2012 ලෝකෙ විනාස වෙන්නේ නෑලු !! :) :)

achalaachalaachala

Junior member
  • May 16, 2009
    181
    11
    18
    34
    matara
    2012 ලෝකෙ විනාස වෙන්නේ නෑලු !! :) :)



    Uploaded with ImageShack.us



    "මායාවරුන්ගේ දින දර්ශනය 2012-12-21න් අවසන් වීමේ අරුත එදින ලෝකය විනාශ වීමද?"
    පසුගිය වසර කිහිපය පුරාම ලෝකය කැලඹූ පැනය එය විය.එම පැනයට පිලිතුරක් පුරාවිද්‍යාඥයන් පිරිසක් ගෝතමාලාවේ වැසි වනාන්තරය තුල කල කැනීම් වලින් පසු සොයාගෙන ඇත.ඔවුන් සොයා ගෙන ඇත්තේ මෙතෙක් පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඇති මායාවරුන්ගේ පැරණිම දින දර්ශනයයි.
    ගෝතමාලාවේ වැසි වනාන්තරයක් තුල පිහිටි මෙතෙක් කැනීම් කටයුතු සිදුනොකල නම වන ශතවර්ෂයට අයත් මායාවරුන්ගේ නගර සංකීර්ණයක කල කැනීම් කටයුතු වලදී මෙම සොයාගැනීම සිදු කර ඇත.මායාවරුන්ගේ මෙම දින දර්ශනය අධ්‍යනය කල පුරාවිද්‍යාඥයන් පවසන්නේ ආසන්න වශයෙන් තවත් වසර 7000ක් ඉදිරියට මෙම දින දර්ශනය දිවයන බවයි.ඒ අනූව නියත වශයෙන්ම 2012 දෙසැම්බර් 21 වන දා ලෝක විනාශය සිදු නොවනු ඇති.

    මේක SHARE කරන්නත් අමතක කරන්න එපා
    .
    .
    ඔබ සතු හාස්‍යජනක්,දුර්ලභ,වැදගත් ලිපි,ඡායාරූප අපට එවන්න:[email protected]


    මුණුපොතෙන් උස්සනලදී ...:D:D:D:D
    .
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කරුමයක් තියෙනවා නම් ලෝකෙ විනාස වෙනකන් ඉන්න ඕන නෑ.. ඒ දේ කොහොමත් වෙනවා.. :) පිනක් දහමක් කරගෙන ජීවත් වෙන්න කියන්නෙ ඒකයි.. කොහොමත් ස්වභාවික විපත් හා කල කෝලාහල වලින් ලෝකයේ සිටින මිනිසුන්, ජීවීන් මියැදෙනවා.. මේ ගෙවෙන්නා වූ කාල පරාසය බුද්ධෝත්පාද කාල පරාසයක්.. බුදු පියාණන් ගේ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය මේ ලෝකේ ජීවමානව පවතින තාක්කල් හා ඒ ධර්ම මාර්ගය අනුගමනය කරමින් ඒ ධර්ම මාර්ගයේ යන මිනිසුන් මේ මිහිතලය තුල සිටිනා තාක් කල් මේ පෘතුවිය නම් විනාශ වෙන්නෙ නැහැ..

    සමහර අය කියනවා මට ඇහිලා තියෙනවා කල්ප විනාසය වෙනවා කියලා.. කල්ප විනාසය කියන්නෙ ලෝක විනාසයට නෙමෙයි.. ඒ දෙක පටලවගන්නවා ගොඩක් අය.. කල්පය යන වචනයෙයි ලෝකය යන වචනයෙයි කිසිම බැදීමක් නැහැ.. ඔය කල්පය යන වචනයට බුදු හාමුදුරුවන් දේශනා කරලා තියෙන්නෙ කප්පය කියල.. භාවිතයට පහසු නිසාවෙන් මේ වචනය කල්පය කියලා මිනිසුන් හරවගත්තා.. කප්පය කියල කියන්නෙ මාගාධි වචනයෙන්, ඒකෙ සැබෑම අර්ථය කාල පාරාසය කියන එක.. ඒක බුදු පියානන් වහන්සේ යම් කිසි කාලයක් සදහා භාවිතා කළ වචනයක්.. කප්ප යන්නට නිශ්චිත අගයක් දෙන්ට බැහැ.. ඒක සම්මත අර්ථයෙන් ගත්තාම පැයකට අඩු කාලයක්, පැයක්, දිනයක්, සතියක්, මාසයක්, වසරක් හෝ වසර සිය දහස් ගණනක් වෙන්න පුළුවන්.. ඒක නිසා 2012 ලෝක විනාශයක් වෙන්න බැහැ කොහෙත්ම.. ඒත් කල්පය කියන වචනය ගත්තම යම් කිසි කාල පරාසයක අවසානයක් නම් සිදු වෙන්න පුළුවන්..
    :yes:

    කොහොම වුණත් මේ ගෙවන වර්ථමාන කාලයේ සහ අනාගත කාලයන් වලදී පවු කල ඇත්තන් සියල්ල මේ ලෝකෙන් තුරන් වෙනවා.. ඒක වෙන්නෙ කොහොමද කවද වෙනවද කියලා අපිට කියන්න බැහැ.. අර මම මුලින් කිව්වා වගේ පන්සිල් පද පහ රැකගෙන මේ ලෝකෙ හොද මනුස්සයෙක් ලෙස ජීවත් වෙනවා නම් කිසිම කරදරයක් වෙන්නෙ නැහැ.. අපිට පන්සිල් පද පහ කැඩෙන පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා.. මිතුරන් ආශ්‍රයෙදී සහ තරුණියන් ආශයෙදී.. (ඒත් ඉතින් ඔය දෙකම අපිට අත්‍යවශයිනෙ නේද..? :lol:).. කොහොම වුණත් පරිස්සමින් කටයුතු කරන්න ඕන..
    :)