2020ට_රනිල් සූදානම්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    2020ට_රනිල් සූදානම්

    එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන ඉඟි පළකෙරේ



    එක්සත් ජාතික පක්ෂයේ ඉකුත් දා සිදුකෙරුණු ප‍්‍රතිසංවිධාන පිළිබඳව එහි නව මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සහ රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න ද අද (28) අදහස් පළ කළා.

    මාධ්‍යවේදීන් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න කියා සිටියේ සියලූ තනතුරු සඳහා පුද්ගලයින් ඡන්දයෙන් තෝරා ගන්නා පරිදි එක්සත් ජාතික පක්ෂය තවදුරටත් ප‍්‍රතිසංවිධානය විය යුතු බවයි.

    යෝජිත මෙම ඉදිරි ප‍්‍රතිසංවිධාන ද කඩිනමින් සිදුවනු ඇතැයිද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා. ඒ අනුව අගමැතිවරයා ප්‍රකාශ කල පරිදි නව නායකත්වයකට පක්ෂය භාරදී, නියෝජය නායකයින් ඇතුළු සියලු තනතුරු ජන්දයෙන් තෝරා පත්කර ගනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියආ සිටියේ.

    මේ අතර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ සිදු කෙරුණු ප‍්‍රතිසංවිධාන පිළිබඳ ඇති විරෝධතා කඩිනමින් සමනය වනු ඇති බවයි. මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා පිළිබඳවද මෙහිදී ඉඟී පළ කෙරුණා.

    කෘත්‍යධිකාරී මණ්ඩලයේ සිටි ජෝසප් මයිකල් පෙරේරා හැර අනෙක් සියලු දෙනාගේ කැමැත්ත පරිදි පක්ෂයේ තනතුරු වෙනස් කල බවයි. එමෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

    අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ අස්ගිරි සහ මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්ණ කිරීම් වලදියි.


    w-4513871-476904.jpg



    සෝර්ස්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් දන්න විදිහට 2020 එන්නෙ පාඨලී unp එකෙන්....රනිල දන්නව 2020 ඉල්ලුවොත් බල්ලෙක්වත් උන්දට චන්දෙ දෙන්නෙ නැ කියල..
     
    • Like
    Reactions: padmathilaka

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නම් දන්න විදිහට 2020 එන්නෙ පාඨලී unp එකෙන්....රනිල දන්නව 2020 ඉල්ලුවොත් බල්ලෙක්වත් උන්දට චන්දෙ දෙන්නෙ නැ කියල..
    පාඨලීට දෙන එකක් නෑ දැන් දෙපාරක්ම පොදු අපේක්ෂකයෝ දාල ඉල්ලන් කාලනේ ඉන්නේ. එහෙනං සජිත් ප්‍රේමදාසව දාන එක ඊට වඩා ලේසි නෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාඨලීට දෙන එකක් නෑ දැන් දෙපාරක්ම පොදු අපේක්ෂකයෝ දාල ඉල්ලන් කාලනේ ඉන්නේ. එහෙනං සජිත් ප්‍රේමදාසව දාන එක ඊට වඩා ලේසි නෙ

    රනිල් සජිත්ට නොදෙන්නෙ,සජිත්ව දාල කපල දන්ඩ බැරිවෙන නිසා...ෆොන්සේකව දැම්ම දුන්න ශොට් එක, සිරිසේනව දැම්ම මිනිහට තියාගෙන අරිනව, ඒත් සජිත් දැම්මොත් ඒක කරන්ඩ වෙන්නෙ නැ...ඒක නිසා පාඨලීව දාල කපල දානව හරිම සරලයි...කවදා හරි රනිල යද්දි unp එක දෙන්නෙ සජිත්ට නෙමේ අකිලට....
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රනිල හැර වෙන සුදුසු කෙනෙක් නෑලු
    2010,2015 රනිල තනියෙන් ඉල්ලුවෙ නැත්තෙ ඇයි දන්නෑ පොදු අපේක්ෂකයො නැතුව හිටං
    :rolleyes:


    උබ දන්නේ නෑ නේ... ඌ 2010 / 2015 එහෙම කරේ 2020 ට සුදානම් වෙන්න ඕනේ හින්දා :lol::yes:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    D_Mad:23149635 said:
    me yakaa balaye ellila inna eka ratata maha paduwak ban..
    eken wenne mahindala win karana eka

    So what's wrong with Mahinda winning ? Do you just want some one of UNP to win?? Why would you want such a thing?
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    රනිල් සජිත්ට නොදෙන්නෙ,සජිත්ව දාල කපල දන්ඩ බැරිවෙන නිසා...ෆොන්සේකව දැම්ම දුන්න ශොට් එක, සිරිසේනව දැම්ම මිනිහට තියාගෙන අරිනව, ඒත් සජිත් දැම්මොත් ඒක කරන්ඩ වෙන්නෙ නැ...ඒක නිසා පාඨලීව දාල කපල දානව හරිම සරලයි...කවදා හරි රනිල යද්දි unp එක දෙන්නෙ සජිත්ට නෙමේ අකිලට....



    Sirisenayata arina eka kesewetat sirisenaya hatara wateta arinawa kiyakanam penawa