සභාවෙන් අවසරයි..
මචන්ලා,මචීලා....,
නිදහස් දිනය වෙනුවෙන් යම් පුදගලයෙක්ට හදපු ඇවටාර් එකක් අපි කට්ටියම ඊයේ ශෝ එකෙදි දා ගත්තනේ...මුලින්ම ඒකෙ බෞද්ධ කොඩිය යටින් දාපු නැති එක තමයි තිබුනෙ..ඒත් ඊට පස්සෙ මම ඒකට බෞද්ධ කොඩිය යටින් දාලා, මට එකක් හදා ගත්තා..ඊට පස්සෙ ඒක දා ගත්තෙ අපේ ලිං ජයා(මහේශ් ජයනාථ) ඇතුලු දෙතුන් දෙනෙක්...සස්ලිට් ශෝ එකේ කිව්වට පස්සෙ තමයි හැමෝම ඕක දාගෙන සහයෝගය සමගිය පෙන්නුවේ..එතකොට තමයි ඒක දා ගත්ත අය අනිත් සේරටමත් පොඩි බලපෑමක් එල්ල කරේ රේඩියෝ ත්‍රෙඩ් එකට එනවනම් ඒ ඇවටර් එක දා ගන්න ඕනෙ කියලා..
හරි..කියන්න ඕනේ මෙච්චරයි...ඒ සිද්දිය නිසා සමහරුන්ගෙ හිත් පොඩ්ඩක් අමනාප වෙලා තියෙනවා.මොකද බෞද්ධ කොඩිය යටින් තිබුන නිසා..ඒක නිසා බෞද්ධ නොවන අයට ඒක දා ගන්න උනා නම් ඊයෙ රෑ,ඒකට මම සමාව භාජනේකට දාලා ඉල්ලනවා හැමෝම වෙනුවෙන්.
ස්තූතියි.
අවුරෝරා.