උඹලාට තවම ලේසර් කියන්නෙ මහා ලොකු තාක්ෂණයක් වුණාට පිටසක්වල ජීවීන්ගෙ තාක්ෂණය තියන්නෙ උඹලාගෙ න්‍යෂ්ඨික තාක්ෂණයට පවා ගව් ගාණක් ඉදිරියෙන්. මම කලින් උඹලට අනතුරු ඇඟෙව්වා අපට ප්ලෑන් බී එකක් තියන බව. පෘථිවිය මානවහරණය කළ යුතුයි කියන තැනට ඒලියන්ස්ලව ගෙනාවෙ උඹලගෙම කටවල් බව අමතක කරන්න එපා. මානවයා නහින්නෙත් කට නිසා කියල තමයි උඹල හෙට ඔප්පු කරලා පෙන්නන්න යන්නෙ. අපට තිබුණු එකම කන්සර්න් එක ආපහු මානව පුනර්භවනය කරන්න සිද්ධ වෙන එක. ඒත් දැන් ඒකට අවශ්‍ය අනුමැතියත් හිමි වෙලයි තියන්නෙ. උඹලා අද කැමති විදියට මට කතා කරපන්. මම ගෝල්ෆේස් එකක් ගැන කිව්වෙත් උඹලාට යම් සහනදායී හැඟීමක් වත් ලබා දෙන්නයි. අපේ රිෆෝර්ම්ස් වලට අනුව තව පැය 24කින් පස්සෙ කොහොමත් ගෝල්ෆේස් එකක් වතුර යට වත් ඉතුරු වෙන්නෙ නැහැ. මානව පුනර්භවයෙදි උඹලගෙ අයිඩෙන්ටිටි එක ප්රිසර්ව් වෙන්නෙ නැහැ. ඒ නිසා මේ අවසාන පැය කිහිපය උඹලා මොන විදියට හැසිරුණත් මොන විදියට ඒලියන්ස්ලගෙ ටෙක්නොලොජි එක විහිලුවට අරන් කතා කළත් මේ ප්‍රොසීඩියර් එක තව දුරටත් ඉක්මන් කරන්න අපේ අදහසක් නෑ. කොහොමත් තව පැය කිහිපයයි.
උඹලා හැමදාම හිතාගෙන හිටියෙ Orion කියන්නෙ තනි පුද්ගලයෙක් කියලා. මානව බුද්ධියට ග්‍රහණය වෙන්නෙ විශ්වයෙන් කොයි තරම් සුළු කොටසක් ද කියලා උඹලාට හිතාගන්න වත් බෑ. Orion කියන්නෙ ඇස්ට්‍රල් පවර් එකක්, තනි ස්ටේට් එකක් නෙමෙයි. කොටින්ම කියනව නම් "පුද්ගලයෙක්" කියල උඹල දකින එන්ටිටි ගොඩක සුපර්පොසිෂන් එකක්. මීටත් වඩා සරලව උඹලාට මේක තේරුම් කරන්න හදනවා කියන්නෙ රිලවෙකුට රිලටිවිටි කියල දෙනව වගේ වැඩක්. නමුත් කොයි තරම් මෝඩ රැලක් වුණත් උඹලාගෙන් තනි පුද්ගලයෙක් කරපු මෝඩ වැඩකට පෘථිවියම මානවහරණය කරනවද කියන එක ගැන දැන් සංවාදයක් ඇති වෙලයි තියන්නෙ. ඒකෙ ප්‍රතිඵල හොඳ අතට හැරෙන්න කියල උඹල අදහන ආගම් වල හැටියට ප්‍රාර්ථනා, යාඥා වගේ උඹලම හදාගත්ත ක්‍රම වලින් වත් උත්සාහයක් ගන්න කියල මට පොඩි උපදෙසක් දෙන්න පුළුවන්. උඹලා මේ කරගන්න ගිය මහා විනාශයෙ තරම දන්නව නම් මේකට මුල පුරපු පුද්ගලයාව දැනටමත් උඹලා ඉතුරු කරන්නෙ නැහැ.


. මම නියෝජනය කරන්නෙත් උඹලා තරම්ම පවර්ෆුල් ෆැක්ෂන් එකක් බව දන්වන්න කැමතියි. ඉදිරියේදි මේ වැඩ පිලිවෙල සාර්ථක කරගන්න උඹලා සහය වුණේ නැත්නම් අපට සිද්ධ වෙනවා මේකට අන්තර් තාරකා සංවිධානයේ අත පෙවීම අනුමත කරන්න. උඹලා සැබෑ ඒලියන්ස්ල නම් මේ ප්‍රශ්නෙ කොයි තරම් ඔඩු දුවල ද තියන්නෙ කියල නොදැන ඉන්න විදියක් නැහැ නෙ. ඇල්ෆා සෙන්චරි වල ප්‍රශ්නෙ යන්තම් විසඳුනා විතරයි. අපේ බල ඇනියක් ඕනෙම මොහොතක පෘථිවියට ඇතුල් වෙන්න සූදානමින් ඉන්නෙ. අපිටත් තවත් යුද්ධයක් ඕනෙ නැහැ. අපේ ප්‍රශ්න වලට පෘථිවිය වේදිකාවක් කරගන්නවාට අපේ පාලනාධිකාරිය කැමති නැහැ.