20 Laks පොල්ලක්

රතුකොටු

Active member
  • Jun 18, 2013
    104
    78
    28
    මචන්ලා මගේ තාත්තා මිත්‍රයෙක් ගේ business එකකට support කරන්න 20 lacks දුන්න අවුරුදු දෙකකක කලින්.. එය මාස කීපයකින් දෙන්නම් කියල dated check එකකුත් දුන්න.. තාත්ත ඊටපස්සේ සල්ලි ඉල්ලන්න ගියාට පස්සේ දෙන්න බැරි ලයින් එකක් දීල ඒ දවස්වල.. ඒක හින්ද තාත්ත check එක deposit කරන්නේ නැතුව ඉදල මොකද return වෙයි කියල හිතල .. දැන් check එකට අවුරුදු දෙකක් විතර වෙනව expire වෙලා.. සල්ලිත් නෑ මිත්‍රයත් නෑ... lawyer කෙනෙක් ගෙන් අහල එතකොට එයා කියල නඩු කියල වැඩක් නෑ මොකද ඌ කියුවොත් මාසෙට 1000 ගානේ තමා දෙන්න පුළුවන් කියල ඒකට judge එකක වෙනවලු.. මට අද තමා සීන් එක කියුවේ මෙචර කල් හන්ගන් ඉදල.. මට තේරෙන්නේ නෑ දැන් මොනාහරි කරන්න පුළුවන් දෙයක් තියනවද කියල... ඔයාලගෙන් අදහසක් දෙන්න පුලුවන්නම් මොනාද කරන්න පුළුවන් කියල ගොඩාක් වටිනවා.. තාත්තගේ EPF ETF මුදල් තමා දීල තියෙන්නෙත්..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    තාත්ත ජොබ් එකකට යනවද??? නඩු වලට යන්න එන්න ටයිම් තියෙද?? වියදම ශේප් කරගන්න පුලුවන්ද?? නඩු දාපං, ඔය වගේ කාලකන්නි අතාරින්න එපා. නඩුවට නොගියත් නඩු දාපං. ඔයි කැරියට නිදහසේ ඉන්න දෙන්න එපා.
     
    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    Lawyer කියපු කතාවඇත්ත, නඩු වලටත් තව කීයක් හරි යන වැඩක්වෙන්නේ. වෙන ක්‍රම පාවිචි කරලා තමා ගන්න වෙන්නේ
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    කිසියම් පුද්ගලයෙක් ඔබට ගෙවීමට ඇති මුදලක් වෙනුවෙන් චෙක් පතක් ඔබට ලබාදුණහොත් එම අවස්ථාවේ එම චෙක්පතට මුදල් ලබාගත හැකිද නැද්ද යන්න ඔබ දන්නේ නැත.මන්ද එකී පුද්ගලයාගේ එකී චෙක් පතට මුදල් ලබාගැනීමට ප්‍රමාණවත් මුදලක් ඔහුගේ ජංගම ගිණුමේ තිබෙනවද?නැද්ද ?යන්න ගැන ඔබ දන්නේ නැත.බොහෝ ව්‍යාපාරිකයන් තමන්ගේ ගණුදෙනු කිරීමේදී ඉදරි දිනයක් යොදා චෙක් පතක් ලබාදෙයි.එවැනි අවස්ථාවක එකී ඉදිරි දිනය එළඹෙනතෙක් මුදල් ලබාගැනීමට චෙක් පත් ලාභියාට නොහැකිවේ.
    කෙසේ නමුත් අවංක ගණුදෙනු කරුවන් හා සමාන ව්‍යාජ ගණුදෙනු කරුවන් සමාජයේ සිටින බව හැඟෙන්නේ අධිකරණයක් ඉදිරියේ ඇති මුදල් නොගෙවීම් වලට අදාලව ඇති විශාල ප්‍රමාණයක් නඩු දෙස බැලීමෙනි.
    කෙසේ නමුත් ගණුදෙනු කිරීමේදී චෙක් පතක් ආශ්‍රයෙන් එකී ගනුදෙනුව කිරීම ඉතා ආරක්ෂාකරි ක්‍රමයක් ලෙස හැඳින්විය හැක.එයට හේතුව චෙක් පතකට මුදල් නොගෙවූ අවස්ථාවක සිවිල් සහ අපරාධ නඩු ක්‍රමයන් දෙකම හරහා නඩු පවරා ණය මුදල අයකරගැනීමට ඇති හැකියාවයි.
    පොරොන්දු නෝට්ටු මත එසේත් නොමැතිනම් සමාජයේ බහුලව මුදල් ණයට දීමේදී භාවිතා වන අත්කුවිතාන්ස හෝ ගිවිසුම් මත මුදල් ණයට ලබා දීමේදී අපරාධ නීතිය එකී මුදල් නොගෙවූ තැනැත්තාට එරෙහිව ක්‍රියාත්මක කළ නොහැකි අතර දිසා අධිකරණයේ සිවිල් නඩුකරයක් පැවරීමෙන් පමණක් යම් කිසි සහනයක් ලබාගත හැක.නමුත් සිවිල් නඩුවක් පවරා මුදල් අයවිය යුතු බවට තීන්දුවක් ලබාගත්තද පැහැර හැර ඇති පුදගලයාගෙන් එකී මුදල අයකරගැනීමට ප්‍රමාණවත් දේපලක් නොමැතිනම් බන්ධනාගාර ගතකිරීමක් කළ නොහැකි නිසා එකී මුදල අයකරගැනීමේ ක්‍රමයක් නොමැත.අපරාධ නඩුවක් පවරා වරදකරු වුවහොත් බන්ධනාගර ගතකිරීමේ අධිකරණ බලය අපරාධ අධිකරණයට ඇති නිසා දණ්ඩනයට බියවී සියයට අනුඅටකම පුදගලයන් එකී මුදල ප්‍රමාණය ගෙවීමට පෙළඹේ.
    මේ නිසා තමන්ට ලැබුණ චෙක් පතට මුදල් ලබාගැනීමට බැංකුවට ඉදිරිපත් කිරීමේදී බැංකුව එකී ගිණුම් හිමියාගේ ගිණුමේ මුදල් නොමැති බවට හෝ වෙනත් හේතුවක් මත මුදල් ගෙවීමට නොහැකි බවට ප්‍රකාශ කළහොත් වහාම චෙක් පත ලබාදුන් පුද්ගලයාගෙන් ඒ බව විමසිය යුතුවේ.කිසියම් හෙයකින් මුදල් ගෙවීම ප්‍රතිෂේප කරන්නේ නම් අදාල චෙක්පත බැංකුව වෙත නැවත ඉදිරිපත් කර චෙක් පතට මුදල් ගෙවීමට නොහැකි හේතුව බැංකු නිලධාරියාලවා සටහන් කරවා ගැනීම නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති පළමු අවශ්‍යතාවයයි.බැංකු විසින් චෙක්පත බැංකුවට ඉදිරිපත් කර අවස්ථාවක කට වචනයෙන් මුදල් ගෙවීමට නොහැකි බවට වන ප්‍රකාශය ප්‍රමාණවත් නොමැත.
    ඉන් පසුව එකී නොගෙවූ චෙක් පත සම්බන්ධයෙන් පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කිරීම කලයුතුවේ.චෙක් පතේ මුහුණත ඇති වටිනාකම් අනුව ඉහල වටිනකමක් දරන්නේ නම් ප්‍රදේශයේ පිහිටා ඇති විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පැමිණිලි කළ යුතුය.ඉන් පසුව පොලිසිය විසින් පාර්ශවයන් ගෙන්වා අපරාධ නඩුවක් එකී මුදල් නොගෙවූ පුද්ගලයට එරෙහිව වංචාව සහ සාපරාධි විශ්වාසය කඩකිරීම යන අපරාධ චෝදනා යටතේ නඩු පැවරීම කරයි.අපරාධ නඩුවකදී මුදල් ලැබීමක් අපේක්ෂා කළනොහැකි අතර මුදල් අයකරගැනීමට සිවිල් නඩුවක් දිසා අධිකරණයේ පැවරිය යුතුය.නමුත් ලංකාවේ මෙවැනි බොහෝ නඩු මහේස්ත්‍රාත් අධිකරනයේම වාරික වශයෙන් මුදල් ගෙ‍වා දෙපාර්ශවයන් සමාදනවීමේ ප්‍රවනතාවයක් ඇත.
    දිසා අධිකරණයේ මෙවැනි චෙක්පත් සම්බන්ධයෙන් කෙටි ක්‍රමයකින් නඩුව විභාග කළහැකි ආකාරයට පැවරිය හැක.
    වර්තමානයේ මෙවැනි ණය අයකරගැනීමේ කාර්ය පහසු කිරීම සඳහා 1990 අංක 2 දරණ ණය ආපසු අයකරගැනීමේ (විශේෂ විධිවිධාන) පනත පනවා ඇති අතර මෙම පනත යටතේ වානිජ්‍ය බැංකු සහ එකී පනත් 30 වන වගන්තිය යටතේ දක්වා ඇති මුල්‍ය ආයතනවල මෙම පනත යටතේ සිවිල් නඩු පැවරීමේ අයතිය ලබා දී ඇති අතර එවැනි නඩුවක් ඉතා ඉකමනින් අවසන් කළ හැක.
    කෙසේ නමුත ඉහත කී ණය ආපසු අයකරගැනීමේ පනත යටතේ අපරාධ නඩුවක් ඉහත කි ආයතනවල පමණක් නොව ඕනෑම පුදගලයෙකුට පැවරීමට අයිතිය ඇති බව ඉහල අධිකරණය තීරණය කොට ඇත.
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ලඟම යාලුවො කාලෙන් කාලෙට වෙනස් වෙනව.
    ඉස්කෝලෙ යාළුවො නෙමෙයි දැන් ඉන්නෙ, ජොබ් එක බ්‍රාන්චස් එහෙම වෙනස් වෙනකොට යාළුවොත් වෙනස් වෙනව.

    ඒ හින්ද මුදල්, ඇප එක්ක යාළුවො එක්ක ගනුදෙනු කරන්න එපා.

    මම දන්න එකෙක් ඇපේකට අත්සන් කරල අන්තිමට යාළුව ජොබත් දාල ගියා, කොහෙ ගිහින්ද දන්නෙ නෑ (ලේසිවට ඇතුලට යන්නත් අමාරු, පිළිගත් ආයතනයක හොඳ පඩියක් ලැබෙන ස්ථිර ජොබක්) .
    අරූගෙ පඩියෙන් තාම ණය කැපෙනව.

    ඒ දවස් වල මගේ බයික් එකේ රට වටේම හොයන්න ගියා.... වැඩක් වුණේ නෑ...
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මචන්ලා මගේ තාත්තා මිත්‍රයෙක් ගේ business එකකට support කරන්න 20 lacks දුන්න අවුරුදු දෙකකක කලින්.. එය මාස කීපයකින් දෙන්නම් කියල dated check එකකුත් දුන්න.. තාත්ත ඊටපස්සේ සල්ලි ඉල්ලන්න ගියාට පස්සේ දෙන්න බැරි ලයින් එකක් දීල ඒ දවස්වල.. ඒක හින්ද තාත්ත check එක deposit කරන්නේ නැතුව ඉදල මොකද return වෙයි කියල හිතල .. දැන් check එකට අවුරුදු දෙකක් විතර වෙනව expire වෙලා.. සල්ලිත් නෑ මිත්‍රයත් නෑ... lawyer කෙනෙක් ගෙන් අහල එතකොට එයා කියල නඩු කියල වැඩක් නෑ මොකද ඌ කියුවොත් මාසෙට 1000 ගානේ තමා දෙන්න පුළුවන් කියල ඒකට judge එකක වෙනවලු.. මට අද තමා සීන් එක කියුවේ මෙචර කල් හන්ගන් ඉදල.. මට තේරෙන්නේ නෑ දැන් මොනාහරි කරන්න පුළුවන් දෙයක් තියනවද කියල... ඔයාලගෙන් අදහසක් දෙන්න පුලුවන්නම් මොනාද කරන්න පුළුවන් කියල ගොඩාක් වටිනවා.. තාත්තගේ EPF ETF මුදල් තමා දීල තියෙන්නෙත්..
    1000 gane denna kiwwata judge agree wenne naha. Saadharana widihakata witharayi agree wenne.
    Police complaint ekak daanna. iita passe usawiye naduwakuth daanna. Police complain eka haraha remand karanna puluwan.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ලඟම යාලුවො කාලෙන් කාලෙට වෙනස් වෙනව.
    ඉස්කෝලෙ යාළුවො නෙමෙයි දැන් ඉන්නෙ, ජොබ් එක බ්‍රාන්චස් එහෙම වෙනස් වෙනකොට යාළුවොත් වෙනස් වෙනව.

    ඒ හින්ද මුදල්, ඇප එක්ක යාළුවො එක්ක ගනුදෙනු කරන්න එපා.

    මම දන්න එකෙක් ඇපේකට අත්සන් කරල අන්තිමට යාළුව ජොබත් දාල ගියා, කොහෙ ගිහින්ද දන්නෙ නෑ (ලේසිවට ඇතුලට යන්නත් අමාරු, පිළිගත් ආයතනයක හොඳ පඩියක් ලැබෙන ස්ථිර ජොබක්) .
    අරූගෙ පඩියෙන් තාම ණය කැපෙනව.

    ඒ දවස් වල මගේ බයික් එකේ රට වටේම හොයන්න ගියා.... වැඩක් වුණේ නෑ...
    :yes::yes::yes:
     
    • Like
    Reactions: PHBhagya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,620
    113
    සේදවත්ත
    S
    මචන්ලා මගේ තාත්තා මිත්‍රයෙක් ගේ business එකකට support කරන්න 20 lacks දුන්න අවුරුදු දෙකකක කලින්.. එය මාස කීපයකින් දෙන්නම් කියල dated check එකකුත් දුන්න.. තාත්ත ඊටපස්සේ සල්ලි ඉල්ලන්න ගියාට පස්සේ දෙන්න බැරි ලයින් එකක් දීල ඒ දවස්වල.. ඒක හින්ද තාත්ත check එක deposit කරන්නේ නැතුව ඉදල මොකද return වෙයි කියල හිතල .. දැන් check එකට අවුරුදු දෙකක් විතර වෙනව expire වෙලා.. සල්ලිත් නෑ මිත්‍රයත් නෑ... lawyer කෙනෙක් ගෙන් අහල එතකොට එයා කියල නඩු කියල වැඩක් නෑ මොකද ඌ කියුවොත් මාසෙට 1000 ගානේ තමා දෙන්න පුළුවන් කියල ඒකට judge එකක වෙනවලු.. මට අද තමා සීන් එක කියුවේ මෙචර කල් හන්ගන් ඉදල.. මට තේරෙන්නේ නෑ දැන් මොනාහරි කරන්න පුළුවන් දෙයක් තියනවද කියල... ඔයාලගෙන් අදහසක් දෙන්න පුලුවන්නම් මොනාද කරන්න පුළුවන් කියල ගොඩාක් වටිනවා.. තාත්තගේ EPF ETF මුදල් තමා දීල තියෙන්නෙත්..සෙට් ජ්
    සෙට් එකක් දාල කෙලපන් කකුල් කැඩෙන්න
     
    • Like
    Reactions: Ryan08

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,657
    1
    6,345
    113
    1000 gane denna kiwwata judge agree wenne naha. Saadharana widihakata witharayi agree wenne.
    Police complaint ekak daanna. iita passe usawiye naduwakuth daanna. Police complain eka haraha remand karanna puluwan.
    mth meka kynne giye... 1000 gaane dennm kiwwoth judge agree wenne uta iita wdaa gewnn bha kyl oppu kroth mma dnna wdhtnm... porataq iita wdaa denn plwnnm ubta ee plwn gaank hmbenv waarika wdht..