2002 සිදුවුනු මහනුවර නගරාන්තර සීග්‍රගාමී දුම්රිය අනතුර

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,927
    3,277
    113
    2002 සිදුවුනු මහනුවර නගරාන්තර සීග්‍රගාමී දුම්රිය අනතුර
    ===========================================

    අපේ රට ඉතා දරුණු දුම්රිය අනතුරු ගනනාවක්ම ඉතිහාසයේ සිදු වෙලා තියෙනවා කියන දේ ඔබ අපි හැමෝම දන්නා දෙයක්. සුනාමි දුම්රිය අනතුරෙන් පටන් ගන්නා ඒ ලැයිස්තුවේ විල්වත්ත දුම්රිය අනතුර, අලව්ව දුම්රිය අනතුර, යාංගල්මෝදර දුම්රිය අනතුර වගේම තවත් බොහෝමයක් අනතුරු ඉහල තැනක ඉන්නවා. නමුත් අද අපි මතකාවර්ජනය කරන්නේ ලංකා දුම්රිය ඉතිහාසයේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුරක් ගැනයි. ඒ මීට 16 වසරකට පෙර (2002 ජනවාරි 13) රඹුක්කන දුම්රිය ස්ථානයට ආසන්නයේ සිදුවූ දුම්රිය අංක 1030 මහනුවර නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය අනතුරයි.

    ලංකාවේ සාමාන්‍ය සීඝ්‍රගාමි දුම්රියකට වඩා නගරාන්තර දුම්රියක වෙනස්කම් බොහෝමයක් තිබෙනවා. දුම්රිය නවත්වන ස්ථාන, ආසන ප්‍රමාණය අඩු වුනත් ප්‍රවේශපත්‍රයේ මිලේ සිට අනෙක් බොහෝමයක් දේ සාමාන්‍ය සීඝ්‍රගාමි දුම්රියකට වඩා වැඩි වෙනවා. ඒ වගේමයි ඒ දුම්රියට ලැබෙන ප්‍රමුඛතාවයත්. ඔය හැමදේම කෙටියෙන්ම කියනවනම් ඉතින් ගාන වැඩි වුනත් යෑමක් තමා තියෙන්නේ.

    සාමාන්‍ය දුම්රියක වගේම නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියක රියදුරෙක් කියන්නේ ඉතාමත් බාරදූර කාර්යයක් කරන්නට සිදුවෙන පුද්ගලයෙක්. විශේෂයෙන්ම උඩරට මාර්ගයේ. දුෂ්කර මාර්ගයක කෙටි කාලයකින් දුම්රිය ගමනාන්තයට ගෙන යාම ඔබ සිතනවාටත් වඩා ඉතා අසීරු කාර්යයක්. ඉතින් ඒ නිසාම දුම්රිය රියදුරෙක් තමාට හිමි දුම්රියේ කැබ් එකට ගොඩ වෙන්නේ "මා ගෙනියන දුම්රියට, මගීන්ට කිසිදු කරදරයක් නොවී නියමිත වේලාවටම යන්න ලැබෙන්න" කියලා ප්‍රාර්ථනා කරමින්. ඉතින් එදත් මේ දුම්රිය ධාවනය කරන්න පැමිණි පලපුරුදු දුම්රිය රියදුරෙකු වූ K. L රංජිත් මහතා ද මේ දුම්රියට ගොඩවෙන්න ඇත්තේ එහෙම හිතලා වෙන්න ඇති.

    එදා (2002 ජනවාරි 13) ඉරිදා දවසක් වුනු අතරම තෛපොංගල් නිවාඩුවත් එම සති අන්තයේ යෙදී තිබුනු නිසා බොහෝ දෙනෙක් මේ දුම්රියේ ගමන් කරන්න සිටියා. ඉතින් එදත් වෙනදා වගේම උදෑසන 6.30ට පමණ M6 788 සමග මහනුවරින් ගමන් ආරම්භ කර කොලඹ බලා ධාවනය වූ 1030 මනහුවර-කොලඹ නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය නියමිත වේලාවට කඩුගන්නාවද පසු කරමින් ඉතා වේගයෙන් කඩුගන්නාව දුර්ගයට ඇතුල්වන්නේ ද සුපුරුදු පරිදිය. නමුත් නිමේෂයකින් වේගය ඛේදවාචකයක් බවට පත්වෙන්නේ දුම්රියේ ගමන් ගත් සියල්ලෝම විස්මයට පත් කරමින්. ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානය පසුවත්ම දුම්රියේ වේගය තවත් වැඩි වෙමින් ගමන් කරන්නට වුනේ රියදුරු රංජිත් මහතාට ද දුම්රියේ වේගය පාලනය කරගැනීමටවත් අවස්ථාවක් ලබා නොදෙමිනි. කෙසේ හෝ ඉතා වේගයෙන් පැමිනි ඒ දුම්රිය මාර්ගයේ 53 වන සැතපුම් කනුව පිහිටා තිබෙන කිරිවල්ලාපිටිය අසලදී පීලිපැනීමකට ලක්වී දුම්රිය එන්ජිම හැරෙන්නට අනෙක් මැදිරි 6ම අසල පිහිටි ගොඩගන්දෙනිය වෙල් යායට පෙරලෙන්නේ දුම්රියේ ගමන් ගත් සියල්ලෝම අනතුරට පත් කරමින්. සැනෙකින් ක්‍රියාත්මක වූ ප්‍රදේවාසීන් තුවාල කරුවන් රෝහල් කරා ගෙන යාමට ක්‍රියා කල අතර තැනින් තැන තිබූ මගීන්ට අයත් රන් ආභරණ, මිල මුදල් එක්කාසු කර පොලීසිය වෙත බාරදීමට ක්‍රියා කර තිබූ බවට සදහන් වෙනවා.

    මේ අනතුරින් 15 දෙනෙකු මියගිය අතර 200කට අධික පිරිසක් තුවාල ලබා මහනුවර, පේරාදෙනිය යන රෝහල් කරා ගෙන ගිය අතර අසාධ්‍ය තත්ත්වයේ සිටි රෝගීන් කොලඹ ජාතික රෝහලටද ඇතුලත් කෙරුනා. එහිදී පුගලයින් දෙදෙනෙකු මියගිය බවටද වාර්ථා වී ඇත. තුවාලකරුවන් අතර රියදුරා, නියාමක මහතුන් දෙදෙනා, ප්‍රවේශපත්‍ර පරීක්ෂක මහත්වරුන් 3ක් වගේම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනෙක්, පිරිමි පුද්ගලයෙක් හා ඉන්දියානු ජාතික පුද්ගලයෙක්ද සිට ඇති බවට වාර්ථා වී තිබෙනවා. මියගිය අය වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් රු. 10,000 ක වන්දි මුදලක්ද එකල ප්‍රධානය කර තිබෙනවා.

    අනතුරින් දුම්රිය දෙපාර්තමේන්තුවට මිලියන 100ක පමණ පාඩුවක් සිදුවූ අතර එම දුම්රියේ මැදිරි 5ක් අතහැර දැමීමටද සිදුවුනේ නැවත අළුත්වැඩියා කල නොහැකි පරිදි ඒවා විනාශවී තිබූ නිසා. අනතුරින් විනාශ වූ මාර්ගය එදින රාත්‍රියේම පිලිසකර කර පසුදා නැවත දුම්රිය ගමනාගමනය සකසා තිබෙනවා. මෙම අනතුර පිලිබඳව දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් පැවැත්වූ අතර එහිදී අනාවරනය වූයේ රියදුරා විසින් තිරිංග යෙදීම නිවැරදිව නොකිරීමත්, ඉහල වේගයකදී ඩයිනමික් තිරිංග යෙදුවද එමගින් වේගය පාලනය නොවීමත්, අධික වේගයකදී තිරිංග යෙදීමට උත්සහ කිරීමේදී දුම්රියේ බ්‍රේක් පලු අධික ලෙස ගෙවී තිරිංග පද්ධතිය හා සම්බන්ධ බොහෝ කොටස් උනුවී ගොස් තිබූ නිසා වැනි කාරණා හේතුවෙන් මෙම අනතුර සිදුවූ බවය.

    කෙසේ නමුත් මෙම දුම්රියේ රියදුරා වූ K.L. රංජිත් මහතා වයස අවුරුදු 43දී අකාලයේ මිය යන්නේ මෙම අනතුරින් පසු ඔහුට ඇතිවූ කායික ගා මානසික රෝගී තත්ත්වයන් නිසාය. මෙම අනතුරට ලක්වූ දුම්රිය මැදිරි 5ක් මෑතක් වන තුරු රඹුක්කන දුම්රිය ස්ථාන පරිශ්‍රයට ගෙනැවිත් දමා තිබූ අතර 2016 දී එම මැදිරි යකඩ වලට කපා දමන ලදී. අනතුරට ලක්වූ Class M6 788 දුම්රිය එන්ජිම නැවත අළුත්වැඩියා කර මේ වනවිටත් සේවයේ යොදවා තිබෙනවා..
     

    Attachments

    • FB_IMG_1609934545092.jpg
      FB_IMG_1609934545092.jpg
      7.1 KB · Views: 166
    • FB_IMG_1609934541199.jpg
      FB_IMG_1609934541199.jpg
      16 KB · Views: 167
    • FB_IMG_1609934527188.jpg
      FB_IMG_1609934527188.jpg
      55.2 KB · Views: 163
    • FB_IMG_1609934524197.jpg
      FB_IMG_1609934524197.jpg
      6.2 KB · Views: 159
    • FB_IMG_1609934519657.jpg
      FB_IMG_1609934519657.jpg
      6.4 KB · Views: 156
    • FB_IMG_1609934516949.jpg
      FB_IMG_1609934516949.jpg
      20.4 KB · Views: 166
    • FB_IMG_1609934514261.jpg
      FB_IMG_1609934514261.jpg
      14.4 KB · Views: 170

    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    ඔය තියෙන්නේ අපේ gama. ගෙදරට යන පාර ඔතන ඉදල අපේ ගෙදර තියෙන්නේ 300m විතර පස්සේ. මන් නිදාගෙන හිටියේ උදේ පාන්දර අම්ම ඇහැරෙව්වා ලොකු සද්දයක් ආවා කියල ප්ලේන් එකක් කඩ වැටුන වගේ කියල. මට තාම මතකයි එක. නිදිමතේ පිජාම එක ඇදන්ගියපු හැටි අවුරුදු 5ක් විතර ඇති ඒ කාලේ එතකොට. පෙට්ටි පෙරලිලා තිබ්බ ඔතන වංගුව පල්ලේ වෙල අඩි 30, 40ක විතර, වෙලේ පෙට්ටි තිබ්බ. ඒ යද්දී එන්ජිම තිබ්බා හරස් පාර ලගම පිලි පැනල මිනිස්සු ලේ පෙරාගෙන හිටිය, ගමේ අය, අපු අය වෙලට බැහැල මිනිස්සු අරන් ලොරි වල දාල යැව්වේ මඩ පෙරාගෙන. තාම මතකයි මට, පොරක් හිටියා මඩ නාගෙන ඔලුව තුවාල වෙලා ලේ ගල ගල එහා පැත්තේ ගෙදර ඉස්සරහ පුටුවක ඉදගෙන. TNL එකේ ය ඇවිත් හිටිය. මීට අවරුදු 5 6ක් වෙනකන් පෙට්ටියක දොරක් තිබ්බ ඔතන(oya 6 wedi pic eke tyna cart eka tynne gedarata yana para aine. oke dorak wend athi). දැන් නෑ.
     
    Last edited: