ක්‍රිකට් ටිකට් පෝලිම
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග නැරඹීම සඳහා ටිකට් මිලදී ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්‌ඩලයට පැමිණි ක්‍රීඩාලෝලීන්ට ඊයේත් (14 දා) ටිකට් මිලදී ගැනීමට නොලැබීම හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය. ඉකුත් 07 දා මෙලෙසම ක්‍රීඩාලෝලීන් ටිකට් මිලදී ගැනීමට ක්‍රිකට් පාලක මණ්‌ඩලය වෙත පැමිණි අතර එහිදී එම නිලධාරීන් පවසා තිබුණේ ඊයේ (14 දා) ටිකට් නිකුත් කරන බවයි. එහෙත් ඊයේ පැමිණි දහසකට ආසන්න ක්‍රීඩාලෝලීන්ට පොලිස් නිලධාරීන් දන්වා සිටියේ ලබන 20 දා ටිකට් නිකුත් කරන බවයි. මේ හේතුවෙන් ආවේගශීලීව හැසිරුණු ක්‍රීඩාලෝලීන් එම ස්‌ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය ක්‍රියා කළ අයුරු.