ඇම්බියුලන්ස් මඩත් වැඩිකල් නොදුවයි. මෙන්න මූලාශ්‍ර සහිතවම ඇත්ත කතාව.

2019 වර්ෂයේ යහපාලන රජය විසින් ගිලන් රථ 132ක් ආනායනය කරන ලදී. වැය කරන මුදල රුපියල් මිලියන 2500 කි. මෙන්න එවකට BBC වාර්තාකරුගේ මූලාශ්‍රය (ආකයිව් කර ඇත)
https://archive.is/zwGR5
ලංකාදීප මූලාශ්‍රය
https://archive.is/wip/AYrJO

එවකට මුදලින් එක ගිලන් රථයකට වැය වූ මුදල = රුපියල් මිලියන 2500 ÷ ගිලන් රථ 132 = රුපියල් මිලියන 18.94

2019 මුලදී ගිලන් රථ ආනයනය කළේ එංගලන්තයේ සිට නිසා බැවින් එංගලන්තයේ උද්ධමන අනුපාතයන්.
2019 = 0.0179
2020 = 0.0077
මූලාශ්‍ර
https://www.statista.com/.../inflation-rate-in-the.../

ඒ අනුව 2019 දී ගෙන්වන ලද ගිලන් රථයක මූර්ත වටිනාකම
රුපියල් මිලියන 18.94 x 1.0179 x 1.0077 = රුපියල් මිලියන 19.43 (හෙවත් ලක්ෂ 194 කි.)

ඉටුකම අරමුදලෙන් ගෝඨාභය ජනාධිපතිතුමා ගෙන්වූ ගිලන් රථ 10 ට, එකක් ලක්ෂ 194ක් මිල සඳහන් වී ඇත. ඒ අනුව, එදා යහපාලන ආණ්ඩුවෙන් ගෙනාපු ගිලන් රථ වලට සමාන මුදලටම මෙවරත් ගිලන් රථ ගෙන්වා ඇත.

FT.LK වෙබ් අඩවිය සහ daily news පුවත්පත පලකරන තොරතුරු අනුව ජර්මනියේ නිෂ්පාදිත Mercedes Benz ගිලන් රථයද සියලු වෛද්‍ය උපකරන සමග ලක්ෂ 190ක් බව සඳහන්.
https://archive.is/wip/F4GUT

ගිලන් රථකයක් ලක්ෂ 194 ක් කියමින් ඇස් දෙක නළලේ තියාගෙන ළයේ අත් ගසා ගන්නා විපක්ෂයේ උදවිය, ඒ කාලයේ ගොලුවන් බිහිරන් ලෙස සිටියේ ගිලන් රථයක මුදල ගැන වැටහීමෙන් නොව තමන් කඩේ යන අයට ගැරහීම නොවටිනා බැවිනි. එදා මහින්ද මැතිඳුන්ගේ පාර්ශවය යහපාලුවන්ට කොතරම් චෝදනා නැගුවත්, එකක් රු ලක්ෂ 189 ක ගිලන් රථ ගැන කිසිදු චෝදනාවක් නොනැගුවේ ගිලන් රථ වල මුදල දන්නා බැවිනි.

ගිලන් රථයක් යනු සාමාන්‍ය වෑන් එකකට අමතරව, ඩීෆිබ්‍රිලේටර්, මොනිටර් ඇතුලු මිල අධික වෛද්‍ය උපකරන සහිත සාමාන්‍යයෙන් මිල අධික වෛද්‍ය උපකරනයකි. එය ලෝකයේ කොහේත් එසේමය. එහි ඇති හොඳ මොබයිල් ඩිෆිබ්‍රිලේටර් එකම සාමාන්‍යයෙන් ලක්ෂ 30කට වඩා මිලය.

අලුත් ෆෝඩ්, බෙන්ස් ගිලන් රථ නඩත්තුවේ දහසක් අපහසුතා ඇත.නමුත්, දැනටත් රෝගීන් ප්‍රවාහනයට අලුත් ෆෝඩ් බෙන්ස් සහ පරන ටොයෝටා/නිසාන් වෑන් ඇම්බියුලන්ස් පාවිච්චි කරන නිසා සක්සුදක් දේ දන්නා එක දෙයක් ඇත. ඒ අලුත් ගිලන් රථ හැම අතින්ම රෝගියාගේ/ සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව සහ පහසුව ගැන සිතා නිර්මානය කර ඇත.

කොරෝනා වැනි ආසාදිත රෝගීන් ප්‍රවාහනය කිරීමේදී රියදුරු ආරක්ෂක ඇඳුම් කට්ටල ඇඳීමට පවා අවශ්‍ය නොවන පරිදි ඒවායේ රියදුරු කොටස සම්පූර්ණයෙන්ම සීල් කර ඇත. (Airtight ).

කොවිඩ්19 රෝගීන් ප්‍රවාහනයට අධි ආරක්ෂිතව සැකසූ මෙම ගිලන් රථ 10 ගෙන්වීමේ විශේෂිතම හේතුව, ජීවිත පරදුවට තියමින් කොරෝනා රෝගීන් ප්‍රවාහනය කරන ගිලන් රථ රියදුරු මහතුන්ගේ ජීවිත වඩාත් සුරක්ෂිත කිරීමටයි. විපක්ෂයේ අයට ඔවුන්ගේ ජීවිත නොවටිනා වුවද අපට ඒ විරුවන්ගේ ජීවිත ලක්ෂ 194කට වඩා බෙහෙවින් වටී.

බොහෝ අය, ebay හෝ ජපන් වෙබ් අඩවි වල රූප පෙන්වමින් අලුත් ගිලන් රඨයක් ඊට වඩා බොහෝ ලාභ බව සඳහන්කර තිබෙනු දුටුවෙමි. ඒ සමහරක් ඒවා භාවිතා කරන ලද හෝ වෛද්‍ය උපකරන රහිත ගිලන් රථ බව දුටුවෙමි. ඔවුන්ගේ නොදැනුවත් කම කම ගැන කථා කිරීම නොවටින නමුත්, වසංගතයක් මැද කරන දේශපාලනය නම් අන්ත අප්‍රියජනකය.

ඔය කියන අලුත් ෆුල් ස්පෙක් ඇම්බියුලන්ස් යනු, රතු ලයිට් එකක් වහලේ සවිකරන ලද වෑන් නොවේ. දොර බීඩින් වල සිට ඝනකම වැඩි, ඒ වෙනුවෙන්ම නිශ්පාදනය කරන ලද උපකරණයකි.

මේ බොහෝ තාක්ෂනික කාරනා සිංහල බසින් පලවී නැති නිසා විපක්ෂයේ අයට පුවත් මවන්නට සහ මඩ ගහන්නට බොහෝ පහසුය.
Mahinda.info Editor
(Dr. Chanith Peduruarachchi මහතාගේ ලිපියක් ඇසුරෙනි.)
Source