2014 ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ සුවිශේෂ අධ&a

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    2014 ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ සුවිශේෂ අධ&a

    2014 ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ සුවිශේෂ අධිතාක්ෂණය!(ගෝල රේඛා තාක්ෂණය පලමු වරට)

    මෙවර බ‍්‍රසීලයේ පැවැත්වෙන 2014 ලෝක කුසලාන පාපන්දු තරගය සඳහා මින්පෙර නොවූ විරූ අයුරින් විද්‍යාවේ හා තාක්ෂණයේ සහය ලබා ගෙන තියෙනවා. මේ තරම් දියුණු පාපන්දු තරග මාලාවක් කිසිදාක පවත්වා නැතැයි කියලයි, එහි සංවිධායකයන් කියන්නෙ.

    කී‍්‍රඩකයන්ට සිරුරු සිසිල්ව තබා ගන්න විශේෂ ‘ස්මාර්ට්’ ඇඟලූම් තියෙනවා. දෙපා වේගයෙන් හා දක්ෂ ලෙස හසුරුවන්න විශේෂ බූට් සපත්තු තියෙනවා. කී‍්‍රඩකයන්ට විතරක් නෙවෙයි, තරඟ නරඹන අයටත් උපරිම අත්දැකීමක් හා ආස්වාදයක් ලබා දෙන්න විද්‍යාව හා තාක්ෂණ යොදා ගෙන තියෙනවා.

    දැනටමත් රූපවාහිනියෙන් මේ පාපන්දු තරඟ නරඹන අයට මේ තාක්ෂණයේ නවෝත්පාදනවලින් කීපයක් ම අත්විඳින්න ලැබිලා ඇති.


    4.JPG

    මෙවර බ‍්‍රසීලයේ පැවැත්වෙන ලෝක පාපන්දු කුසලාන තරග මාලාව යොදා ගෙන ඇති උසස් තාක්ෂණයෙන් කොටසක් මේ ග‍්‍රැෆික් සටහනෙහි දැක්වෙනවා. මෙතෙක් නොවූ විරූ අධි තාක්ෂණික පහසුකම් රැුසක් කී‍්‍රඩකයන්ට ලැබෙනවා. නරඹන්නන්ටත් එහෙමයි.


    මෙවර තරගයට යොදා ගන්නා පාපන්දුව හැඳින්වෙන්නේ ‘බ‍්‍රාසුකා’ (Brazuca) කියලයි. සෑම කී‍්‍රඩා තරගයකට ම පාවිච්චි කරන්නේ මේ පන්දුවයි. මේ පන්දුව තනා ඇත්තේ පොලියුරෙතීන් පනේල හයක් එකටෙක ඇලවීමෙනුයි. වෙනත් පාපන්දු මෙන් නොව මේ පන්දුව ඉහළින් යන්නේ එකම එල්ලයකටයි. වෙනත් පන්දුවල මැස්ම මත වාතය ගැටුණු විට බෝලයේ ගමන් මගෙහි සුළු වෙනසක් ඇති වෙනවා. ඒත් මෙහි මැහුම් පාරවල් වැඩි ගණනක් යොදා ඇති නිසා එසේ වන්නේ නැහැ.


    5.JPG

    නව බ‍්‍රාසුකා පාපන්දුව හා ලෝක පාපන්දු කුසලානය

    මේ වතාවේ පන්දු පිටියට හඳුන්වා දී ඇති කැපීපෙනෙන අලූත් දෙයක් වන්නේ විනිසකරුවන්ට විනිශ්චයේ දී පිටියේ යම්යම් සලකුණු කිරීමට ලැබෙන ස්පේ‍්‍ර තීන්ත විශේෂයක්. ජලයේ දියවෙන මේ තීන්තවලින් තබන සලකුණු අවශ්‍යතාව අවසන් වූ වහාම මැකී යනවා!

    කී‍්‍රඩකයකු වරදක් කළ විට දඬුවම් පහරක් එල්ල කිරීමට පන්දුව තබන තැන ලකුණු කරන්නේ මේ තීන්තවලින්. ඒ වගේම ඒ පහර ආවරණය කිරීමට ප‍්‍රතිවාදී කී‍්‍රඩකයන් පෙළ සෑදී සිට ගතයුතු තැනද සලකුණු කරන්නෙත් ඒ ක‍්‍රමයටමයි. මේ තාක්ෂණය කලින් පාපන්දු තරගවලට යොදා ගත්තත් ලෝක පාපන්දු කුසලාන තරග වෙනුවෙන් යොදා ගන්නේ පළමු වතාවටයි.


    8.jpg

    මේ විධියට තමයි පාපන්දුව තැබිය යුතු ස්ථානය ලකුණු කරන්නේ.

    මේ තරගවලදී භාවිතයට ගන්නා තවත් සුවිශේෂ දෙයක් තමා ගෝල රේඛා තාක්ෂණය (goal-line technology) කියා හැඳින්වෙන ගෝලය නිවැරදිව එල්ල කළාද කියා දැන ගන්නා ක‍්‍රමය. මෙය ‘ගෝල් කොන්ට්‍රෝල්’ (Goal Control) නම් ජර්මන් සමාගමක් මගින් සැපයූවක්.

    අධිවේගී කැමරා හතක් මේ සඳහා යොදා ගන්නවා. ගෝලයෙහි මුව විටෙහි ස්ථාපිත කර ඇති මේ කැමරා මගින් එහි සිදුවන දේ නිවැරදිව හසුකර ගෙන ගෝලයක් එල්ල කළ සැණෙකින් විනිසුරුගේ අතේ ඇති ඔරලෝසුවෙහි ‘ගෝල්!’ (GOAL) කියා ඒ බව සටහන් කෙරෙනවා.


    9.jpg

    බෝලය ගෝලය තුළට ආ බව දැක්වෙන ගෝල රේඛා ආවේක්ෂණ උපකරණය මීට කලින් ජපානයේ පැවති තරගයකදී පරීක්ෂා කළ ආකාරයයි මේ.

    10.JPG

    මේ සපත්තුවේ හෑම දෙයක්ම තනා ඇත්තේ කී‍්‍රඩකයාට වැඩි ජවයක් ලැබෙන විධියටයි.

    මෙවර තරගාවලියේ දී කී‍්‍රඩකයන්ගේ ඇඳුම් පැලඳුම් අතරින් වඩාත් කැපී පෙනෙන්නේ ඔවුන් පලඳින පාපන්දු බූට් සපත්තුයි. මෙවර තරගය සම්පූර්ණයෙන්ම වාගේ සපත්තු අතර සටනක්!

    පසුගිය දශක කීපය තිස්සේ ම පෙරළියකට ලක් වූ එය ඉතාම දියුණු තත්වයකට පත් ව තියෙනවා. මුලදී පැවති ගොරහැඩි සපත්තු වෙනුවට මේ සපත්තු සැහැල්ලූයි. ඉතා අලංකාරයි. කී‍්‍රඩකයාට පාද පහසුවෙන් හැසිරවීමට හැකි වන ලෙස එහි තාක්ෂණය වැඩි දියුණු කර තියෙනවා.

    මෙවර ලෝක පාපන්දු කුසලාන තරග සඳහා තාක්ෂණයේ උපරිම සේවය ලබා දෙන්න ලෝකයේ නිෂ්පාදන සමාගම් ගණනාවක් ලොකු තරගයක යෙදුනා. නිදසුනක් වශයෙන් නයික් (Nike) සමාගම තනා ඇති ‘මර්කියුරියල් සුපර්ෆ්ලයි’ (Mercurial Superfly) නම් පාපන්දු සපත්තුව දැක්විය හැකියි. එහි හෑම දෙයක්ම තනා ඇත්තේ කී‍්‍රඩකයාට වැඩි ජවයක් ලැබෙන විධියටයි.

    මෙහි ඇති තුන්පට වියමන නිසා පාපන්දුවත් පාදයත් අතර වැඩි සමීපතාවක් ඇති කරනවා. කී‍්‍රඩකයාට පන්දුව වඩා හොඳින් ස්පර්ශ වන නිසා පහසුවෙන් පන්දුව හසුරුවා ගෙන ඉදිරියට යා හැකියි. සපත්තුවත් කී‍්‍රඩකයාට වේගයෙන් ඉදිරියට යන්න තල්ලූවක් දෙනවා. මේ පන්දුව ලොවට හඳුන්වා දුන්නේ ජගත් පාපන්දු ශූර කි‍්‍රස්ටිනෝ රොනාල්ඩෝයි.


    11.JPG

    රොනාල්ඩෝ විසින් මේ අලූත් පාපන්දු සපත්තුව හඳුන්වා දුන් අවස්ථාව.

    මෙවර තරගයේ දී බෙල්ජියමේ මැරෝන් ෆෙලනි හා අයිවරි කෝස්ට්හී කෝලෝ ටෝරේ වැනි කී‍්‍රඩකයන් පලඳින්නේ නයික් සපත්තු නොවෙයි. ‘ගැම්බ්ලර්’ (Gambler) කියා සපත්තු විශේෂයක්. ඒවා තනා ඇත්තේ වොර්යර් ග්ලෝබල් කියා සමාගමක් විසින්. ඔවුන් විසින් පාපන්දු සපත්තු වර්ග දෙකක් සංවර්ධනය කර තියෙනවා. අනික් වර්ගය ‘ස්කී‍්‍රමර්’ (Skreamer) කියායි හඳුන්වා ඇත්තේ.

    ගැම්බ්ලර් සපත්තුවේ ඉදිරියෙන් නයිලෝන් පුංජයක් එක්කර තියෙනවා. එයින් පන්දුවේ වේගය අවශෝෂණය කර ගෙන එහි වැඩි පාලනයක් ලබා ගැනීමට කී‍්‍රඩකයාට උදවු වෙනවා. සපත්තුවේ අඩිය හොඳින් බිම ස්පර්ශ කරමින් වේගයෙන් ඉදිරියට යාමට උදවු වෙනවා.

    ස්කී‍්‍රමර් සපත්තුව තනා ඇත්තේ මයික්‍රෝ තන්තුවලින්. ඒ නිසා එය වඩාත් සැහැල්ලූයි. ඔවුන්ගේ නවෝත්පාදනය වන්නේ සපත්තුවේ පතුලට යොදා ඇති ‘4ඞී’ ක‍්‍රමයට තනා ඇති ඊතල සහිත තලයයි. එයින් කී‍්‍රඩකයාගේ පාදයේ රුධිර සංසරණය උත්තේජනය කරනවා.


    12.JPG

    වොරියර් සමාගම විසින් තනා ඇති ස්කී‍්‍රමර් බූට් සපත්තුවයි, මේ.


    ඊළඟ නව නිපැයුම් එන්නේ ඇඳුම්වලින්. මෙවර ලෝක පාපන්දු කුසලාන පැවැත්වෙන්නේ බ‍්‍රසීලයේ නිසා උෂ්ණත්වය තදින් බලපෑමට ඉඩ ඇති බව කල්තියා අවබෝධ කර ගෙන ඇති නිසා ඒ සඳහා විශේෂයෙන් නිපදවන ඇඳුමක් පාපන්දු කී‍්‍රඩකයන්ට තනා තියෙනවා.

    එල් නීනෝ සංසිද්ධියේ බලපෑමෙන් උෂ්ණත්වය තව තවත් වැඩි විය හැකි බැවින් තරගය පුරාම සිරුර සිසිල්ව තබන ඇඳුම් කට්ටලයක් නිපදවීමට තාක්ෂණය යොදා ගෙන තියෙනවා. මුල්ම තරගය පැවති දිනයේ උෂ්ණ්ත්වය සෙල්සියස් අංශක 39ක්.

    රටපුරා, ඒ වගේ ම පිටියේ, පිටිය අවට, සිටින නරඹන්නන්ට ඒ මොහොතේ පවතින උෂ්ණත්වය දැනුනත්, පිටිය මැද ඉන්නා කී‍්‍රඩකයාට විතරක් මේ ඇඳුම් කට්ටලය නිසා දැඩි අව් රශ්මිය දැනෙන්නේ නැහැ.

    නයික් සමාගම නිපදවා ඇති මේ ‘ජර්සිය’ ඔවුන් විසින් හඳුන්වාදී ඇත්තේ ‘උණුසුම මැද සිසිලස’ කියලයි. එය තාක්ෂණිව හැඳින්වෙන්නේ ‘තාප-පාලක’ ඇඳුමක් ලෙසයි.

    මෙවර 2014 ලෝක කුසලාන සඳහා නිපදවා ඇති ජර්සිය තුළින්, කලින් ඔවුන් විසින් තනන ලද ජර්සිවලට වඩා වැඩිපුර සියයට 56ක් වාතාශ‍්‍රය සපයමින් සිරුරට සිසිලස ලබා දෙනවා.

    මෙය තනා ඇත්තේ සියයට 94ක් පොලියෙස්ටර් හා සියයට 6ක් පමණක් කපු යොදා තැනූ රෙදි වර්ගයකින්. මේ පොලියෙස්ටර්වල ඇති තාපපාලක ලක්ෂණය නිසා කපු ඇඳුමක පහසුව කී‍්‍රඩකයාට දැනෙනවා.


    13.JPG

    2014 ලෝක කුසලාන තරගවල දී බ‍්‍රසීලයේ පාපන්දු කණ්ඩායම අඳින ජර්සියයි, මේ දැක්වෙන්නේ. මේ ඇඳුමෙන් කී‍්‍රඩකයාගේ සිරුරට සිසිලසක් ලැබෙනවා පමණක් නොව වැඩිපුර ගතට සහනශීලී හැඟීමක් ද ඇති කරනවා.

    මේ අතර අඩිඩාස් (Adidas) ජර්සි අතට තාක්ෂණය එක් කර තියෙනවා. එය හැඳින්වෙන්නේ ‘අඩිපවර්’ (adiPower) කියලයි. ඒ ක‍්‍රමයට කලින් සිසිල් කර පාවිච්චියට ගත හැකි අත් හා වෙස්ට් විශේෂයක් තනා තියෙනවා. කී‍්‍රඩකයන්ට තරගයට පෙර, පසුව හා පුහුණු වෙද්දී ඒවා පලඳින්න පුළුවන්.

    ඒවා සැලසුම් කර ඇත්තේ දැඩි උණුසුම ඇති විට ඒ පරිසරයට සූදානම් වීමටයි. එයින් කී‍්‍රඩකයාගේ සිරුරේ උෂ්ණත්වය අඩු කර තාපය නිසා ඉදිරියේ දී ඇති වන විඩාව අඩුකර ලීමයි. මේ ඇඟලූම් කී‍්‍රඩකයා අඳින්නට පෙර ශීතකරණයක තබා සිසිල් කර ගන්න ඕනෑ.


    14.JPG

    අඩිඩාස් සමාගම විසින් සකසා ඇති පෙර සිසිලන ඇඳුම.

    මේ සිසිලන ඇඳුමට අමතරව අඩිඩාස් සමාගම කී‍්‍රඩකයන්ට පුහුණු වීමට ‘ස්මාට් බෝලයක්’ නිපදවා තියෙනවා. ඒ පාපන්දුව තුළ සංවේදක සවි කර තියෙනවා.

    ඊට පහර දෙන විට එහි ප‍්‍රබලතාව කොපමණද? ප‍්‍රහාරයේ දී එය ගමන් කරන ප‍්‍රක්ෂිප්තය කෙබඳුද? පිටියේ මුලූවලදී හා දඬුවම් පහරවලදී පන්දුවේ ගැටෙන් තැන් ආදිය ඒ සංවේදකවලින් දැන ගන්න පුළුවන්. ඒ අනුව පුහුණුවන්නට කී‍්‍රඩකයාට හැකියාව ලැබෙනවා.

    මෙය සිදු කෙරෙන්නේ බ්ලූටූත් එකක් මගින් කි‍්‍රයාත්මක වන විශේෂ උපාංගයක් මගින්. මේ උපාංගයෙන් තාක්ෂණික පුහුණුකරුවකුගේ සහය කී‍්‍රඩකයාට හෝ කී‍්‍රඩකයාගේ පුහුණුකරුට ලැබෙනවා.

    කී‍්‍රඩකයාට නිදහස් පහරක් එල්ල කිරීමේ දී සිටිය යුතු ඉරියව්ව, දඬුවම් පහරක් එල්ල කරන හැටි, පන්දුවට වැඩි බලයක් යොදවන හැටි, තුවාලවීම්වලින් වළකින.


    15.JPG

    මෙහි දැක්වෙන්නේ සුපිරි පුහුණු වීම් සඳහා යොදා ගැනීමට නිපදවා ඇති අඩිඩාස් පාපන්දුවයි. මේ පන්දුව ඔබට හොඳින් පහර දෙන හැටි උගන්වන ‘ස්මාට්’ එකක්!

    මේ අතර තවත් තැනක එංගලන්ත කණ්ඩායම වෙනත් තාක්ෂණයක පහසුව අත් විඳිනවා. මියාමි වෙරළේ දී පරිසරයට හුරුවීමේ කි‍්‍රයාවලියේ දී ඔවුන් වෙත ඇති මේ තාක්ෂණය දැක ගත හැකි වුණා.

    ඔවුන්ගේ පුහුණු පිටියේ පසෙක තිබුණා, ලූකෝසේඞ් (Lucozade) යනුවෙන් නම් සටහන් කළ සීත පෙට්ටි විශේෂයක්. ඒ විශේෂ පෙට්ටිවල එක් එක් කී‍්‍රඩකයාගේ නම ගසා තිබුණා. එසේ කර තිබුණේ කිසියම් හේතුවක් නිසයි. එහි තිබුණු බීම ඒ ඒ කී‍්‍රඩකයාගේ සිරුරේ ඇති වන අවශ්‍යතාවලට අනුව වෙන වෙනම සකසා තිබුණා. මේ පහසුකමත් මෙවර ලෝක කුසලානයට තරග වදින එංගලන්ත කී‍්‍රඩකයන්ට ලැබෙන විශේෂ දෙයක්.


    16.JPG

    එංගලන්ත කණ්ඩායමේ කී‍්‍රඩකයන්ට කී‍්‍රඩා කරද්දී දහඩිය මගින් අහිමි වන දෑ යළි ලබා දීමට යොදා ගන්නා කී‍්‍රඩකයන්ගේ නම් යෙදූ සීත පෙට්ටි.

    පාපන්දු තරග නරඹන්නන්ටත් නව තක්ෂණය බොහෝ දේ සපයා තියෙනවා. පරිගණකය ඔස්සේ පමණක් නොව ටැබ්ලට්, ස්මාට් ෆෝන් ආදියෙනුත් තරග නරඹන්න ඔබට එක් වෙන්න පුළුවන්. වෙනම උපාංග තනා තියෙනවා, කී‍්‍රඩකයන්ගේ තොරතුරු හා දත්ත තිරයේ සටහන් කරවා ගත හැකි. ඔබ කොහේ හෝ සිට තරඟ නැරඹුවත් ඒ සිත් ගන්නා දර්ශන බා ගන්න පුළුවන්, ඒ පිළිබඳ අවශ්‍ය දත්ත සමග. පසුව ඒවා මුහුණුපොත හෝ ටීවීටරය හෝ ඔස්සේ ඔබට මිතුරන් සමග හුවමාරු කර ගත හැකියි.


    සම්පූර්ණයෙන්ම උපුටා ගැනීමකි...
    උපුටා ගත්තේ Zoom එකේ damithperera
    සහෝ දාලා තිබ්බ නූලකින්..ලිපියේ සියළු ගෞරවය මුල් කතෘ තුමාට ලැබිය යුතුය

    හොඳ නම් දන්නවනේ ඉතින්...:yes:
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මුන්ට කකුලෙන් බෝලෙකට පයින් ගහගන්න තියනව අමාරුව. :lol:

    ඔය විකාර නිසා ක්‍රීඩාවේ අගයත් නැති වෙනව. ඔය ක්‍රීඩා වලට එක එක විජ්ජුම්බර දාන්න දෙන එකෙන් වෙන්නෙ දක්ෂතාවය තියන එවුන් පැරදිල සල්ලි තියන එවුන් දිනනව.

    හෙළුවෙන් සෙල්ලම් කරන්න කිව්වනම් හැමෝටම සාධාරනයිනේ.:P
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    niyma post ekek...budu ammoooo me para thiyana gajamatic thogaya....:D:D rep ++

    මීට වැඩිය හොඳට ගැජමැටික් සෙට් කරලා කරන්න තිබුනා මේක ලංකාවෙ තිබ්බනම් :eek:...නැත්ද මම අහන්නේ..
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මුන්ට කකුලෙන් බෝලෙකට පයින් ගහගන්න තියනව අමාරුව. :lol:

    ඔය විකාර නිසා ක්‍රීඩාවේ අගයත් නැති වෙනව. ඔය ක්‍රීඩා වලට එක එක විජ්ජුම්බර දාන්න දෙන එකෙන් වෙන්නෙ දක්ෂතාවය තියන එවුන් පැරදිල සල්ලි තියන එවුන් දිනනව.

    හෙළුවෙන් සෙල්ලම් කරන්න කිව්වනම් හැමෝටම සාධාරනයිනේ.:P

    :eek::eek::eek::lol:
     

    Similar threads