2012.12.22

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
මේ දිනවල ෆේස් බුක් වබේ අඩවිය ඔස්සේ ද, ඊමේල් මාර්ගයෙන් ද පැතිර යන එක්තරා අපූරු ආරංචියක් විශාල ආන්දෝලනයකට තුඩු දී තිබේ. මෙම ආරංචියෙන් කියවෙන්නේ මෙම වසරේ (2012) දෙසැම්බර් මස 22,23 සහ 24 යන දින තුන තුළ මුළු මහත් පෘථිවියම අන්ධකාරයෙන් වැසී යනු ඇති බවයි. දින තුනක් පුරා සූර්යාලෝකය පෘථිවිය මත පතිත නොවනු ඇති බව ඒ මගින් කියවේ. විශ්වයේ ඇතිවන කිසියම් විපර්යාසයක් නිසා මෙබඳු සිද්ධියක් සිදුවනු ඇති බවට අනාවැකි පවසා ඇත්තේ ඇමෙරිකාවේ සුප්‍රකට අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයක් වන නාසා (NASA) ආයතනය බවද මෙම විද්‍යුත් ආරංචිය විසින් පවසනු ලබයි.
මෙයින් කියවෙන ආකාරයට 2012 දෙසැම්බර් 21 දා විශ්වයේ කිසියම් සුවිශේෂී පිහිටීමක් ඇති වෙයි. එම පිහිටීමෙහි ප්‍රතිඵලයක් ලෙස දින තුනක කාලයකට පෘථිවියට සූර්ය ආලෝකය නොලැබි යයි. ඇතැම් ඊමේල් පණිවුඩවලට අනුව මෙහි දී සිදුවන්නේ සූර්යයා සහ සියලුම ග්‍රහලෝක එකම සරල රේඛාවක් දිගේ පිහිටීමයි. ඉතා විරල සිදුවීමක් වන මේ සිද්ධිය නිසා පෘථිවිය මත අවුල් සහගත තත්ත්වයන් ඇති විය හැකි බව සඳහන් කරයි. පෘථිවිය වර්තමාන තුන්වැනි මාන තත්ත්වයේ (3rd dimension) සිට ශුන්‍ය මාන තත්ත්වයක් zero dimension තත්ත්වයක් අත්කරගන්නා බවත්, ඉන්පසු සිව්වැනි මාන 4rd dimension තත්ත්වයක් දක්වා පරිවර්තනය වන බවත් එහි දැක්වේ. මෙම කාලය තුළ සමස්ත විශ්වයම විශාල විපර්යාසයකට බඳුන් වන බවද, ඉන්පසු උදාවනු ඇත්තේ අලුත්ම ලෝකයක් බවද වැඩිදුරටත් මෙහි සඳහන් කර තිබේ.
දෙසැම්බර් අවසාන සතියේ විශේෂ වැඩකටයුතු යොදා නොගන්නා ලෙසද, නිවෙස්වලින් බැහැර නොයන ලෙසද මෙම විද්‍යුත් පණිවුඩ අනතුරු අඟවයි. දුරකතන, අන්තර්ජාල ඇතුළු සන්නිවේදන සබඳතා බිඳ වැටෙනු ඇති බවද පැවසේ.
ඇතිවිය හැකි අවුල් සහගත තත්ත්වයන් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත්ව සිටිය යුතු බවද, එසේ දැනුම්වත් නොවුවහොත් බොහෝ දෙනෙකු මේ අනපේක්ෂිත සිද්ධියෙන් බියට පත්ව මිය යනු ඇති බවද සඳහන් කර ඇත.
පසුගිය සතිය තුළ මෙම විද්‍යුත් පණිවුඩය ලොව පුරා සංසරණය වීමට පටන් ගැනීමත් සමග බොහෝ දෙනෙකු ඒ ගැන සොයා බලන්නට පටන්ගත් අතර මෙය සත්‍යයක්ද යන කුතුහලය විශාල පිරිසක් තුළ ඇති විය.
කෙසේ වෙතත් අවසානයේ අනාවරණය වූයේ මෙය මුළුමනින්ම සත්‍යයෙන් තොර ප්‍රවෘත්තියක් බවයි. නාසා ආයතනය මෙවැනි කිසිදු අනාවැකියක් පළ කර නොමැති බව එහිදී වාර්තා විය. මෙහි සඳහන් තුන්වැනි මානය, සිව් වැනි මානය වැනි යෙදුම් පවා විද්‍යාත්මක වශයෙන් කිසිදු අර්ථයක් නැති යෙදුම් බවද විද්‍යාඥයන් පවසා තිබිණ.
කෙසේ වෙතත් දෙසැම්බර් මාසයේ මෙහි සඳහන් වන දිනවල අප ජීවත් වන පෘථිවිය අයත් වන ක්ෂීරපථය (milkyway) චක්‍රාවාටයේ හෙවත් ගැලැක්සියේ කිසියම් විශේෂ සිද්ධියක් සිදුවන බව නම් තාරකා විද්‍යාඥයෝ පිළිගනිති. (ගැලැක්සියක් යනු සූර්යයා වැනි තවත් තාරකාද ග්‍රහ මණ්ඩල ද කෝටි ප්‍රකෝටි ගණනක් ඇති අතිවිශාල පද්ධතියකි-ඡායාරූපය බලන්න)

2මෙහිදී සිදුවන්නේ පෘථීවියේ සිට බලන විට අපගේ ගැලැක්සියේ කේන්ද්‍රය හරහා සූර්යයා, ගමන් කරන ආකාරයක් පෙනී යාමයි. එය පෘථිවියේ සිට බලන විට පෙනෙන ආකාරය විනා එහිදී ඇත්ත වශයෙන් සූර්යයා ගැලැක්සියේ කේන්ද්‍රය හරහා ගමන් කිරීමක් සිදු නොවේ. ඇත්ත වශයෙන් සිදුවන්නේ පෘථීවියත්, ගැලැක්සියේ කේන්ද්‍රයත් ඒ මැදින් සූර්යයාත් එකපෙළට පිහිටීමයි.
ඉහත කී ආකාරයේ ව්‍යාජ විද්‍යුත් පණිවුඩයකට තුඩු දෙන්නට ඇත්තේ විශ්වයේ මෙකී සිදුවීම විය හැකි බවට විද්‍යාඥයෝ අනුමාන කරති. අප ජීවත් වන ක්ෂීර පථය නම් ගැලැක්සියේ කේන්ද්‍රයේ කළු කුහරයක් (black hole) පිහිටා ඇති අතර කළු කුහරයක් යනු තවමත් සියයට සියයක් පැහැදිලි කිරීමක් කර නැති බොහෝ දුරට ගුප්ත සංසිද්ධියකි.
අන්තර්ජාලයේ සැරිසරන බිය උපදවන විද්‍යුත් පණිවුඩය බිහි වන්නට ඇත්තේ මේ සියලු තත්ත්වයන් පසුබිම් කරගෙන විය හැකිය යන්න තාරකා විද්‍යාඥයන්ගේ අදහසයි. නමුත් ඔවුන් ස්ථිර වශයෙන්ම පවසන්නේ දෙසැම්බර් අවසන් සතියේ මේ කියන විදියේ අන්ධකාරයක් විසින් ලෝකය බිලි නොගනු ඇති බවයි.
සූර්යයා අප ගැලැක්සියේ කේන්ද්‍රය ඉදිරියෙන් ගමන් කරන බව පෙනෙන අවස්ථාවේ සූර්යයාත් එම කේන්ද්‍රයත් අතර දුර ආලෝක වර්ෂ 28,000 ක් හෙවත් සැතපුම් ට්‍රිලියන 165,000 ක් වීම ඊට හේතුවයි.

සනත් විතානගේ
 

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අපි අද පාවිච්චි කරන දින ක්‍රමය ජේසුස් ක්‍රිස්තුස් තුමා නිසා අරඹ වුන එකක්. ඒ සිදුවීමට කිසිම විදිහක ග්ර්හාලොකවත් සුර්යයගේවත් බලපෑමක් ගැන අපි අහල නැහැ. 2012.12.21 කියන්නේ අපිට අංක අනුව බැලුවම පොඩි විශේෂත්වයක් තිබුනත් පෘතුවිය ඇති වෙලා මීට වැඩ හුගක් කල්. මමනම් කියන්නේ බය වෙන්න දෙයක් නැහැ කියලි. සමහර විට මිනිස්සුන්ගේ ප්‍රශ්න ඇතිවෙන්න ඉඩ තියෙනවා. මුස්ලිම් අයත් දැන් මොකක්ද ප්‍රශ්නයක පටලිලානේ.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    sira bana ehema winasha wenawa nam. hebei mata nam hitenne winashe kese wethat podi podi boomi kampa nama ethiwei