2015 අයවැය යෝජනා වලට මගේ අදහස්

wmdpwijerathne

Junior member
  • May 19, 2014
    157
    21
    18
    2015 අයවැය යෝජනා වලට මගේ අදහස්

    මේ මගේ අදහස් ඔන්න ඔයාලාගේ ඒවත් දන්න ...
    1.JPG

    2.JPG

    3.JPG

    4.JPG

    5.JPG
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔය මොනා දුන්නත් රනිල් දිනන එක වලක්වන්න බෑ.ඕවා නෙවෙයි මිනිස්සුන්ට රත්තරන් ටොන් එක ගානේ දුන්නත් මේ පාර එක්සත් ජාතික පක්ෂය උඩින්ම දිනනවා.
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    අයවැය ප්‍රෝඩාවක්, වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට සූදානම්
    10/25/2014 10:28

    ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය කියයි
    ඔක් 25, 2014 (විමසුම) – මහින්ද රාජපක්‍ෂ මුදල් ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාව මගින් වැඩකරන ජනතාවට විශාල වැටුප් වැඩිවීමක් ලබාදෙන බවට හුවා දැක්වීමට උත්සාහ කළත් එමගින් වැඩකරන ජනතාවගේ ඉල්ලීම් සම්පූර්ණයෙන්ම පාහේ ප‍්‍රතික්‍ෂේප කර ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ප‍්‍රකාශ කරයි.
    රාජ්‍ය සේවකයින්ගේ සියළු දීමනා මූලික වැටුපට එකතු කරන ලෙසත්, රු. 10,000/- කින් වැටුප් වැඩිකරන ලෙසත්, නීති සම්මත කර පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකරන ලෙසත් අයවැය මගින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළ නමුත් ජනාධිපතිවරයා අයවැයෙන් ලබා දී තිබෙන්නේ රු. 2,200/- ක දීමනාවක් හා රු. 924/- ක වැටුප් වැඩිකිරීමක් පමණක් බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

    ඒ අනුව සමස්ත වැඩිවීම රු. 3,124/- කි. මෙය සම්පූර්ණයෙන්ම වැඩකරන ජනයා රැවටීමක් වන අතර මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පත්වීමෙන් පසු වැඩිවූ ජීවන වියදම් දීමනාවට අදාලව ගෙවීමට නියමිතව තිබූ හිඟය වන රු. 15,302/- ක මුදල කිසිසේත් පියවා ගැනීමට ප‍්‍රමාණවත් නොවන බවයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසන්නේ.

    ලාල්කාන්ත මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

    රාජ්‍ය සේවක වැටුපට එල්ලා ඇති දීමනා සියල්ලම මූලික වැටුපට එකතු කරන ලෙස වැඩකරන ජනතාව ඉල්ලා සිටියත් රු.10,146/- ක් වන දීමනාවලින් එකතු කර ඇත්තේ 20% කි. එනම් රු. 2,346/- ක් පමණි.

    අවම වශයෙන් රු.10,000/- ක අවම වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටියදී ජනාධිපතිවරයා වැඩිකර ඇත්තේ රු.924/- කි.

    නීති සම්මත කර පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් වැඩිකිරීමක් ඉල්ලා සිටියද ජනාධිපතිවරයා පෞද්ගලික අංශයට රු. 10,000 ක අවම වැටුපක් ලබාදීමට යෝජනා කර ඇති අතර එමගින් පෞද්ගලික අංශයට වැඩිවන්නේ රු. 375/- කි. මෙය පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාව අපේක්‍ෂා කළ එකක් නොවේ. තවද වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධව කිසිදු ප‍්‍රකාශයක් අයවැයේ සඳහන් කර නැත.

    මේ අනුව අයවැය මගින් වැඩකරන ජනතාවගේ ඉල්ලීම් සම්පූර්ණයෙන් පාහේ බැහැර කර ඇති අතර රාජ්‍ය අංශයට පමණක් දීමනා සහ වැටුප ලෙස රු.3,124/- ක වැඩිවීමක් ලබාදෙමින් ඉලක්කම් විජ්ජාවක් පෙන්වා ප්‍රෝඩාවක් කර තිබේ.

    මෙය ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය කිසිසේත් අනුමත නොකරන අතර දැන් වැඩකරන ජනතාවට ඉතිරිව ඇත්තේ දැවැන්ත වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම බවත් ප‍්‍රකාශ කර සිටින අතර ඒ සඳහා සූදානම් වන ලෙස අපි වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    ඔය මොනා දුන්නත් රනිල් දිනන එක වලක්වන්න බෑ.ඕවා නෙවෙයි මිනිස්සුන්ට රත්තරන් ටොන් එක ගානේ දුන්නත් මේ පාර එක්සත් ජාතික පක්ෂය උඩින්ම දිනනවා.

    thapoialge oya gon mole thamath hadila nathi ekai duka. anduwe un mahindawa allan innawa ubala hamadama paradina ranil wa allan innawa. me para dinnanna onnam okkoma ekathu wela wena podu apekshakayek genan. ranil damoth mahinda rajapaksha uduin dinun. mahinda balan inneth ranil illanakan thamai. gon harak wela me parath ubala mahindawa dinawai wage...