මුලින්ම කියන්නම් මන් රනිල් පාක්ෂිකයෙක් හෝ මොකෙක්වත් නෙමෙයි.දෙයක් තේරුම් ගන්න මනසකින් කියවපන්.රේප් කැපුවට මට ගානක්වත් නැ.
ගෝටට වොට් කරපු උන් හිතපන්.මචන් ගොට කියන්නේ අනිවාර්යෙන් හොදම තේරීම දැනට.මන් උනත් දෙනවා.හැබැයි බන් තේරුම් ගනින් හරකෙක් වෙනුවට අශ්වයෙක් ගත්තට කරත්තේ එකයි.වටේ ඉන්න උන් බලපන්.ගෝටබය ඉස්සරහ අත්පුඩි ගහපු උන්. මොන ජඩ වැඩෙන් ද ඕනි ඕනිම වර්ගේක එකෙක් එතන ඉන්නවා.අනික් දේ රාජපක්ෂ පවුලේ හැසිරීම සහ බලය බාවිතය.කියල ඉවර කරන්න බැරි නිසා කියල වැඩක් නැ. ඕනිම ආර්ථික දැනුමක් තියෙන එකෙක් ඉන්නවනම් ඌ දන්නවා අද පවතින මුල්‍ය අර්බුද වලට හේතුව මොකක්ද කියලත්.
ඔයිට වඩා ලොකුම දේ මචන් පල්ලෙහා ලෙවෙල් එකට හම්බෙන අනිසි බලය.අපේ බොස්ලා පවා මේවට party දානවා.මහින්ද බොස් ව දන්නේ නැ. හැබැයි ලක්ෂ ගණන් සල්ලි වියදම් කරනවා.කරන්නේ පළාත් සබා මන්ත්‍රී කෙනෙක් හරහා.වියදම් කරන්න හේතුව ?බදු වංචාව ,එතකොට අනවශ්‍ය දේවල් මේ රටට ගෙන්න,නීතියේ බලය.මිලියන ගණන් කොටි ගණන්.මේ රටේ එක පළාතක එක පළාත් සබා මන්ත්‍රී කෙනෙක් විතරයි. හැමදේම පොඩි උන්ට පවා බලය අනිසි ලෙස ඇති වෙලා.රාජ්‍ය සේවකයෝ වැඩි වීම ගැටළුවක් වීමත් ඔය වගේ ලොකු ප්‍රශ්නයක් උනා.දේශීය අදායම් දෙපාර්තමේන්තුව,කම්කරු එක පැත්තේ ගියොත් උබලට ඕනි තරම් නිකන් ඉන්න මිනිස්සු බලාගන්න පුළුවන් .හොදම දේ පොහොට්ටු මන්ත්‍රී කියල නිකමට google කරලා බලපන්.
සජිත් ගැන කියල වැඩක් නැ.අහස උසට flats ගහන කාලේ ගිනිකුරු පෙට්ටි වගේ ලබ්බවල් හද හද ඇවිදිනවා.ඔක්කොටම වඩා පක්ෂේ කොන්දක් නැ .අඩු ගානේ ගොන් කතා නොකිය ඉදපන්.රටේ ආරක්ෂාව නැ.ඒවාට ගැලපෙන මිනිස්සු දාල නැ.මයිත්‍රී ගේ ලොකු වැරද්දක් උනත් ආණ්ඩුව මුන්ගේනේ.රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කරලා ඉල්ලන් කැවා .තවත් නය උනා.හැබැයි අරුන්ට වඩා බලය අනිසි ලෙස බාවිතය අඩුයි.හොරු අල්ලන්න නඩු අහන්න අවේ.චෝදිතයෝ ජනාදිපති අපේක්ෂකයෝ වෙලා ඒ උනාට.වැදගත් දේවල් ටිකක් කලත් කරන මෝඩ වැඩ වලට ඔක්කොම කැපිල යනවා.
ඔය පකයල දෙගොල්ලොම ඉදලා අද වෙනකන් නොඋන දේවල් කියල වැඩක් නැ.මිනිස්සුන්ගේ අදායම්,රැකියා තෘප්තිය,අද්යාපනය,පොදු ප්‍රවාහනය මානසික සහනය මුකුත්ම නැ. දවසින් දවස බල්ලට යනවා.කුඩු,පෙති දවසින් දවස වැඩි වෙනවා.තරුණ උන් ත්‍රී විල් වල රස්තියාදු වෙනවා. මිනිස්සු වෙන අපිට ප්‍රශ්න විසදගන්න බැරි උන්ගෙන් සත්තුන්ගේ ප්‍රශ්න,රටේ පරිසර පද්දතියේ ප්‍රශ්න විසදෙන්නේ නැති නිසා කතා කරලා වැඩක් නැ .උනුත් ටික කාලෙකින් නැති වෙලා යයි.හොස්පිටල් වලටවත් බෙහෙත් 100ක් ඉල්ලුවොත් 50ය එන්නේ කියල මේ ලගදි army හොස්පිටල් එකේ doctor කෙනෙක් කිව්වා.දවස් 14කට මිනිස්සු 38000ක් යන ගමනක බෙහෙත් දාන්න plaster ගෙනත් තිබ්බේ රෝලක් විතරයි.
jvp එක ඇතුළු අනික් උන් ගැන කියල වැඩක් නැ.නගනන්ද ,පල්ලෙවත්ත ලා කියන තරම් කල එළියක් නැ වගේ.
ඉතින් බන් අලුත් එකෙක් කොහෙන් හරි කඩා පාත් උනේ නැත්නම් කෙල වෙලා ඉවරයි.ඔය එන උන් ඉදල ඉදල කරන හොද වැඩක් බලාගෙන ජිවත් වෙමු.හම්බ කලොත් කන්න පුළුවන් තමයි කොහේ ගියත්.හැබැයි කන්න බොන්න විතරක් නෙමෙයි අනික් දේවලුත් ඕනි.චන්දෙ දෙද්දී මොලේ පාවිච්චි කරමු.ගොටට සජිත්ට දුන්නත් මහා මැතිවරනේදී අඩු ගානේ තමන්ගේ පැත්තෙන් එන උන් ටික පක්ෂේ නොබලා void කරමු උගේ අද්යාපනය,හැසිරීම බලල.නැත්නම් ඉතින් sorry තමයි.
True

