2018 දී

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
2018 දී මෙලොව එලිය දකින ලොව බලසම්පන්නම දුරේක්ෂය

8542011795_87ab654a17.jpg


2018 දී මෙලොව එලිය දකින ජෙම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය නොහොත් මිළග පරම්පරාවේ අභ්‍යවකාශ දුරේක්ෂය ගැන තමා අද කතා කරන්න යන්නේ මුලින්ම ජේම්ස් වෙබ් ගැන සාමාන්‍ය තොරතුරු විමසා බලමු

සමාගම : නසා ආයතනය (මිට අමතරව යුරෝපා සහ කැනේඩියානු අභ්‍යවකාශ ආයතනයද සහය දක්වා තියෙනවා)

ඉදිකරන සමාගම : Northrop Grumman,Ball Aerospace

ඉදිකිරීම් අවසන් කරන දිනය : October 2018

එළිදක්වන ස්ථානය : Guiana Space Centre ELA-3,Kourou, French Guiana

අභ්‍යවකාශ ගත කරන යානය : ආරිආනේ 5

ස්කන්දය : 6,200 kg (13,700 lb)

දුරේක්ෂය ස්ථානගත කරන ස්ථානය : පෘතුවියේ සිට කිලෝ මිටර් මිලියන 1.5 ඇතින්

දුරේක්ෂ වර්ගය : Korsch (Three-mirror anastigmat)

තරංග පරාසය : 0.6 µm (orange) to 28.5 µm (mid-infrared)

ප්‍රදාන දර්පනයේ විෂ්කම්බය : 6.5 m (21 ft)

අන්තර්ගත උපකරණ : NIRCam Near IR Camera, NIRSpec Near-Infrared Spectrograph, MIRI Mid IR Instrument, NIRISS Near Infrared Imager and Slitless Spectrograph, FGS Fine Guidance Sensor

මේකට ජේම්ස් වෙබ් කියල නම දාල තියෙන්නේ මේ පිළිබද මුලින්ම අදහසක් ඉදිරිපත් කළ සහ ඇපලෝ වියාපෘර්තිය මෙහෙයවූ James Edwin Webb (October 7, 1906 – March 27, 1992) මහතාට ගෞරවයක් වශයෙන්. අවුරුදු 25 පැරණි මෙතෙක් කලක් අභ්‍යවකාශයේ තොරතුරු දැනගැනීමට යොදාගත් ප්‍රකට් හබල් දුරේක්ෂයේ කාර්යය 2018 පසු ජේම්ස් වෙබ් දුරේක්ෂයට පැවරෙනවා. මෙහි බලය හබල් දුරේක්ෂය මෙන් 100 ගුණයක් වන බව ඔවුන් පවසා සිටිනවා. ඒ වගේම මෙහි ප්‍රධාන දර්පනයේ විශාලත්වය හබල් දුරේක්ෂයේ ප්‍රධාන දර්පනය මෙන් තුන් ගුණයක් වන බව සදහන් වෙනවා. මෙය සාදා නිමකිරීමට ඩොලර් බිලියන 3.5 යන බව ගණන් බල තිබුනත් අද වන විට එම මුදල බිලියන 8.83 ඉක්මවා ගොස් ඇත.

මෙය කොතරම් වැදගත් වියාපෘතියක්ද යන බව අපට වැටහෙන්නේ මෙය ඉදිකරන ඉන්ජිනේරුවන් පවා සුදු පහැති ඇදුමෙන් සැරසි කිසිදු දුවිල්ලක් පවා යාමට නොදී මෙය ඉදිකරන ආකාරයයි. 2018 දී ආරිආනේ 5 යානය ආධාරයෙන් අභයවකාෂ ගත කරන ටොන් 6.2ක් බර මෙය මගින් විශ්වය බිහිවූ මහා පිපිරුමෙන් පසු වසර මිලියන 200ක් ආපස්සට ගොස් තොරතුරු සොයා ගැනීමට හැකි බව ඔවුන් පවසනවා. මේ හැකියාවත් සමග සිය දුරේක්ෂය බලසම්පන්න කාල යන්ත්‍රයක් වන බව ඔවුන් පවසනවා. මෙමගින් වසර බිලියන 13.5 ක් තරම් කාලයක් ආපස්සට ගොස් විශ්වයේ අදුරු ප්‍රදේශවල බිහිවූ පළමු තාරක සහ මන්දාකිනි දැක බල ගැනීමේ හැකියාවද ඇති ඔවුන් පවසනවා.

270px-JWST-HST-primary-mirrors.svg.png

හබල් දුරේක්ෂය සහ ජේම්ස් වෙබ් ප්‍රදාන දර්පන අතර වෙනස

4809491924_1513e797e6.jpg

දර්පනයක්

15404646465_a55beb1b27.jpg

රිදී සහ රන් ආලේපිත දර්පණ

13472409915_6516d31020.jpg

ආරක්‍ෂිත ඇදුම් සහිත ඉංජිනේරුවන්

220px-L2_rendering.jpg

පෘතුවියේ සිට ජේම්ස් වෙබ් ස්ථානගත කරන තැන පෙන්නවන රුපය

469px-James_Webb_Space_Telescope_2009_top.jpg

කක්ෂගත පෙනුම

500px-Comparison_optical_telescope_primary_mirrors.svg.png

දර්පන අතර වෙනස සහ අනාගත දුරේක්ෂ වල දර්පන

වෙනත් චායාරුප
15518788157_fd5da2e8b7.jpg


14753947223_57aef93926.jpg


14898415035_9fefc45204.jpg


11073010005_c1e2cec2e9.jpg


5621574713_6ebe972f68.jpg


4976532481_c75c615486.jpg


6189823134_f063ddc0ce.jpg


9396658850_b6d9fde4a7.jpg




මෙතනින් ජේම්ස් වෙබ් හදන හැටි වෙබ් කැම් වලින් බලන්න
http://www.jwst.nasa.gov/webcam.html


මහන්සිවෙලා කෙටුවේ අනිත් අයටත් බලන්න බුම්ප් එකක් දාගේන යන්න

 
Last edited: