bokkenma kiyanawa nam, epa wela inne ban. karapu dekuth na jiwithe
මටත් ඔය වගේ අවුරුදු 8ක් තිබුනා බං ජීවිතේ. වැටෙන්න ඕන අන්තිම තැනට වැටිලා ජීවිතේ එපා වෙලා හිටියේ. කරන කිසිම දෙයක් හරි ගියේ නෑ. ගත්තෙම වැරදි තීරණ. අපල කාල කියන එක ඇත්තයි කියලා තේරුණා.
හැබැයි ඊට පස්සේ හැමදේම ක්‍රමයෙන් හරි ගියා. ඒ නිසා ඉවසලා, දහමට යොමුවෙලා, ධෛර්යෙන් ඉදපන්. මොනවා හරි අනාගතයට වැදගත් වෙන දෙයක් ඉගෙනගන්න. ජිම් එකකට යන්න, නැත්නම් හවසට සෙට් එකක් එක්ක සෙල්ලම් හරි කරන්න. මනස මොනවා හරි දේකට යොදවන්න. Screen time, social media අඩු කරන්න. හොද යාලුවෙක් ආශ්‍රය කරන්න. මනස වැටෙන්න දෙන්න එපා. උඹේ හරියන කාලය එනවා කවදා හරි.