකින, දේශපාලන සවිඥානික ජනතාව ආශීර්වාදයක් ලෙස දකින දේශපාලන ව්‍යාපාරවලට විතරයි. ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තටම ආරක්‍ෂා කරන්න පුළුවන්.

    මෙතෙක් කල් අපව පාලනය කළේ ජනතාව මත විශ්වාසය තැබූ පාලකයන් නොවෙයි. තමන්ගේ බල ව්‍යාපෘතිය සඳහා පාවිච්චි කරන්න පුළුවන් ඉත්තන් හැටියට ජනතාව යොදා ගත්තා. බලයට ආ පසු ජනතාව අදාළ වෙන්නේම නැහැ.

    අපි විස්සට විරුද්ධ වීම පමණක් ප්‍රමාණවත් නෑ. අපි නියම ප්‍රජාතන්ත්‍රවාදය දිනාගත යුතුයි.”

    අනුරාධා හේරත්
     
    Last edited:
    • Wow
    Reactions: amino

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ටින් වින් ජීවතුන් අතරද ? මම හිතන් හිටියේ නෙලුම් කුලුනෙන් පැන්න කියල....
     
    • Haha
    Reactions: batwise and SLK_sri

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ටින් වින් ජීවතුන් අතරද ? මම හිතන් හිටියේ නෙලුම් කුලුනෙන් පැන්න කියල....

    තොපි වගේ අමුවෙන් හරක් මස් කන පුක කළු සුද්දොන්ට ඉතිං හරියට රිදෙනවා මේව දැක්කහම..😂😂😂
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තොපි වගේ අමුවෙන් හරක් මස් කන පුක කළු සුද්දොන්ට ඉතිං හරියට රිදෙනවා මේව දැක්කහම..😂😂😂


    මේකේ ගන්න දෙයක් නෑනේ පොන්ස්...වැඩිම උනොත් ""අධිරාජ්‍යවාදී"" කියල තැන් 3නක ඇති....;-)
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ස' ඇවිත් රට හදයි කියලා කොහොමද බයියො ඒකාලෙ දුන්නු ටෝක්ස් ගොන්න. බයියොන්ගෙ වෝටිං බේස් එක කොහොමත් පහළ සහ පහළ මද්‍යම පාන්තික පපඩම් පන්තිය. උන්ට මේවා තේරුම් කරන්න අමාරුයි. උන් කැමති දේශප්‍රේමය කර උඩ තියන් වහල්ලු වගේ වෙන දෙයක් බලං ඉන්න. ටක් ගාලා අහුවෙනවා.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මේකේ ගන්න දෙයක් නෑනේ පොන්ස්...වැඩිම උනොත් ""අධිරාජ්‍යවාදී"" කියල තැන් 3නක ඇති....;-)

    සුද්ද හරක් මස් අමුවෙන් කන නිසා හරක් මස් අමුවෙන් කකා රහයි කියන තෝ වගේ අමු ගොන් බයි වහලෙක්ට මේවා තේරෙන්නෙ නෑ තමා.😂😂😂.

    ඒ කාලේ නම් බයියො ලෙමන් පෆ් කකා උද්ඝෝෂණ කරේ ඔය කිව්ව වචනේ ලොකු කරන්.😂😂😂
     
    • Haha
    Reactions: SLK_sri

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ප්‍රජාතන්ත්‍රවාදය තමයි ඇමරිකන් මොඩල් ස්ටේට් එකේ රන් වෙන්නේ.