2019 අවුරුද්දේ නිකුත්වුණ බලන්නම ඕන Films 10ක්!
2019 අවුරුද්ද කියන්නේ ලෝක සිනමාවට බොහොම අපූරු නිර්මාණ විශාල ප්‍රමාණයක් දායාද කළ වර්ෂයක්. විශේෂයෙන්ම පරණ අධ්‍යක්ෂකවරු ගණනාවක් ආයෙත් චිත්‍රපට කර්මාන්තයේ වැජඹෙන්න පටන්ගත්ත අවුරුද්දක්. ඒ නිසාම 2019 අවුරුද්දේ නිකුත් වුණු ඔබ බලන්නම ඕන චිත්‍රපටි 10ක් තමයි මේ.
01. Parasite
මේකනම් ඉතින් බලන්නම ඕන ෆිල්ම් එකක් කියලා ඔබ දැනටමත් දන්නවා ඇති. ඉතිහාසයේ පළමුවෙනි වතාවට ඔස්කාර් ඇකඩමි සම්මානය ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය නොකළ චිත්‍රපටයක් දිනාගත්තා නම් ඒ තමයි Parasite. දකුණු කොරියානු චිත්‍රපටයක් වන මෙය දුප්පත්කමින් මිදෙන්න ජීවිතේ විවිධ ගේම් ගහන පවුලක් වටා ගෙතෙනවා. ඔවුන්ගේ දරීද්‍රතාව හමුවේ පරපෝෂිතයන් සේ කටයුතු කරන්න ඔවුන් සිදුකරන දේ මෙහි අන්තර්ගතයි.
02. 1917
යුදමය චිත්‍රපටයක් විදිහට පෙළගැස්වුණත් ඔස්කාර් සම්මාන උළෙල අවස්ථාවේ විශේෂ ඇගයීම් ගණනාවකට බදුන් වූ චිත්‍රපටයක්. කැමරා භාවිතය සහ ඉතාම සංවේදී දර්ශන පසුබිම් අඩංගු මේ චිත්‍රපටය බොහෝ විචාරකයන් ඔස්කාර් සම්මානය දිනාගනු ඇතැයි විශ්වාස කලා. මේකත් ඔබ බැලුවාට පාඩු නැති අපූරු චිත්‍රපටයක්.
03. Joker
මේ චිත්‍රපට මාලාව ලෝකය පුරා බටහිර චිත්‍රපට රසිකයන්ගේ බොහොම ආකර්ශණය දිනාගත් චිත්‍රපටයක්. පසුගිය අවුරුද්දේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය හිමිකරගත්තේත් Joker චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන Joaquin Phonix. ඒ නිසා මේ චිත්‍රපටය බොහොම ඉහළ රංගන ප්‍රතිභාවක් වගේම ගැඹුරු තේමාවක් රැඳුනු චිත්‍රපටයක් විදිහට හඳුන්වන්න පුළුවන්
04. Toy Story 4
Toy Story චිත්‍රපට මාලාව ලොවපුරා කුඩා දරුවන් විතරක් නෙවෙයි වැඩිහිටියන් පවා බොහොම ආශාවෙන් නරඹන චිත්‍රපට පෙලක්. එහි 4 වැනි චිත්‍රපටය විදිහට Toy Story 4 පහුගිය අවුරුද්දේ තිරගත වුණා, ලොව පුරාම රසිකයන්ගෙන් එයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපට අතර ඔස්කාර සම්මානයෙන්ද පිදුම් ලද මේ චිත්‍රපටයත් බලන්නම ඕන එකක් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ.
05. Ford v Ferrari
මෝටර් රථවලට වගේම මෝටර් රථ ධානව තරඟවලට ඇළුම් කරන රසිකයන්ට මේ චිත්‍රපටය කියන්නේ හොඳ තෝරාගැනීමක් වෙනවා වගේම මෑත ඉතිහාසයේ සිදුවුණු සැබෑ සිදුවීමක් පදනම් කරගෙන නිර්මාණය වුණු චිත්‍රපටයක් විදිහට බොහොම ආසාවෙන් සහ කුතුහලයෙන් බලන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේක. ෆෝර්ඩ් සමාගම තමන්ගෙම රේසින් මෝටර් රථ නිපදවීම පටන්ගන්න තැන ඉඳන් පෙරාරි සමාගමට තරඟයක් දෙන්න කරන ඉතා සංවිධානාත්මක ක්‍රියාකාරකමට හවුල්වෙන පුදුම සහගත රේස් කාරයෙක් ගැන මේ චිත්‍රපටය කතාකරනවා.
06. John Wick: Chapter 3
ක්‍රියාදාම හොලිවුඩ් චිත්‍රපටවලට පිස්සුවැටුණු උදවියට John Wick කියන්නේ ආගන්තුක නමක් නෙවෙයි. කිසිම හිතක් පපුවක් නැතිව තමන්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව අවි අතට ගන්න මේ භයානක සටන්කරුවාගේ චරිතයට පණපොවන්නේ සුප්‍රකට නළු කීනු රීව්ස් වීමත් එක්ක මේ චිත්‍රපටය තවත් ආකර්ශණීය වෙනවා. එම චිත්‍රපට මාලාවේ 3 වැනි කොටස රසිකයන් අතරේ වේගයෙන් ජනප්‍රිය වුණා.
07. Zombieland: Double Tap
සොම්බීස් චිත්‍රපටි බලන්න සමහරු අකැමති වුණත් ඒකම පිස්සුවක් කරගත්තු අයත් ලෝකේ නැතුවාම නෙවෙයි. හැබැයි මේ චිත්‍රපටයනම් සොම්බීස්ලා ගැන භයකට වඩා විනෝදයක් එකතුකරන චිත්‍රපටයක්. ඒකට හේතුවෙන්නේ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට පණපොවන චරිතාංග නළු නිළි එකතුව නිසාමයි.
08. Badla
2019 අවුරුද්දේ බිහිවුණු බොහොමයක් හින්දි චිත්‍රපට ආදරය සහ සමාජ ප්‍රශ්න තේමාකරගත්ත ඒවායි. ඒ අතරින් බොහොම කුතුහලය දනවන සහ අන්තිම තත්පරය වෙනකල් සිදුවෙන්න් මොකක්ද කියලවත් තේරුම්ගන්න බැරි චිත්‍රපටයක් විදිහට මෙම චිත්‍රපටය නම් කරන්න පුළුවන්. හින්දි සිනමාවේ අග්‍රගන්‍ය නළු අමිතාභ් භච්චන් සහ අලුත් වුණත් මේ වෙද්දිත් හින්දි සිනමාවේ විශාල පෙරලියක් කරපු තාපසී පානුගේ විශිෂ්ට රංගනයෙන් හැඩවෙන මෙම චිත්‍රපටය අනිවාර්යයෙන්ම ඔබ නැරඹිය යුතුම එකක්.
09. Chhichhore
ඔබ 3 idiots චිත්‍රපටය ආසාවෙන් බැලුවනම් අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටයත් පිස්සුවෙන් වගේ බලනවා සහතිකයි. තරුණ කාලයේ විශ්වවිද්‍යාල ජීවිතේ ඇතුලේ හොස්ටල්වල කොල්ලෝ ගතකරන පිස්සු ජීවිතේ පස්සේ කාලෙක ඇත්තම ජීවිතේදිත් ආයෙත් මුණගැහෙන හැටි මේ චිත්‍රපටය එක්ක අවබෝධකරගන්න පුළුවන්. බොහොමයක් නළු නිළියන් අළුත් අය වුනත් ඉතා සාර්ථක රංගනයක නිරත වෙනවා, ඒ වගේම බොලිවුඩයේ ආකර්ශණය දිනාගත් නිළිය ශර්දා කපූර් මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා.
10. Super 30
මේක ඉන්දියාවේ සිදුවුණු ඇත්තම සංවේදී කතාවක් පදනම් කරගෙන හැදුණු චිත්‍රපටයක්. ප්‍රධාන චරිතය රඟපාන්නේ රිතීක් රෝෂන්, ඔහු තමන්ගේ රංගන ජීවිතයේ ඉතා සාර්ථකම අවධිය පහුකරමින් ඉන්න නළුවෙක් විදිහට මේ චිත්‍රපටයේ බොහොම සාර්ථක රංගනයක නිරත වෙනවා. ඉතා දුක්මහන්සියෙන් අධ්‍යාපනය ලබාගෙන එයින් සල්ලි හම්බකරනවා වෙනුවට නොමිලේ අධ්‍යාපනය දෙන්න කැපවුණු අපේ කාලයේ ගුරුතරුවක් ගැන කියවෙන අපූරු චිත්‍රපටයක් තමයි මේක.
Source:https://her.lk/artz/1058-must-watch-movies