ජනපති දුන් කැනඩා මහ කොමසාරිස් ධුරය දප්පුල එපා කියයි..
May 6, 2021 at 12:00 pm | lanka C news
https://lankacnews.com/wp-content/uploads/2019/07/dappula-1.jpg
නීතිපති දප්පුල ද ලිවේරා මහතා කැනඩාවේ නව ශ්රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.
දැනට නීතිපති ධූරය දරන දප්පුල ද ලිවේරා මහතා තවත් ටික දිනකින් එම ධුරයෙන් විශ්රාම ලැබීමට නියමිතය.
නමුත් එම ධුරය බාර ගැනීම ලිවේරා මහතා විසින් ප්රතික්ෂෙප කල බව ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න පැවසුවාය.
තමන්ට එම ධුරය ලබා දීම ගැන ස්තුතිවන්ත වන නමුත් තමන් ලංකාවේ සිටිමින් මෙරට ජනතාවට සේවය කිරීමට කැමති බවත් ඔහු සදහන් කර ඇත.
