ඇයි 2000 පස්සේ ඉපදුනු උන් මෝඩයෝ කියල නාකි ගරහන්නේ. උබලට මතකද අපි තරුණ කාලෙත් වයස 35 - 80 අතර හිටපු වැඩිහිටි ජෙනරේෂන් අපිට ගරහනවා . ඒකම නේද උබලත් කරන්නේ. 2000 පස්සේ ඉපදුන උන් මෝඩයෝ කියන එක තාර්කික නැහැ. ඕනෑම ජෙනරේෂන් එකක මෝඩයෝ සහ බුද්ධිමත් පිරිස් ඉන්නවා. අපි තරුණ කාලෙත් හිටිය නේද බොළඳ පත්තර වන හිම රෝස. රේණු , රතු රෝස වගේ බොළඳ පත්තර බලන උන්. විශේෂයෙන්ම අපිට වඩා වයසින් ඉහල උන් ගොඩක් ඔය වගේ පත්තර බැලුව. ඉන් පස්සේ සුජීව ප්‍රසන්න ආරච්චිගේ කතා පොත් බලන උන් හිටියේ නැද්ද. ඒකයි කියන්නේ රැල්ලට වචන පාවිච්චි කර කර තරුණ ප්‍රජාවට ගරහන්න එපා කියල.
තව වසර 20 ගිය තැන ලංකාවේ ඉන්න විශේෂඥ වෛද්‍යවරු , දක්ෂ ලොයර්ස් ල , මහේස්ත්‍රාත් වරු , විද්‍යාඥයෝ , ඉංජිනේරුවෝ, දක්ෂ ක්‍රීඩකයෝ වගේ අය වෙන්නේ 2000 පස්සේ ඉපදිච්ච් උන් නොවේද.


