2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානය විසින් යෝජනා කළ දෙමුහුන් ආකෘතිය අනුව පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත බව ESPN cricinfo වෙබ් අඩවිය විසින් අණාවරණය කරනවා.
මෙම වසරේ ආසියානු කුසලානය පාකිස්තානයේ සත්කාරකත්වය යටතේ පැවැත්වීමට නියමිත ව තිබූ නමුත් ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීමට සිය අකමැත්ත ප්‍රකාශ කිරීමත් සමඟින් මෙවර තරගාවලියේ සත්කාරකත්වය පිළිබඳ ගැටළු සහගත තත්වයක් මතු වුනා.
පසුව පාකිස්තානය විසින් ඊට විසඳුමක් ලෙස දෙමුහුන් ආකෘතියක් යටතේ තරගාවලිය පැවැත්වීමට (පාකිස්තානය සහ ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරන තරග වලට වෙනත් රටක්) යෝජනාවක් ගෙන ආවා. නමුත් මීට පෙර BCCI වෙතින් සහ ACCය වෙතින් ඊට කැමැත්තක් ප්‍රකාශ වුනේ නැහැ.
කෙසේ වෙතත් ESPN cricinfo වෙබ් අඩවිය මගින් සඳහන් කරන පරිදි ACCය විසින් පාකිස්තානයේ යෝජනාවට අනුමැතිය ලබා දීමට ඉඩ තිබෙනවා. නමුත් මේ පිළිබඳ ව ACCය විසින් තවමත් නිල වශයෙන් නිවේදනයක් නිකුත් කර නොමැති අතර ඉදිරි සතිය තුළ දී ඔවුන් විසින් මේ බව නිල වශයෙන් ම දැනුම් දෙනු ඇති බව ESPN අනුමාන කරනවා.
එමෙන්ම පාකිස්තානය විසින් මීට පෙර අනෙක් සත්කාරක රට ලෙස යෝජනා කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. නමුත් අදාළ කාලයේ එරට උෂ්ණත්වය පිළිබඳ ඇති ගැටළු හුවා දක්වමින් බොහෝ ACC සාමාජික රටවල් එයට සිය අකමැත්ත ප්‍රකාශ කළා.
ඒ අනුව මෙම වසරේ සැප්තැම්බර් මාසයේ පළමු වැනිදා සිට 17 වැනිදා තෙක් පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ ඉන්දියාව ක්‍රීඩා කිරීමට නියමිත සියලු තරග ශ්‍රී ලංකාවේ පැවැත්වෙනු ඇති. එහි දී තරගාවලියේ මූලික වටයේ A කාණ්ඩය නියෝජනය කරන ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය ද ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කෙරෙනු ඇති.
එමෙන්ම තරග 13ක් පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ තරග 4ක් හෝ 5ක් පාකිස්තානයේ පැවැත්වෙනු ඇති බව දැනට අනුමාන කළ හැකියි. (කෙසේ වෙතත් තරග කාල සටහන නිකුත් වන තෙක් ඒ පිළිබඳ නිල වශයෙන් සඳහනක් කිරීම අපහසු කාරණයක්.)
ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති ව තිබූ මෙම ගැටළුව ඉදිරියේ දී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියට මෙන් ම 2025 ශූරයින්ගේ කුසලානය වෙනුවෙන් පවා බලපෑමක් එල්ල කිරීමට ඉඩ තිබූ අතර මෙම තීරණය එවන් ගැටළු බොහෝමයක් සමනය කිරීමට හේතුවක් වනු ඇති.
ගිය වසරේ විස්සයි විස්ස තරග රටාවෙන් පැවැත්වුනත් මෙම වසරේ දී පන්දුවාර 50 තරග රටාවට අනුව පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය එක් කාණ්ඩයකින් තරග වැදීමට නියමිත අතර ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය අනෙක් කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතයි.
ESPN cricinfo ඇසුරිනි.