2011 අතරතුර...96 මතකය......"අර්ජුන රණතුංග" නම් ඔහු....!

sadun_gamage

Active member
  • Mar 7, 2011
    267
    69
    28
    2011 අතරතුර...96 මතකය......"අර්ජුන රණතුංග" නම් ඔහු....!

    meka mama gatte blog 1n...eka kiyewwama hodata danuna...a wagema sahatika atta....dan ape team 1a wagema nayakaya ganat.....

    2011 අතරතුර...96 මතකය......"අර්ජුන රණතුංග" නම් ඔහු....!






    "අර්ජුන රණතුංග".....එය අභිමානවත් නාමයක්..රටකට, ජාතියකට අභිමානය දිනාදුන් මිනිසෙක් ඔහු..96 ලෝක කුසලානය දිනීම සරලව ක්‍රිකට් දක්ෂතාවන්ට ලඝු කරන්නට බැහැ..ඒ පිටුපස වෙනත් බොහෝ දුක් කම්කටොළු, දුෂ්කරතා, අභියෝග තිබුනා..ඒවා ජයගන්නට මේ මිනිසාගේ අසහාය පෞර්ෂය, නායකත්වය ඉවහල් වූ බව කළගුන මතක ඇති අයෙකුට අමතක කරන්නට පුළුවන්කමක් නැහැ..[ ඔහුගේ වර්තමාන දේශපාලන ක්‍රියාකාරකම් හෝ 96 ලෝක කුසලානයෙන් පසු ඔහුගේ හැසිරීම් පිලිබඳව අපට කොතෙකුත් විවේචන තිබිය හැකි වුවත්..]


    ඔහුගේ නායකත්වය අසාමාන්‍ය වූවක්.."කැප්ටන් කූල්" ඔහුව හැඳින්වූ අන්වර්ථ නම..ඕනෑම අසීරු හෝ දුෂ්කර මොහොතකදී හෝ ඔහුගේ සන්සුන්බව බිඳී ගියේ නැහැ..සමහර නායකයන් මෙන් අනිත් ක්‍රීඩකයන්ට කෑ ගහන චරිතයක් නෙමෙයි ඔහු..(මේ කාරණය නම් අපේ ක්‍රිකට් නායකයන් බොහෝ දෙනෙකුට අදාලයි..මේ දුර්වලතාවය බොහෝවිට දැකිය හැක්කේ පාකිස්ථානය, ඉන්දියාව වැනි රටවලයී)


    තීරණාත්මක මොහොතවල් වලදී ඔහු තම තනි මතයට තීරණ නොගෙන කණ්ඩායමේ ජ්‍යේෂ්ටයන් සමඟ පිටිය මැද සාකච්චා කරමින් තීන්දු තීරණ ගැනීම එකල සුලබ දසුනක්..ඉතා තියුණු, තීරණාත්මක මොහොතවල්වල ඔවුන් එසේ එකමුතුව සැලසුම් සකසන විට නරඹන අපටත් දැනෙන්නේ පුදුම "මොරාල්" එකක්....බොහෝවිට පවතින අසීරු තත්වයන් අනිත් පැත්ත හරවන්නට ඒ සාමූහික තීරණ ඉවහල් වූ අවස්ථා බොහොමයි..


    "සින්ගල්" දැමීමේ කලාව හොඳින්ම ප්‍රගුණ කළ අයෙක් අර්ජුන...කඩුළු බිඳ වැටී අසීරුතාවයට පත්වූ විට අර්ජුන බොහෝ විට ඉතිරි වන්නේ මැද පෙළ හෝ පන්දු යවන්නන් වන දුර්වල පිතිකරුවන් සමඟ...අර්ජුන කරන්නේ සෑම පන්දුවකටම වාගේ "සින්ගල්" එක දැමීමේ කලාව..විශාල පහරවලට යාමේදී මෙන් කඩුල්ල බිඳ වැටීමේ අවදානමත් අවමයි..නොදැනීම ලකුණු 5 ක්, 6 ක් ඕවරයට ලැබෙනවා.. මුලදී අති දුෂ්කර යැයි පෙනෙන ඉලක්කයට, අනිත් දුර්වල යැයි සැලකෙන පිතිකරුවන් සමඟ, අනිත් පිලටත් නොදැනීම වාගේ ඔහු ලඟාවී ඇති අවස්ථා විශාල ගනනක් තියෙනවා...අත දිගහැර පහර දී ඔල්වරසන් ලබනු වෙනුවට අර්ජුන බොහෝ විට තෝරාගත්තේ උපායශීලිව, සන්සුන්ව නමුත් ස්ථාවරව ජයග්‍රහණය කරා ගමන් කිරීමේ කලාව....


    ඔහු තුල නිර්මාණශීලී නායකත්වයක් තිබුනා..ඒ නිසා තමයි ලෝකයේ වෙනත් කිසිම ක්‍රිකට් කණ්ඩායමක් එතෙක් නොසිතා තිබූ, මුල් පන්දු ඕවරවලට වේගයෙන් පහරදීමේ කලාව ශ්‍රි ලංකා කණ්ඩායම හඳුන්වා දෙන්නේ..එයට සනත් සහ කළු යොදාගන්නේ, ඒ ක්‍රමය අසාර්ථක වුවහොත් කණ්ඩායමේ ඔවුන්ගේ පැවැත්ම පිලිබඳ වගකීම අර්ජුන බාර ගනිමින්..ඔහුට එවන් පෞර්ෂයක්, ශක්තියක් තිබුනා..[එය කෙනෙකුට විවේචනය කල හැක්කක් වුවත්...]..සනත් සහ කළු ඒ අත්හදා බැලීම සාර්ථක කලේ, අනිත් කණ්ඩායම් අන්ද මන්ද කරමින්..පන්දු ඕවර 4ක් 5 ක් යනවිට ලකුණු 50 පසු කරනු දුටු ඒ මුල්ම දවස්...අදටත් සුන්දර මතකයක්...සනත් සහ කළු ට ඒ ප්‍රහාරයේ ගෞරවය ලැබෙන අතරම ඒ පිටුපස තිබූ නිර්මාණශීලී නායකත්වයද අපේ ඇගයීමට ලක්විය යුතුයි.



    ඔහුගේ නායකත්වයේ විශිෂ්ටතම මොහොත ඔහු මුරලි වෙනුවෙන් නැගී සිටි මොහොතයි…

    .95 කියන්නේ ක්‍රිකට් වලින් අපිට ලොකු පිලිගැනීමක් තිබුනු කාලයක් නෙවෙයි...ආර්ථික, දේශපාලනික ක්ෂේත්‍රවලදී වාගේම ක්‍රීඩාවේදීත් බලවත් ජාතීන්ගේ කෙණෙහිලිකම්වලට ලක්වෙන්නට අපට සිදුවුනා..95 ඕස්ට්‍රේලියානු සංචාරයේදී නැගී එන තරුණ දඟ පන්දු යවන්නෙකු ලෙස මතුවෙමින් ඔවුන්ට අභියෝගයක් වුන මුරලිට මුහුණ දෙනු වෙනුවට, ඔහුව ක්‍රිකට් වලින් ඉවත් කර දැමීමේ අනිසි උපාය මාර්ගයක් ඕස්ට්‍රේලියානුවන් යොදාගත්තා..

    ඔහු පන්දු දමා ගසනවා යැයි චෝදනා කරමින්, ඔහුගේ පන්දු "නිපන්දු" ලෙස නම් කෙරුණා..අර්ජුන රණතුංග නම් නායකයාගේ අසහාය පෞර්ෂය සදා අපේ ගෞරවයට පත්වන්නේ මේ සිද්ධියේදී ඔහු හැසුරුණු ආකාරය නිසා..විනිසුරුවරයාගේ අසාධාරණ ක්‍රියාවට එරෙහි වූ අර්ජුන සිය කණ්ඩායම සමඟ පිටියෙන් ඉවත්ව ගියේ ඔහුගේ ක්‍රිකට් ජීවිතය පවා අවදානමේ හෙලමින්..[කාරණය කුමක් වුවත් මෙවන් හැසිරීමක් අයි.සී.සී. යට අනුමත කරන්නට බැරිබව පැහැදිලියි.. අර්ජුන ට අයි.සී.සී යෙන් දඩයක් නියම කෙරුණත් එය අර්ජුනට ගෙවන්නට ඉඩ නොතැබූ කණ්ඩායමේ ක්‍රීඩකයන් එකතු වී එය ගෙවා දැමුවා..]


    සියළු දෙනාගේ දැඩි උත්සහයෙන් මුරලිගේ ක්‍රිකට් අනාගතය සුරක්ෂිත කර ගන්නට හැකියාව ලැබුනා..අද දවසේදී ලොව වැඩිම කඩුළු ලාභියා වෙමින් ලෝක පූජිත ක්‍රිකට් තරුවක් බවට පත්වී ඇති මුරලිට එදා ඒ අභියෝගය හමුවේ ක්‍රිකට් වලින් සමුගන්නට සිදු වූවානම්...??? මුරලි රැක ගැනීමේ ගෞරවයෙන් විශාල කොටසක් ඒ ශක්තිමත් සහ අභිමානවත් නායකයාට හිමිවිය යුතු බවට විවාදයක් ඇත්ද?


    96 න් පසු ඔහුගේ හැසිරීම සම්බන්ධව බොහෝ විවේචන එල්ල වුනා..

    ඒ කෙසේ වෙතත් ඔහු දුෂ්කරතා අභියෝග මැද්දෙන් ඉදිරියට ගොස් රටට අනගිභවනීය ජයග්‍රහණ උරුම කර දුන්න..මේ රටට ආඩම්බර විය හැකි මිනිහෙක්...!!!


    all credit go 4 orginal writer...

    source:http://thapasgekoloma.blogspot.com/2011/03/2011-96.html
     
    • Like
    Reactions: tgv and GAC