2012 දී ලෝක විනාශයවීම

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    loke winasha nam wenne nethi wei,.. namuth me kiyala tiyena dewal .. bumi kampa. ganwathura. tsunami wage deyak wiya hekoi kiyala matath hithenawa
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    2012 දී ලෝක විනාශයවීම පිළිබද අනාවැකිය නිර්මාණය වී ඇත්තේ මායා ශිෂ්ටාචාරය වටා කේන්ද්‍ර කරගෙන වේ.2012 දෙසැම්බර් 21 ලොව විනශය වීමේ අනාවැකිය අපට හමුවන්නේ මීට වසර 58ටකට පමණ පෙර පුරා විද්‍යා නිලධාරීන් විසින් මෙක්සිකෝවේ කරන ලද කැණීමකින් සොයාගත් සෙල්ලිපියක් ඇසුරේනි.මෙමෙ සෙල්ලිපියෙ හිමිකරුවා වන්නේ පාකල් වෝටන් නමැති මායා ශිෂ්ඨාචාරයට අයත් රජ කෙනෙකි.
    මායා ශිෂ්ඨාචාරය යනු වර්තමාන් දකුණු ඇමෙරිකානු අර්ධද්වීපයට අයත් මෙක්සිකෝව,ගෝතමාලාව,එල්සෙල්වදෝරය හා උතුරු බ්‍රසීලය යන රටවල් පිහිටි ප්‍රදේශයන් ආශ්‍රිතව පැවති ක්‍රි.පු. 3000 ට අයිති ශිෂ්ඨාචරයකි.
    මෙම ශිෂ්ඨාචරයේ පැවති දිගු ගිණුම නමැති දින දර්ශනය සුවිශේෂී දින දර්ශනයකි.
    මායා ශිෂ්ඨාචරයේ ආරම්භක දිනය ක්‍රි.පූ. 3114 අගෝස්තු 14 දිනවන අතර එහි අවසානය ක්‍රි.ව.2012 දෙසැම්බර් 21 වෙනිදාය. ක්‍රි.පූ.6003 ඉපද වසර 89ක් ජීවත් වූ පාකල් වෝටන් පඩ්වරයා වසර 52ක් මෙක්සිකෝවේ පාලකයා ලෙස කටයුතු කොට තිබේ.ගණිතය,තාරකා විද්‍යාව පිළිබද පිරිපුන් වියතෙකු ලෙස මොහු හැදින්වේ.මොහුගේ ප්‍රධනතම මාතෘකාව වී ඇත්තේ සොබාදහමට එරෙහිවීම මත මිනිසා තමගේ විනශය ළගා කරගන්න බවයි.




    ලෝක විනශය පිළිබද ජ්‍යොතිෂයේ දැක්වෙන්නේ කල්ප විනශය ලෙසටය.එය සිදුවන්නේ සමකයේ අංශක 76 රේඛාව මේෂ රාශියේ ආරම්භය පැමිණීම හා අහස් සිතියමේ සියලු ග්‍රහයන් පොකුරක් ගැසීම යන කරුණු ඉෂ්ට සිද්ධ වූ විටදී පමණි.එසේ සිදුවන්නේ කල්ප විනශය අවසානයේදී පමණි.එවන් පසුබිමක් දැනට ලොව නිර්මාණය වී නොමැත.ලෝකයේ සාමන්‍යයෙන් කල්ප විනශයක් වශයෙන් හදුන්වන්නේ මනු අත්තර 14කි.
    බෞද්ධ-හින්දු දර්ශනවල ලෝක විනශය ලෙස දක්වන්නේ මෙම කල්පයක් අවසන්වන විට සිදුවන විනශයට වේ.හින්දු ජ්‍යොතිෂය අනුව( සූර්ය සිද්ධාන්තය )මනුෂ්‍ය ලෝක කල්ප 14ක් ලෝකය පවතී.මනු අත්තර 1ක් වන්නේ මහයුග 71 කි.මහ යුගයක් වන්නේ අවුරුදු හතලිස් තුන් ල්කෂ විසිදහසකි.මෙම මහ යුගයද කොටස් 4කට බෙදේ.

    01.කෘත යුගය - අවුරුදු1,728000
    02.නේත්‍ර යුගය - අවුරුදු 1,296,000
    03.දිවපාර යුගය - අවුරුදු 864,000
    04.කලියුගය - අවුරුදු 432,000
    මේ අයුරින් කල්පයක් අවසන්වීම වශයෙන් කියවෙන්නේ මනු අත්තර 14ක් අවසන්වීම යන කාරණයයි.

    2012 වර්ශයෙ ලොව විනශවීම සිදුවෙනව නම් එක 2012දී කල්පයක් අවසන්වීම විය යුතුය.නමුත් මේ වනවිට ලොව අවසන් වී අත්තේ මනුඅත්තර 6ක් පමණි.එයින් කියවෙන්නෙ 7 වෙනි මනුඅත්තටරයේ 28 වෙනි මහයුගයේකලියුගය වේ.2012දී අප ලෝකය ගෙවා ඇත්තේ අවුරුදු 5100 පමණකි.එම නිසා 2012 දී ලොව විනාශ නොවේ.
    නමුත්,පෘථිවියේ ග්‍රහචාරය අනුව 2012 දෙසැම්බර් ( අමවකට පෙර දිනය ) රිනිච් වේලාවෙන් මධ්‍යම රාත්‍රී 11 වන විට ශ්‍රී ලංකා වෙලව ආශ්‍රයෙන් 2012 දෙසැම්බර් 12 වෙනි දින උදෑසන 5ට පමන යම්කිසි ස්වභවික චලනයක් උපද්‍රවයක් සිදුවීමට ඉඩකඩ ඇතිවේ.එසේ වනුයෙ පහත කරුණු සැලකිල්ලට ගනිමින්ය.
    ක්‍රි.ව. 1976 ජූලි 28 චීනයේ සිදුවූ මහා භූකම්පනය නිසා මුළු නගරයක්ම නටබුන් බවට පත්වීම.එක සිදුවන්නේ අලුයම 3.42 ට චීනයේ ටැන්ෂාන් ප්‍රදේශයේදී වේ.එම දිනය අමවක දිනයකි.ග්‍රහයින්ගේ පොකුරක් සමග රවි ග්‍රහයාට ආසන්නයේ සදු , බුධ හා සිකුරු එකම අංශකයක පිහිටා තිබීම විශේෂයකි. ක්‍රි.ව.1934 ජනවාරි 15 දින නේපාලයේ බිහාර් ප්‍රදේශයේ සිදුවූ භූකම්පනය සිදුවු දියනට පෙර දිනයද අමාවක දිනයකි.දෙලක්ෂයක් ජීවිත බිලිගත් 2010 දෙසැම්බර් 24 දින ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපතේ ඇතිවූ සුනාමි තත්වයද අමවක දිනට පෙර දින උදෑසන 05ට සුළු විපර්යාසයක් සිදුවීම එය ලොවම විනශ වීමක් සිදුනොවේ.නමුත් එම දිනයේදී අහසේ ග්‍රහයින්ගෙ තරු පොකුරක් නිර්මාණය වීම සිදුවේ.විශ්වයේ හා සොබාදහමේ ශක්තිය හුවමාරුවීමක් හා ආරම්භයක් හා අවසානයකින් කෙළවර වේ.
    මෙලොව ඇති සෑම වස්තුවක්ම සදාකාලික නොවන බවත් වෙනස්වන බවත් විනශයට පත්වන බවත් බුදු දහමේ ඉගැන්වෙන ප්‍රධාන කරුණකි.මෙම කරුණ බුදු දහමේ සම්වත්ත හා විවත්ත යනුවෙන් හැදින්වේ.සම්වත්ත යනු දිගින් දිගටම පැවත්ම හෙවත් පරිණාමයයි.විවත්ත යනු ආපස්සට යාම ක්ෂයවී යාම හෙවත් බෙදී විනාශවීමයි.සෑම දෙයක්ම වෙනස්වීමට භජයන වන නිසා ආරම්භයට අවසානවී නැවත එම අවසානයට ආරම්භයක් වනු ඇත.

    අප වෙසෙන ලෝකය පිළිබද අවස්ථා හතරක් බුදුදහමේ දැක්වේ.
    01.ලෝකය හැකිළී තිබෙන යුගය
    02.දිගහැරෙන යුගය
    03.දිග හැරි යුගය
    04.නැවත හැකිලෙන යුගය

    මෙමගින් හේතුඵලවාදය සහ අනිත්‍යතාවය මෙම අවස්ථා වලදී පෙන්නුම් කරයි.
    දිනක් බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණි වාසෙත්ත සහ භාරද්වාජ බුදුන්වහන්සේට වැද නමස්කාරකොට එකත් පසව සිටියහ.මෙම සාකච්ජාවට මාතෘකාව වූයේ ලෝකය බිහිවී මිනිස් පරිණාමය සිදුවූයේ කෙසේදැයි සොයා බැලීම පිළිබදවය.එදිනම සවස බුදුරජණන් වහන්සේ තනිව වැඩසිටි අවස්ථාවක ආනන්ද ස්වාමීන් වහන්සේ පැමිණ මෙසේ විචාර සේක.

    "භාග්‍යවතුන් වහන්ස,ඔබ වහන්සේ ලෝකයේ ආරම්භය,මිනිස් පරිණාමය පැහැදිලි කරදුන්නද ලොවෙහි විනාශය සිදුවන්නේ කෙසේදැයි පැහැදිලි නොකළ සේක.භාග්‍යවතුන් වහන්ස එය බහුජනයාගේ දැනගැනීම සදහා පැහැදිලි කරනු මැනවි"යැයි පැවසූහ.

    එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.
    "ආනන්දය,යම් කාලයක මෙසේ වැසි නැවතී පොලෝතලය වියළී යන්නේය.වසර ගණනාවක් වැසි නොලැබීම නිසා මිනිසා ගහකොළ සහ සියලු සතුන් වැනසී යනු ඇත.දිගු කාලයකට පසු තවත් සූර්යයෙකු පහළවනු ඇත.ඒ සමගම ටැනින් තැන ඉතිරිව තිබූ දියකඩිති හා දිය කදුරු ද වියළී යන්නේය.තුන්වෙනි හිරුද ඊලගට දිස්වන්නේය.එහි ප්‍රතිඵලයක් වශයේන් ගංගාවල ජලය වාශ්පවී සිදී යන්නේය.කලකට පසු හතරවෙනි හිරුද පහළවීමත් සමගම ගංගා වලට ජලය සපයන විල් යනදිය සිදී යනු ඇත.ඉන්පසු පස්වෙනි හිරු මතුවීමත් සමග ලොව මුහුදු පවා වෂ්පවී ඒවායේ පතුල් දිස්වනු ඇත."
    එම නියගය පිළිබද තවදුරටත් විස්තර කරන බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.
    "තුන්වෙනි හිරුගේ පහළවීමත් සමග ඉන්දියවේ ගංගා-යමුනා,අචිරවතී,සරභු සහ මහී යන ගංගා සිදී යනු ඇත.හතරවෙනි සූර්යා පහළවීමත් සමග අනෝතත්ත,සිහ පත්ත,රතාකර,කන්නමුන්ද,කූනාල,චද්දත සහ මන්දාකිනි වැනි විශාල වැව් සිදී යන්නේය.හයවේනි හිරු පහළවත්ම කදුහෙල් මතින් දුම් වළා පිටවීමට පටන්ගනී.හත්වෙනි හිරුගේ පහළවීමත් සමගම මිහිමත සෑම දෙයක්ම දවී අළුවනු ඇත.මෙවැනි වෙනස්කම් තව වසර ලක්ෂ ගණනාවකට පසු ගණනය කළ නොහැකි වසර සංඛාවකට පසු සිදුවනු ඇත.
    එහෙත් වසර ලක්ෂ ගණනකට පසු ක්‍රමයෙන් අලුත් ලෝකයක් බිහිවනු ඇත."බුදුදහමට අනූව ලෝකය විනශ වන්නේ හැකිලෙන යුගයේදී වේ.සූර්යන් හත්දෙනෙකු පායන බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ.මෙවැන්නක් සිදුවන්නේ තව අවුරුදු බිලියන ගණනකට පසුවන අතර සෑම සත්වයෙක්ම කර්මානුරූපව ඊට මුහුණතීමට සහ නොදීමට සිදුවේ.

    ගොඩක් හොද post එකක් ඔතන් සිදුවෙලා තියෙන්නේ මම අහලා තියන විදිහට මායා වරුන්ගෙ ගණිත ක්‍රමය අනුව ඔවුන්ට ලිවිය හැකි උපරිම දින ප්‍රමාණය 2012 වෙනකන් පමණයි එම නිසා ඔවුන්ගෙ දින දර්ශනය අවසන් වෙනවා මිසක් ලොකය විනාශ විමක් සිදුවන්නේ නෑ අනෙක් දෙය බුදු දහම අනුව සප්ත සූර්ය ලෙස හදුන්වන්නේ නුතන විද්‍යාව අනුව සූර්යායාගෙ සිදුවන ප්‍රසාරනය එසෙ නොමතිනම් සුර්යායාගෙ අවසානය අරම්භය එයට ත්ව වසර දහස් ගනනක් තියනවා අවසානයෙ සුර්යයා බුද ග්‍රහයාගෙ පිහිටිම දක්වා ප්‍රසාරණයක් වෙනවා එක ක්‍රමයෙන් සිදුවන්නක් එයට තවත් වසර ලක්ෂ ගනනක් ගත වෙනවා.... ගොඩාක් හොද post එකක් ස්තුතියි!!!!
     
    ගොඩක් හොද post එකක් ඔතන් සිදුවෙලා තියෙන්නේ මම අහලා තියන විදිහට මායා වරුන්ගෙ ගණිත ක්‍රමය අනුව ඔවුන්ට ලිවිය හැකි උපරිම දින ප්‍රමාණය 2012 වෙනකන් පමණයි එම නිසා ඔවුන්ගෙ දින දර්ශනය අවසන් වෙනවා මිසක් ලොකය විනාශ විමක් සිදුවන්නේ නෑ අනෙක් දෙය බුදු දහම අනුව සප්ත සූර්ය ලෙස හදුන්වන්නේ නුතන විද්‍යාව අනුව සූර්යායාගෙ සිදුවන ප්‍රසාරනය එසෙ නොමතිනම් සුර්යායාගෙ අවසානය අරම්භය එයට ත්ව වසර දහස් ගනනක් තියනවා අවසානයෙ සුර්යයා බුද ග්‍රහයාගෙ පිහිටිම දක්වා ප්‍රසාරණයක් වෙනවා එක ක්‍රමයෙන් සිදුවන්නක් එයට තවත් වසර ලක්ෂ ගනනක් ගත වෙනවා.... ගොඩාක් හොද post එකක් ස්තුතියි!!!!


    adahasata godak sthuti yaluwa...ow e wage deyak thama wela thiyenne...mun okotama pissu :P :lol::lol: