ඒ ඒ සංස්‌කෘතියෙහි ඇති සංකල්ප අතර ඇත්තේ ඉතා දළ සම්බන්ධයයක් බව මේ වන විට අවබෝධ වී ඇතැයි සිතමි. අප අම්මා යෑයි කියන්නේ ඉංගිරිසීන් මදර් හෝ මමී හෝ යෑයි කියන අරුතින් ම නො වේ. සිංහල බෞද්ධයන් ගේ සත්ත්වයා යනු ඉංගිරිසින් ගේ ඇනිමල් නො වේ. පසුගිය සති දෙකෙහි සඳහන් කරන ලද දෙයින් ඉංගිරිසින් ගේ ඇනිමල් යනු සිංහල බෞද්ධයන් ගේ සත්ත්වයන් යන කුලකයෙහි උපකුලකයක් ලෙස නො සැලකිය යුතු බව අවබෝධ විය යුතු ය. එමෙන් ම ඉංගිරිසින් ගේ මදර් යන්නෙන් කියෑවෙන ගුණවලට අමතරව තවත් ගුණ සිංහල බෞද්ධයන් ගේ අම්මා යන්නෙහි අන්තර්ගත වී ඇතැයි නො සිතිය යුතු ය.
ඒ ඒ සංකල්ප වෙන වෙන ම සංකල්ප වෙයි. එහි ඇති යම් සමානත්වයක් හේතු කොටගෙන අපි ඒ ඒ සංකල්ප එක් භාෂාවකින් තවත් භාෂාවකට පරිවර්තනය කරමු. එහෙත් එහි දී ඉතා ම සාමාන්‍ය අවස්‌ථාවල දී මිස සියුම් අවස්‌ථාවල දී ඉන් අරුතක් ලබා දීමට හැකි නො වෙයි. වචනවල (සංකල්පවල) අදහස් හකුළුවා ව්‍යංගයෙන් විවිධ අදහස් ප්‍රකාශ කරන කවියෙහි මේ ප්‍රශ්නය බැරෑරුම් ලෙස උද්ගත වෙයි. එක් භාෂාවකින් ලියෑවුණු කවි වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීමේ දී පරිවර්තකයාට විවිධ අභියෝගවලට මුහුණ පෑමට සිදු වෙයි.
බුදුදහම ඉංගිරිසියෙන් ප්‍රකාශ කිරීමට හැකි යෑයි මම නො සිතමි. ඉංගිරිසියෙන් බුදුදහම ප්‍රකාශ කරද්දී ඒ භාෂාව නිර්මාණය වී ඇති ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි බලපෑම ජයගැනීම ප්‍රශ්නයක් වෙයි. ශක්‌තිය යන වචනය ඉංගිරිසියට පරිවර්තනය කරන්නේ කෙසේ ද? නැත හොත් එනර්ජි යන වචනය සිංහලට පරිවර්තනය කරන්නේ කෙසේ ද? මේ සංකල්පවලින් ඉංගිරිසියෙහි හා සිංහලයෙහි දැක්‌වෙන්නේ එක ම අදහස නො වන බැවින් අප එකිනෙකා මුහුණපාන ප්‍රශ්න කෙතෙක් ද?
කුසල් ශක්‌තිය, අකුසල් ශක්‌තිය, පාරමී ශක්‌තිය ආදිය ඉංගිරිසියට පරිවර්තනය කළ හැකි යෑයි නො සිතමි. මේ ශක්‌ති සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි නම් ආධ්‍යාත්මික ශක්‌ති වෙයි. එහෙත් සාමාන්‍යයෙන් ඉංගිරිසියෙහි ශක්‌තිය යන්නෙන් අදහස් වන්නේ භෞතික ශක්‌තියකි. මිනිසාට තම සිරුරේ ඇති ශක්‌තිය යොදා ගනිමින් යම් වස්‌තුවක් තල්ලු කළ හැකි ය. එසේත් නැත්නම් ඇදගෙන ගිය හැකි ය. බටහිර සංස්‌කෘතියෙහි ඇතැම් සත්ත්වයන්ට ද, එනම් සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි නම් ඇතැම් තිරිසන් සතුන්ට ද එසේ කළ හැකි ය. ඉංගිරිසින් ගේ බලය (Force) යන සංකල්පය තැනී ඇත්තේ මේ භෞතික ශක්‌තිය පදනම් කරගනිමිනි.
අශ්ව බලය (Horse power) යනුවෙන් ඇති සංකල්පය (අද ඊනියා ජාත්‍යන්තර සම්මත ඒකක යටතේ එය භාවිත නො කෙරේ) අශ්වයකු පැයක දී කරන කාර්යය මත පදනම් ව ගොඩනඟා ඇත. කාර්යය යනු දළ වශයෙන් බලයේ හා බලය යෙදෙන ලCෂ්‍යයෙහි විස්‌ථාපනයෙහි ගුණිතය වෙයි. ජවය යන සංකල්පය ඒකක කාලයක දී සිදු කරන කාර්යය සඳහා යොදා ගැනෙන්නේ යෑයි සිතමි. ඒ කෙසේ වෙතත් ශක්‌තිය යන්න ඉංගිරිසි සංස්‌කෘතියෙහි මුල දී යෙදුණේ මිනිසුන්, අශ්වයන් වැනි සතුන්, දුම්රිය ඇන්ජිම වැනි යන්ත්‍ර විසින් යම් වස්‌තුවක් ස්‌පර්ශ කරමින් තල්ලු කිරීමෙහි දී හෝ ඇදගෙන යැමෙහි දී වැය වන්නක් හැඳින්වීම සඳහා ය.
එහෙත් නිව්ටන් හා පසුව ෆැරඩේ හා මැක්‌ස්‌වෙල් විද්වතුන් විසින් ඒ සංකල්පය වෙනස් කරනු ලැබිණි. නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණ බලය යෙදවීමට ස්‌පර්ශ වීම අනවශ්‍ය විය. සූර්යයා හා පොළොව එකිනෙක මත ගුරුත්වාකර්ෂණ බලයක් යොදන්නේ එකිනෙක ස්‌පර්ශ කරමින් නො වේ. කාන්දමක් විසින් අල්පෙනෙත්තක් මත බලයක් යෙදෙන්නේ අල්පෙනෙත්ත ස්‌පර්ශ කරමින් නො වේ. එය තේරුම් කර දීම සඳහා මැක්‌ස්‌වෙල් විද්වතාට ක්‍ෂෙත්‍රය (Field) යන සංකල්පය හඳුන්වා දීමට සිදු විය. ගුරුත්වාකර්ෂණ ක්‍ෂෙත්‍රය යන්න ද මැක්‌ස්‌වෙල් විද්වතා ගෙන් පසුව භාවිතයට ආ සංකල්පයක් විය. නිව්ටන් විද්වතාට සූර්යයා හා පොළොව එකිනෙක ස්‌පර්ශ නො කර බලයක් යොදන්නේ කෙසේ දැයි තේරුම් කර දීමට නො හැකි විය.
වස්‌තු එකිනෙක ස්‌පර්ශ කරමින් හෝ නො කරමින් හෝ ශක්‌තිය වැය කරන්නේ ය යන්න බටහිර අදහසකිs. ඒ සමඟ ඇත්තේ යාන්ත්‍රික, විද්යුත් චුම්බක, ආදී භෞතික ශක්‌තියක් පිළිබඳ සංකල්පයකි. එහි ආධ්‍යාත්මික ශක්‌තියක් පිළිබඳ සංකල්පයක් නැත. එහෙත් සිංහල බෞද්ධයනට ශක්‌තිය යන්නෙන් ආධ්‍යාත්මික ශක්‌තිය පිළිබඳ අදහසක් ද ගෙන දෙයි. සිංහල බෞද්ධ ශිෂ්‍යයනට එනර්ජි යන්න ශක්‌තිය ලෙස පරිවර්තනය කිරීමෙන් බටහිරයන් බලාපොරොත්තු වන අදහස ලැබෙන්නේ ද යන්න සැක සහිත ය. ඇතැම් සිංහල බෞද්ධ ශිෂ්‍යයන් බටහිර එන්ර්ජි හා සිංහල ශක්‌තිය යන සංකල්ප දෙකෙහි වෙනස අවබෝධ කර ගනිමින් ඒ සංකල්ප නිරවුල් ව යොදා ගන්නවා ඇත. එහෙත් සිංහල බෞද්ධ සිසුන් බහුතරයක් මේ සංකල්ප දෙක මිශ්‍ර කරගනු නිසැක ය.