2012 සිදු වන්නේ කල්ප විනාශයක්ද?

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    2012 සිදු වන්නේ කල්ප විනාශයක්ද?

    කල්ප (කප්ප) විනාශය 2012

    අප අද ඡීවත් වන මේ යුගය ගෞතම බුද්ධ ශාසනය ඡීවමානව පවතින, බුද්ධ කල්පයට අයත් කාලපරිච්චේදයකි. බුද්ධ කල්පයක් ඇතුලතදී ලෝක විනාශයක් සිදුවිය නොහැකිය. එයට හේතුව ධර්ම මාර්ගය අනුගමනය කරන මිනිසුන් සුළු කොටසක් හෝ ලෝකයේ ඡීවත් වන නිසාය. බුද්ධෝත්පාද කාලයකදී ලෝක විනාශයක් සිදු විය නොහැකි නමුත් කල්ප විනාශයක් සිදුවිය හැකිය. කල්ප විනාශය යනු එක් යුගයක් අවසාන වී නව යුගයක් ආරම්භ වීමකි. කලි යුගය අවසන් වී ධර්ම යුගයක් ආරම්භ වීමද කල්ප විනාශයකදී සිදු වන්නකි. අද පවතින්නේ රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් "සංවර්ධනය" කරණු ලබන කලියුගයට අයත් කාලපරාසයකි. උතුම් බුද්ධ ධර්මය යලි මතු වීමත් සමග කලි යුගය අවසන් වී ධර්ම යුගයක් ආරම්භ වීම කල්ප විනාශයක් සිදු වීමයි.

    2012-12-21 වන දින මෙතෙක් පැවත් කාල පරාසයන් 5 ක අවසානය සිදු වේ.

    1. සංකල්ප
    2. ආකල්ප
    3. පරිකල්ප
    4. උපකල්ප
    5. මනංකල්ප

    මේවාට හේතු පාදක වූයේ කුමක්ද ?


    විශ්වයේ අතීතයේ, අද මෙන්ම හෙටද ක්රි යාත්මක වනුයේ හේතු ඵල ධර්මතාවයයි. මෙය වෙනස් කළ හැකි කිසිම විශ්ව කර්මයෙකු මෙලොව මෙන්ම වෙනත් කිසි ලොවකද නැත. මෙම ධර්මතාවයට අනුව කල්ප විනාශයක් සිදු වීමට අදාල වන්නාවූ හේතූන් මෙ වන විට සකස් කර අවසන්ය. මේ ඉදිරියේදී සිදු වන්නා වූ කල්ප විනාශය කිසිම විශ්ව කර්මයෙකුට නැවැත් වීමට නොහැකි නමුත් පුද්ගලයන් වශයෙන් තනි තනිව හෝ පරම මෛත්රීවය විශ්වයට අවංක සිතින් පැතිරැවහොත් ඒ විරාගී, විද්වේශී, විමෝහී සිතුවිලි වල ශක්තිය හේතුවෙන් තම තමාට යම් සහනයක් ලබා ගත හැකිය.............


    1.සංකල්ප

    රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් ක්‍රියා කරන මිනිසුන් බහුල ලෙසින්ම විශ්වශක්තිය, ස්වභාව ධර්මය කිළිටි කරණ කාල පරාසය සං කල්පය නම් වේ. මෙය දේව සංකල්ප, ආගම් සංකල්ප, මිත්‍යා සංකල්ප බහුල යුගයකි.

    සං වලින් හෙවත් රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් එකතු කර ගැනීමෙන් මත් වී එකතු කර සකස් කර ගත් සමුදය කාල පරාසය. (සං කල්පයන්) මෙම දිනට පසු සියළුම මිත්‍යා දුෂ්ටික ආගම් සංකල්ප යටපත් වී සං දේශනාව ඇතුලත් පරම පවිත්‍ර සිරි සද්ධර්මය ධර්මතාවයෙන්ම මතු වේ. මෙම ගත වන්නා වූ කලි යුගයේ දැනට ලෝකයේ පවතින ලෞකිකත්වයටම පමණක් බර වූ ආගම් සං කල්ප යටපත් වී පංච නියාම ධර්ම වලින් එකක් වන ධම්ම නියාමය ක්‍රියාත්මක වී නිවන් දැකීමට පිං ඇති දෙවි මිනිසුන් හට පවිත්‍ර සද්ධර්මය මතු කර දේ. ආගම් සංකල්ප යටපත් වී පිරිසිදු බුද්ධ ධර්මය මතු වන යුගයක් උදා වීම සිදු වේ. එය සංකල්ප විනාශ වන යුගයකි.


    2. ආකල්ප (තෙල් මූලික කර ගත් ආකල්පය)

    පෘතුවි මධ්‍ය යේ ඌෂ්ණත්වය 30000C පමණ වේ. මේ අධික ඌෂ්ණත්වය අවම කර මිනිස් වාසයට සුදුසු සේ මිහිතලයේ උණුස්ම පාලනය කරනු ලබන්නේ ප්‍රධානවම ලෝදිය තට්ටුවට පිටතින් ඇති තෙල් හා ගෑස් තට්ටුවයි. මෙම තට්ටුව මගින් පෘතුවි භාහිරයට බලපාන අධික ඌෂ්ණත්වය සීමා කර පාලනය කරනු ලබයි.

    නමුත් රාගයෙන් ද්වේශයෙන් හා මෝහයෙන් මත් වූ මනුසත්වයන් තම පරිභෝඡනය සදහා පමණ ඉක්මවා මෙම තෙල් භාවිතා කිරීම හේතුවෙන් පෘතුවි ගෝලයේ උෂ්ණත්වය පාලනය කිරීම අවම වීම හේතුවෙන් ගෝලීය ඌෂ්ණත්වය වැඩි විය. ඉන්පසු එම තෙල් ගෙන රථ වාහන, තාක්ෂණික උපකරණ හා අනේක විද වූ දේ වලට යොදා ගනිමින් ඡීවීන්ට පැවැත්මට උපකාරී වූ ප්‍රධාන සාධක වන ඡල තලය, වායු තලය හා පඪවි

    තලය අපිරිසිදු කරන ලදි. නමුත් මෙම ස්වාභාවධර්මයේ මූලික සාධක වූ පඪවි, ආපෝ, තේඡෝ, වායෝ යන සතර මහා භූතයින් සත්වයන්ට දිගින් දිගටම අපිරිසිදු කල නොහැක. මක් නිසාද යත් ස්වභාවධර්මය තමා විසින්ම එම සතර මහා භූතයන් පිරිසිදු කර ගන්නා ක්‍රම වේදයන් පවතින බැවිනි. එම නිසා ඒවා අපිරිසිදු වූ විට සතර මහා භූතයින් භ්‍රමණය වී, සංචරණය වී, වේගවත් වී ස්වභාවිකවම පිරිසිදු වේ. ඒ කෙසේද යත්, වායු තලය අපිරිසිදු කල විට වා තලය භ්‍රමණය වී සංචරනය වේගවත් වීම නිසා කුණාටු සුළි සුළං ආදිය ඇති වී ස්වභාවිකවම පිරිසිදු වේ. භූමි කම්පා, මහවැසි, සුළි කුණාටු ඇති වීම ඉර්තු විපර්යාස සිදු වීමෙහි ප්‍රතිඵලයකි. ඡල තලය අපිරිසිදු කල විටද ඡල තලය භ්‍රමණය වීම, සංචරණය වේගවත් වීම නිසා ස්නාමී කුණාටු අයිස් බවට පත් වීම සිදු වීම නිසා ස්වභාවිකවම පිරිසිදු වේ. තේඡෝ ධාතුවද ගිණි කදු සක්‍රිය වීම් මගින් හා වෙනත් ක්‍රම මගින් සංචරණය වේගවත් වී පිරිසිදු වේ. පඪවි ධාතුවද ඒ ආකාරයෙන්ම හැසිරීම නිසා භූමි කම්පා ආදිය ඇත වී පිරිසිදු වේ.
    මේ අයුරින් තෙල් මූලික කර ගෙන සකස් කර ගත් සංවර්ධන කල්පය 2012 දෙසැම්බර් 21 වන දායින් අවසන් වේ. දැන් හේතුව වෙනස් කල නොහැක. දැන් ඉතිරි වී ඇත්තේ රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් සකස් කල හේතූන් වල ථල භුක්ති විදීම පමණි.
    2004 වසරේ සුනාමි විපතෙන් ආරම්භ වූ මේ කල්ප විනාශය ඉහතින් සදහන් වන 2012 දෙසුම්බර් 21 වන දායින් අවසන් වේ. ඉහත සදහන් වන දින විපත් වල උපරිම තත්වය ඇති වී ගත වූ කාල පරාසය තුල තෙල් මූලික කර ගෙන සකස් කර ගත් සියලු භෞතික උපකරණ හා දැනුම විනාශ වී මෙම කලියුග කාල පරාසය මෙයට කලින් පැවති යුගයට එනම් බුද්ධ යුගයට නැවතත් පත් වේ.


    3.පරිකල්ප

    මූලිකවම මෙහිදී කලියුග කාල පරාසයේ නිපද වූ පරිගණක පදනම් කර ගෙන බිහි වූ තාක්ෂණික උපකරණ හා ඊට අදාල වූ දැනුම විනාශ වේ. එනම් ගත වූ කාල පරාසය තුල පැවති කාර්මික යුගය අවසන් වේ.

    මෙහිදී පරිගණක, අන්තර්ඡාලය, ඡංගම දුරකථන, රෑපවාහිනී, ගුවන් විදුලිය ආදී වූ සියළු තාක්ෂණික උපකරණ හා දැනුම භාවිතයෙන් ඉවත්වේ. එම දිනට අවසාන වශයෙන් සිදු වෙන්නා වූ භෞතික විනාශයත් සමග තාක්ෂණික දැනුමට අදාල විඥාණ ශකිතීන් හා ඊට අදාල සියලූම උපකරණද විනාශ වී යයි. නැවත මෙවන් කලියුගයක් පැම්ණෙනුයේ මෛත්‍රී බුද්ධෝත්පත්තියෙනුත් පසු කලකදීය. ඒ ආකාරයෙන් මෙතෙක් කලක් මිනිසුන්ගේ රාගය, ද්වේශය හා මෝහය වැඩි කර ලීමටම පමණක් ඉවහල් වූ පරිකල්ප යුගය නිමාවට පත්වේ.


    4.උපකල්ප

    මෙතෙක් සම්මත (සං + මත) කර ගෙන ඇත් සියළු උපකල්ප විනාශ වී යයි. ඒ කෙසේද යත් මෙදින එනම් 2012 - 12 - 21 වන දා උදය චරැවේ ආරම්භයේදී පමණ පෘතුව් ග්‍රහයා ගේ ගුරැත්වාකර්ශන බලය 0 (බිංදුව) ට පත් වේ. මේ නිසා සියළුම භෞතික විද්‍යාත්මක සම්මත සත්‍යන් වෙනස් වේ. (සං + මත)(පරම සත්‍යන් වෙනස් නොවේ. නමුත් සම්මත සත්‍යන් වෙනස් වේ.)
    මෙහිදී සංකල්ප, ආකල්ප, මනඃකල්ප, පරිකල්ප සකස් කර ගැනීමට උපකාරී වූ උපකල්ප විනාශ වී යයි.
    (උදා: - ඉලෙක්ට්‍රෝනය පිලිබද උපකල්පය)


    5.මනඃන්කල්ප

    ලෝකයේ වටිනා භෞතික දේවල් වන්නේ රන්, රදී, මුතු මැණික්ය. නමුත් මිනිසුන් මෙම වටිනා දේවල් මුදල් කොළයකට ආදේශ කරන ලදී. මුදල් ලෝකයක් සම්මතයෙන් මවා ගන්නා ලදී. මුදල් භාවිතය ආරම්භ කල දිනයේ පටන් මේ දක්වා පැවතියේ මුදල් මනඃකල්පයෙකි. මෙම ක්‍රමයද 2012-12-21 වන දිනයෙන් අවසන් වේ. නැවත ක්‍ර්‍රමයෙන් කලින් භාවිතයේ පැවති භාණ්ඩ හුවමාරැ ක්‍රමය යලි භාවිතා වේ.
    උදා:- 2013 දී රැපියල් 5000 සේ කොළ මිටියකට වඩා වෙළදසැල් හිමියාහට හාල් සේරැව වටින්නේය.
    මෙසේ ක්‍රමයෙන් බැංකු ක්‍රමයද භාවිතයෙන් අවසන් වේ


    උපුටා ගැනීමකි:source
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    picture.php
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උදා:- 2013 දී රැපියල් 5000 සේ කොළ මිටියකට වඩා වෙළදසැල් හිමියාහට හාල් සේරැව වටින්නේය.
    මෙසේ ක්‍රමයෙන් බැංකු ක්‍රමයද භාවිතයෙන් අවසන් වේ

    ඔයා කිව්ව දෙවල් ටික උනාම අනිවාර්යෙන් මේක වෙනවා මොකද ඔච්චර දෙයක් උනාම මිනිස්සුන්ට කන්න දෙයක් නැති වෙනවා නෙ:yes: සල්ලි තියාගෙන කන්නද ඉතින් එවයි වටිනාකම් අඩු වෙනවා:P
     
    Last edited: