2004 සුනාමිය කියාදෙන පාඩම්

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    2004 සුනාමිය කියාදෙන පාඩම්

    සුනාමිය නම ඇසූ පමණින් අපට සිහියට නැ‍ඟෙන්නේ අමිහිරි මතකයන් කිහිපයකි. එම මතකයන් මෙම www.yahamaga.com අඩවිය හරහා ආවර්ජනය කරන්නේ ඒ අමිහිරි මතකය තුල ඔබව තවදුරටත් ගිල්වීමට නොව. ඒ තුලින් එදා උගත් පාඩම් කිහිපයක් නැවත සිහිකරවීමට පමණි. එදා සුනාමියට ඔබ සෘජුවම මුහුණපෑවා නම්, ඒ මොහොත මදක් සිහිකරන්න...... · එය ඔබට අහිමි කලේ ඔබේ මව/ පියා/ සහෝදර/සහෝදරිය/දරැවා/ බිරිද/ ඥාතීන් හා මිතුරන්,
    · එය ඔබට අහිමි කලේ ඔබ ජීවිතකාලය පුරාවට දුක්මහන්සි වී ගොඩනඟාගත් බලාපොරොත්තුව,
    · එය ඔබට පෙන්වියේ ලෝක විනාශයේ එක් පැතිකඩක්,
    · එය ඔබට කියාදුන්නේ සැබෑ මරණ බිය ,
    · එය ඔබට කියාදුන්නේ සැබෑ අසරණකම,
    · එය ඔබට කියාදුන්නේ සැබෑ බඩගින්න,
    · එය ඔබට කියාපෑවේ ජීවිතයේ යථාර්තය,
    Time.jpg
    මේ ආකාරයට ඒ තුල මනුෂ්‍යා අත්විදි පාඩම් ගනනාවක් පෙලගැසීමට හැක. එදා මේ සියල්ල මොහොතකින් අපව වෙලාගත් මොහොතේ ජීවිතයේ යථාර්තය නැමැති පාඩම අප එදා අවබෝධ කරගත්තා. නමුත් ඉන් වසර 6ක් ගෙවී යන මේ මොහොතේ යලිත් අප සිටින්නේ කොතැනද? ඉන් උගත් පාඩම් කුමක්ද? මේවා පිලිබදව නැවත නැවතත් සිතා බැලිය යුතුය.

    එදා ජීවිත 30000 කටත් වඩා බිලිගෙන සිදුකල එම විනාශයෙන් ශ්‍රී ලාංකීය අපට අත් වූ අනිකුත් විනාශයන් කිහිපයක් මෙසේය...............
    tsunami%209.0.jpg
    Babybode.jpg
    Bode-4.jpg
    chache.jpg
    ja04$018.jpg
    grawe-4.jpg
    Bode-3.jpg
    Bode-2.jpg
    bodey-3.jpg
    galle-1.jpg
    Tranroad-2.jpg
    Tran.jpg








     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉහත විනාශය පිලිබදව විවිධ පුද්ගලයන් විවිධ අර්ථ කථන තම තමන් නියෝජනය කරන ක්ෂේත්‍රයන් හා තම නැණ පමණින් ඉදිරිපත් කරන ලදී. එනම්, විද්‍යාඥයින් විද්‍යාත්මක මුහුණුවරින්ද, ජ්‍යොතිෂ්‍ය පවසන්නන් එම අංශයෙන්ද, ආගමික නායකයින් හා පුජකවරැන් ආගමික මුහුණූවරින්ද,..... එයට විවිධ අර්ථකථන ලබාදෙන ලදී. කාලීන ගැටළු කවදත් ඉස්ලාමීය මුහුණුවරින් අවධානයට ගැනෙන යහමඟ වෙබ් අඩවිය ද මේ පිලිබදව කෙටි විමසුමක් කරන්නට අදහස් කරමි. එනම්, මෙම විෂය පිලිබදව ඉස්ලාමීය දැක්ම කුමක්ද? යන්නයි. එසේ අවධානය යොමු කිරීමේ දී මිනිස් සමාජයේ වර්ථමාන ඉරණම සම්බන්ධයෙන් ශුද්ධ වු කුර්ආනයේ 30-41 වාක්‍යයෙන් අල්ලාහ් (දෙවියන්) මෙසේ ඉඟියක් පවසයි,

    මිනිසාගේ (වැරදි) ක‍්‍රියාවන් හේතු කොටගෙන ඔවුන් කල දෙයින් කොටසක් ඔවුන් විදිනු පිණිසත්, එය තුලින් ඔවුන් යහමගට යොමු වනු පිණිසත්, ඔවුන්හට මුහුදෙන් හා පොළොවෙන් විනාශකාරී තත්වයන් ඇති වන්නේය.[FONT=&quot]“[/FONT]
    ඉහත දේව වාක්‍යයට අනුව ලොව තුල ඇති වන විනාශකාරී තත්වයන් මිනිස් ක්‍රියාවන් හි ප්‍රථිපලයන් යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. මෙසේ මා පවසන විට කෙනෙකුහට මෙසේ සිතෙන්නට පුළුවන. එනම් අපි වැරදි කලේ නැහැනේ ඉතින් අනිත් මිනිස්සු කල පාපයට සමස්ථ සමාජයටම දඩුවම් පහලවීම සාධාර්ණ ද? යන්නයි. මෙය බැලු බැල්මට සාධාරණ හා බුද්ධිමත් ප්‍රශ්නයක් යන්න පැහැදිලිය. එම නිසයි මීට වසර 1400 කට පෙර මුහම්මද් (සල්) තුමාණන්ගේ බිරිද වන සෙයිනබ් (රලි) තුමිය මේ පිලිබදව මුහම්මද (සල්) තුමාණන්ගෙන් මෙසේ ප්‍රශ්න කලේ,


    සමාජයේ පිරිසක් කරන පාපයන් නිසා එම පිරිසට පහල වන දඩුවම එම සමාජයේ ජීවත්වන යහපත් මිනිසුන්ටත් බලපායිද?” එයට නබිතුමා ඔව්, එම සමාජයේ පාපක‍්‍රියාවන් වැඩි වී එය කිසිවකු නොවලක්වා බලා හිදීනම් එවැනි සමාජයට දෙවියන්ගෙන් පහල කරන දඩුවම යහපත් අයහපත් සියල්ල සදහාමයි.
    මේ අනුව කිසියම් සමාජයක සියළුදෙනා පාපක්‍රියාවන් හි නිරත නොවුවත් දෙවියන්ගේ දඩුවම් පහලවීමේ දී එය මුඑ මහත් සමාජයට පොදු වන බව පැහැදිලිය. එසේ නම් අලංකාර ආදර්ශයන්ගෙන් පරිපූර්ණ දහමකට උරැමකම් කියන මුස්ලීම්වරැන් වන අප ඉහත සදහන් කිසිවක් පිලිබදව නිසි අවදානය යොමු නොකොට මා, මගේ පවුල යන සීමාව තුල තවදුරටත් ජීවත් වන්නට අදහස් කරන්නේ නම්.



    එදා සුනාමියෙන් අප අත්වින්ද තත්වයන්ට වඩා දරැණූ තත්වයන්ට අපට මුහුණපෑමට සිදුවනු ඇත. එසේ නොවීමට නම් අප අපව මෙන්ම අප අවට සමාජය ද නිවරැදි කරගැනීමට ක්‍රියාකල යුතුය. මෙය 2004 සුනාමිය අපට කියාදෙන ප්‍රබල පාඩමකි.


    ? අබූ අර්ශද්