රටක පාලනයට එක් එක් අංශවලින් ඉදිරියට ආපු උන්දැල දාලා කරන්න බැහැ බං. උං දක්ෂ උන්ගේ ෆීල්ඩ් එක වඩා නිවරදිව මෙහෙයවන්න විතරයි. ව්‍යාපාරිකයෙක් මූලිකත්වය දෙන්නේ ලාබය උපරිම කරගැනීමටයි. ක්‍රීඩකයෙක් ක්‍රීඩාව වෙනුවෙන් උපරිමය කරයි. ඔය සියල්ලම රටක් ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය සම්පත්. නමුත් අවශ්‍ය වන්නේ ඔය සම්පත් නිසි ආකාරයට කලමනාකරණය කරන්න පුලුවන් අය උඩම තලයට ගේන එකයි. අපි ක්‍රිකට් ටීම් එකේ හිටපු සුපිරි පුද්ගලයෝ ඇමතිලා කරලා නැද්ද? හමුදාවල හිටපු , නීති අංශවල හිටපු, ව්‍යාපාරක ලෝකයේ හිටපු, අධ්‍යාපනයේ හිටපු සුපිරි චරිත ඇමතිලා කරලා නැද්ද? එහෙම කලා කියලා මොනවද රටට ලැබුනේ. කෙනෙක් යම් වෘත්තියකින් හිනිපෙත්තටම ගියා කියලවත් ලෝක පූජිත උනා කියලවත් නායකත්වයකට සුදුසු වෙන්නේ නැහැ. එහෙම කලොත් ඒක අසාර්ථකයි. නායකත්වයට නායකත්ව ගති පිහිටලා තියෙන්න ඕන. නායකයා කියන පුද්ගලයා ඉදිරියට මෙන්ම අවශ්‍ය විටද පසුපසට යෑමටත් දක්ෂ කෙනෙක් වෙන්න ඕන. නමුත් වෘත්තිකයා නිතරම හිතන්නේ ඉදිරියට යෑම ගැන විතරයි. අපි ඉතිහාසයෙත් උගත්කමට, ප්‍රසිද්ධ කමට කියලා පාලකයෝ පත් කරගත්තා. නමුත් උනේ මොකක්ද කියලා දන්නවනේ. ඉතිහාසය ගැන පොඩ්ඩක් විමර්ශනය කරානම් මේ තත්ත්වය පැහැදිලි වෙයි.