2013 අය වැයෙන් වාහන මිල තවත් වැඩිවේ.

priyal_hdp

Active member
  • Jan 2, 2009
    315
    38
    28
    2013 අය වැයෙන් වාහන මිල තවත් වැඩිවේ.

    පසුගිය මාර්තු මාසයේ වාහන බදු වැඩි කිරීමට රජය තීරණය කිරීමත් සමඟ අලුතින් මෝටර් රථ ලියාපදිංචිකිරීම් 66% කින් අඩුවී තිබෙන බවත්, එමනිසා ගෙන්වූ වාහන 5,000ක් ආපසු පැටවීමට සූදානම් කර ඇති බවත් මීට පෙර ලිපි කිහිපයක් මඟින් අප ඔබට ගෙන ආවා.

    එමෙන්ම වාහන හිමියන් ලංකාවේ ව්‍යාපාර කිරීම නවතා මියන්මාරයට යෑමට සූදානම් වන පුවතකුත් අප ඔබට ගෙන ආවා

    පසුගියදා ඉදිරිපත් කල අය වැයෙන් ගෙනා යෝජනා නිසා රේසින් කාර් වල බදු අඩු වුවද සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන කුඩා වාහන වල කලින් වැඩිවූ මිල තවත් වැඩිවී තිබෙනවා.

    එබැවින් වාහනයක් ගැනීමට සිහින මවමින් අය වැයෙන් බදු අඩුවේ යැයි සිතා සිටි බොහෝ දෙනාගේ එම සිහින බොඳව ගොස් තිබෙනවා.

    රේගු අධ්‍යක්ෂවරයා පවසන ආකාරයට වෑන් රථ වල නිෂ්පාදන බද්ද අයවැයෙන් වැඩි වෙන්නේ 41% සිට 80 % දක්වාය.

    එන්ජින් ධාරිතාව 1000 ට අඩු වාහන වල නිෂ්පාදන බද්ද 85% හෝ රු. 750,000 යන දෙකෙන් වැඩි අගයක් වී තිබෙනවා. ඒ අනුව කලින් පැවති මිලට වඩා රුපියල් 250,000කින් පමණ එම වාහනයක් නැවත මිල වැඩිවීමක් සිදුවේ.

    ටොන් 5 ට වැඩි ලොරි වල නිෂ්පාදන බද්ද 15%කින් වැඩිවේ.

    දැනට වෙළඳපොලේ ඇති වාහන සඳහා මෙම බද්ද අදාල නොවන අතර අය වැය ඉදිරිපත් කල පසුගිය 8 වෙනිදාගෙන් පසුව ගෙන්වන වාහන සඳහා මෙලෙස මිල වැඩිවේ.

    එබැවින් දැනට කාර් සේල් වල ගොඩගැසී පවතින වාහන මේ නිසා විකුණා ගත හැකි බවයි රජය පවසන්නේ. නමුත් ඒවා විකුණුනායින් පසුව වාහන වෙළඳසැල් වසා දමනවා හැරෙන්නට ඔවුනට විකල්පයක් නොමැති බව බලධාරීන් තේරුම් නොගැනීම කනගාටුදායකය.

    එමෙන්ම අලුතෙන් ගෙන්වන වාහන වල මිල වැඩිවීම ප්‍රයෝජනයට ගන්නා බොහෝ දෙනෙකු තමන්ගේ දැනට තිබෙන වාහන වැඩි මිලට විකිණීම නිසා පවතින වාහන වලද මිල වැඩිවීමද සිදුවේ.

    මහජන මුදලින් නඩත්තු වන පාලකයන් කෝටි ගනන් වටිනා වාහන තීරු බදු රහිතව ගෙන්වා සුරසැප විඳිමින් ජනතාවට වාහනයක් ගැනීමට ඇති අයිතිය අහුරා දැමීම නිසා ඔවුනට උදේ හවස සාප කිරීම විනා ජනතාවට විකල්පයක් නැතිවී තිබෙනවා.

    ~ Gossip9~