2020 ජනපති අපේක්ෂක බැසිල්
ඒකාබද්ධයේ අර්බුදය ඔඩුදුවයි! ගෝඨා එනවාට බැසිල්ගෙන් විරෝධයක් - 2020 ජනපති අපේක්ෂක බැසිල්
ඒකාබද්ධයේ අර්බුද රැසක්
ඒකාබද්ධ විපක්ෂයේ ගිනි යට අළු මෙන් පැවැති අර්බුදය නියෝජ්‍ය කතානායක තනතුරට පත් කිරීමත් සමගම තවත් ඔඩුදුව ගොස් තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පැවැති රැස්වීමකදී ඒකාබද්ධ විපක්ෂයේ බහුතර අදහස වී තිබුණේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ඡන්දය ලබා නොදිය යුතු බවය. “මේ අය ආණ්ඩුවත් එක්ක හිටියා. ආණ්ඩුවේ වරප්‍රසාද ලබා ගත්තා. බැරිම අවස්ථාවේ ඉදිරි දේශපාලන වාසිය බලලා ආණ්ඩුවෙන් ඉවත් වුණා. අපි මොකටද මේ අය දිනවන්නේ” යැයි ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇතැම් පිරිස් ප්‍රකාශ කර තිබිණි. එහෙත් ඒකාබද්ධය තුළ ප්‍රබල භූමිකාවක් නිරූපණය කරන විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා දිනේෂ් ගුණවර්ධනගේ අදහස්වී ඇත්තේ දහසයේ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයට එකතු කරගෙන ආණ්ඩුවට එරෙහි සටන ශක්තිමත් කළ යුතු බවය. ඊට බහුතර එකඟතාවයක් නොමැති හෙයින් සුදර්ශනීට ඡන්දය ලබා නොදීමේ යෝජනාවට එකඟවීමට ඒකාබද්ධයේ ප්‍රබලයන්ට සිදුවූහ. ඒ නිසා දිනේෂ්, විමල් හා උදය ගම්මන්පිල ඇතුළු පාර්ශ්වයන් හා රාජපක්ෂ හිතවාදීන් අතර මතවාදී ගැටුම තව තවත් දුරදිග ගොස් තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයකු මෑතකදී සඳහන් කර තිබුණේ “ආණ්ඩුවට එරෙහිව අපි සටන් කරන්න නම් අපි එකමුතුවෙලා ඉන්න ඕනේ. අපිත් කෑලි කෑලිවලට බෙදිලා මේ සටන ගෙනයන්න පුළුවන්ද මම හිතන්නේ මේක දුරදිග යන්න දෙන්න හොඳ නැහැ” යැයි කියාය. කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මතුපිටින් නොපෙනෙන අර්බුද රැසක් ඒකාබද්ධය තුළ ගොඩගැසී ඇති බවයි.
බැසිල් රාජපක්ෂ මෑතකදී ප්‍රකාශ කර තිබුණේ ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම අවාසි සහගත බවය. ඔහු නොකියා කියා තිබුණේ දෙමළ මුස්ලිම් ඡන්ද ගෝඨාභයට නොලැබෙන බවය. එම නිසා ගෝඨාභයට වඩා ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට තමන් සුදුසු බව ද ඔහුගේ ප්‍රකාශ තුළින් හඟවා ඇතැයි ද වාර්තාවේ. මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ වඩාත් හොඳ අපේක්ෂකයා පිළිබඳ තීන්දුව ගැනීම පසුවට තැබීමටය.
http://am.lk/politics/item/37598-2020