21 වන සියවසේ රුසියානු යුද ටැංකිය

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    21 වන සියවසේ රුසියානු යුද ටැංකිය

    cRl6JN2.png

    ටී-14 එනම් අමාටා යන නමින් වැඩි දෙනෙක් දන්නා ලොව එකම පශ්චාත් යුද තුන්වන පරම්පරාවේ රුසියානු යුද ටැංකියයි.බටහිර සම්බාධක හමුවේ කිසිදු බලපෑමකට ලක් නොවූ මෙය රුසියාවේ නිෂ්පාදිත අද්වීතීය නිපැයුමකි.




    පළමු රුසියානු යුද ටැංකිය

    අමාටා යුද ටැංකියේ පැමිණීමට පෙර රුසියාව සතු ඔවුන්ගේම යුද ටැංකියක් නොතිබුණු අතර භාවිතා කල සියලු යුද ටැංකි සෝවියට් දේශය විසින් සංවර්ධනය කල ඒවා විය.ටී-14 යුද ටැංකියේ සංකල්පය බිහිකරන්නේ සහ එය නිපදවන්නේ වයස අවුරුදු 30-40 අතර වයස් සීමාවේ සිටි ඉංජිනේරුවන් පිරිසක් විසින්ය.

    ටී-14 ව්‍යාපෘතිය දියත් කරන්නේ 2009 වර්ෂයේදී යූරල් වාගොන්මාෂ් සමාගමේ කොටසක් වන යූරල් ප්‍රවාහන ඉංජිනේරු සැලසුම් කාර්යාංශය විසින්ය.2015 වර්ෂයේ මොස්කව් නගරයේ පැවැත්වූ විජයග්‍රාහී පෙළපාලියේදී එම යුද ටැංකි ප්‍රථමවරට මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන ලදි.

    නවතම රුසියානු යුද ටැංකිය එලෙස ලෝකයා ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමෙන් පසුව මාධ්‍යවල දැඩි අවධානයට බදුන්විය.බොහෝමයක් බටහිර ගැති මාධ්‍යවලට ටී-14 අමාටා යුද ටැංකිය ප්‍රධාන මාතෘකාවක් විය.වෙබ් අඩවිය කියා සිටියේ අමාටා යනු සම්පුර්ණයෙන්ම නවතම සැලැස්මක් බවත් 1960,1970 දශකවල පටන් රුසියානු යුද්ධෝපකරණවල සිදුවූ කැපීපෙනෙනම වෙනස මෙම යුද ටැංකිය ඔස්සේ පෙන්වා තිබෙන බවත්ය.ටෙලිග්‍රාප් වෙබ් අඩවිය සඳහන් කර තිබුණේ රුසියානු විශේෂඥයින්ගේ අමාටා යුද ටැංකියට ඇමෙරිකානු ඒබ්‍රහම්,බ්‍රිතාන්‍ය චැලෙන්ජර් සහ ජර්මන් ලෙපර්ඩ් යුද ටැංකි පරාජය කල හැකි බවයි.

    qEOub2l.jpg





    අමාටා පවුල යනු කුමක්ද?

    ටී-14 යුද ටැංකිය පදනම් වන්නේ අමාටා නම් බහුකාර්යය ප්ලැට්ෆෝම් එක මතයි.මෙම පවුලේ තවත් අවි පද්ධති තිබේ.අමාටා හි අනෙකුත් අවි පද්ධති වන්නේ ජංගම කාලතුවක්කු පද්ධතියක්,ගොඩබිම්-ගුවන් මිසයිල පද්ධතියක්,ගොඩබිම්-ගොඩබිම් මිසයිල පද්ධතියක්,සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථයක් ආදියයි.

    qgesUzG.jpg

    "අප සතුව අමාටා ප්ලැට්ෆෝම් එක මත පදනම් සැලසුම් කල ප්‍රහාරක රථ 28 තිබෙනවා.ඒවා එකම ප්ලැට්ෆෝම් එකක් යොදාගෙන නිපදවිය හැකි අතර ගුවන් ආරක්ෂක පද්ධති සහ බර වැඩ සඳහා යොදාගන්නා සන්නද්ධ රථ සඳහාද ඉඩ සලසා දෙයි.මෙහි තිබෙන වාසිය වන්නේ විවිධ කාර්යයන් සඳහා අවශ්‍ය ඒකක සහ පද්ධතිවලට පාදම ලෙස යොදාගත හැකිවීමයි"-UVZ සමාගමේ ප්‍රධාන අධ්‍යක්ෂක ඔලෙග් සියෙන්කෝ

    ටර්මිනේටර්-1,ටර්මිනේටර්-2 යන රථවල අනුප්‍රාප්තිකයා වන ටර්මිනේටර්-3 ප්‍රහාරක රථයද අමාටා ප්ලැට්ෆෝම් එක මත පදනම්ව නිර්මාණය කෙරේවි.අපනයනය උදෙසා නිපදවන මෙම රථ ටී-72 යුද ටැංකියේ චැසිය මත පදනම්ව නිපදවා තිබේ.

    x7nQL2J.gif
    අමාටා පවුලේ සාමාජිකයන්​





    හානි කල නොහැකි ස්ටෙල්ත් යුද ටැංකිය

    මෙම යුද ටැංකියේ සැලැසුම් තොරතුරු තවමත් ඉහළ පෙළේ රහසකි.නමුත් විවෘත මුලාශ්‍රවලින් ලැබෙන තොරතුරු සහ එහි පෙනුමෙන් දිස්වන්නේ යුද ටැංකිය පෙරනොදුටු විරූ ඉංජිනේරු ශිල්පයේ අපූරු නිමැවුමක් බවයි.අමාටා හි කැපීපෙනෙන අංගය වන්නේ මිනිසුන් රහිත කොතයි.යුද ටැංකියේ කාර්යය මණ්ඩලය එහි ඉදිරිපස විශේෂිත සන්නාහයකින් ආවරණය කල කැප්සියුලයක් තුල සිටියි."මෙම නවාංගයෙන් කාර්ය මණ්ඩලය ,උණ්ඩ ගබඩාවෙන් සහ ඉන්ධන/එන්ජින් කාමරයෙන් වෙන් කර තිබෙන නිසා පිටත සන්නාහය බිදගෙන පැමිණෙන තර්ජනයක් හමුවේ පිපිරීමක් හෝ ගිනි ගැනීමක් හමුවේ ආරක්ෂිතය"-ඔලෙග් සියෙන්කෝ

    tjkQVKd.png

    නිෂ්පාදකයන්ට අනුව අමාටා යුද ටැංකියේ ආලේප කර තිබෙන ස්ටෙල්ත් ආලේපය නිසා එය සතුරු අධෝරක්ත සහ රේඩාර් පද්ධති හමුවේ දර්ශනය වීමේ ප්‍රතිශතය අවම කරයි.තවද දැනට වෙළඳපොලේ තිබෙන යුද ටැංකි නාශක අවි හමුවේ නැඟී සිටින්නට තරම් එහි සන්නාහය සමත් බව ඔවුන් කියයි.

    ප්‍රධාන අවිය හැසිරවීම සහ වෙඩි තැබීම යුද ටැංකිය සතු වෙඩි පාලන පද්ධතිය යොදාගෙන සිදුකල හැකිය.කිසියම් අක්‍රමවත් ක්‍රියාවක් /දෝෂයක් තිබේ නම් යුද ටැංකියේ දත්ත පාලන ජාලය විසින් ඒ බව කාර්ය මණ්ඩලයට දන්වයි.තවත් සුවිශේෂී අංගයක් වන්නේ අලුතින් එක්වන අවි හෝ වැඩිදියුණු කල ඒකක සහ පද්ධති පහසුවෙන් ස්ථාපනය කිරීමට හැකි පරිදි අමාටා යුද ටැංකිය සැලසුම් කර තිබීමයි.

    yBgmk5t.gif





    අනාගත සංග්‍රාමයේ අවි

    ටී-14 යනු ජාල-කේන්ද්‍රගත සංග්‍රාම සංකල්පය පරිපුර්ණ අයුරින් යොදාගන්නා ලොව ප්‍රථම යුද ටැංකියයි.තනි රථයක් ලෙස හැසිරෙනවාට වඩා ඒකාබද්ධ සංග්‍රාමික මෙහෙයුම්වල නිරත වීමට ඉන් ඉඩ ලැබේ.

    ජාල-කේන්ද්‍රගත සංග්‍රාම සංකල්පය ඔස්සේ අණදෙන්නන්,යුද්ධෝපකරණ,සේවා සපයන්නන් සහ ඔත්තු බැලීමේ කණ්ඩායම් ආදී සියලු සටන්කරුවන් ඒකාබද්ධ කර අඛණ්ඩ දත්ත ජාලයකට සම්බන්ධ කරයි.මේ හරහා මෙහෙයුම් සමමුහුර්තනයට ඉඩ ලබාදෙන අතර සියලුම සටන්කරුවන්ට නිරන්තර දැනුවත්භාවය ලබාදෙයි.ඒ ඔස්සේ හමුදා සහ සම්පත් ක්ෂණිකව පාලනය ,සංග්‍රාමයේ පියවර වේගවත් කිරීම සහ කාර්යක්ෂමව සතුරු හමුදාවන්ට පහරදීම කල හැකිය.ජාල-කේන්ද්‍රගත සංග්‍රාමික සංකල්පයේදී ඩ්‍රෝන් යානා,ස්මාට් අවි,අධි-ධාරිතා ආරක්ෂිත සන්නිවේදන නාලිකා සහ රේඩියෝ-ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික පද්ධති භාවිතා කරයි.1990 දශකයේ අග භාගයේදී එක්සත් ජනපද හමුදා ප්‍රථම වරට ජාල-කේන්ද්‍රගත සංග්‍රාම සංකල්පය ප්‍රායෝගිකව යොදාගෙන තිබේ.

    ජාල-කේන්ද්‍රගත සංග්‍රාම සංකල්පය තනි තනි රථ වෙනුවට සංග්‍රාමික ඒකක මත කේන්ද්‍රගත වී තිබේ.එනම් සටනක ප්‍රතිඵලය තවදුරටත් යුද ටැංකියක් විසින් තීරණය නොකරන බව මේ නව යුද්ධය අඟවයි " ප්‍රහාරක සහ සහායක රථවලින් සමන්විත ස්වයං අන්තර්ගතයක් සහිත සංග්‍රාමික ඒකක පිහිටුවීමට අපට උවමනාවක් තිබේ.නමුත් එය සම්පුර්ණ ඒකකයක් විය යුතුය.නිසැකවම,උපායමාර්ග සහ ක්‍රමෝපායන් යුද ටැංකි සහ පාබල හමුදා ප්‍රහාරක රථවලට අනුව වෙනස් වීම අත්‍යාවශ්‍ය වේ".UVZ සමාගමේ උප අධ්‍යක්ෂක විවාචෙස්ලෙව් කාලිටොව්

    v82Jo9g.png





    ප්‍රතිවාදීන්ට මාර්ගසූචක

    අමාටා යුද ටැංකියේ පැමිණීමත් සමග විදේශීය යුද්ධෝපකරණ නිෂ්පාදකයින් ඊට සමාන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම අරඹා තිබේ.මාධ්‍ය වාර්තාවලට අනුව පාබල හමුදාවලට අවශ්‍ය යුද්ධෝපකරණ නිපදවීමට ජර්මනියේ ක්‍රවුස්-මාෆි වෙග්මන් සහ ප්‍රංශයේ නෙක්ස්ටර් සමාගම් ඒකාබද්ධ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සූදානම් වේ.2016 වර්ෂයේ පළවූ මූලාශ්‍රවලට අනුව සමාගම් දෙක ප්‍රංශයේ ලෙක්ලෙර්ල් සහ ජර්මනියේ ලෙපර්ඩ් යුද ටැංකි වෙනුවට භාවිතා කල හැකි නවතම යුද ටැංකියක් නිපදවීමට යොමුව තිබේ.

    sLCEHoQ.jpg

    UVZ සමාගමේ නිලධාරීන්ට අනුව රුසියානුවන් ඔවුන්ගේ විදේශීය තරඟකාරයන්ට වඩා වසර දහයක් පමණ ඉදිරියෙන් පසුවේ.

    ජර්මනියේ ස්ටර්න් සඟරාව කියා සිටියේ රුසියානු යුදධෝපකරණ කර්මාන්තයේ නූතන නව්‍යතා බටහිර රටවලට තමන්ගේ හමුදා වඩා ඉක්මණින් නවීකරණය කිරීම බලකර සිටින බවයි.සෝවියට් දේශය කැඩී යෑමෙන් පසුව නිපදවූ සැබෑ රුසියානු නවෝත්පාදනය ලෙස අමාටා යුද ටැංකිය හැඳින්විය හැකි යැ‍යි එම සඟරාව පවසයි.වේගවත් සහ පහසුවෙන් හැසිරවිය හැකි අමාටා යුද ටැංකිය රුසියානු යුද ටැංකි නිෂ්පාදන කර්මාන්තයේ විශිෂ්ඨ ජයග්‍රහණයකි.




    අමාටා හි අනාගතය

    අමාටා යුද ටැංකිය අනාගතයේදී තවත් වැඩිදියුණුවට පත්වීමට නියමිතය.මෙම ක්‍රියාවලිය උදෙසා අමාටා හි අද්විතිය සැලැස්ම මැනවින් ගැලපේ.එහි මි.මී.125 ප්‍රධාන අවිය මි.මී.152 සංස්කරණයකින් ප්‍රතිස්ථාපනය කිරීමට පුලුවනි.සියල්ල රඳාපවතින්නේ සේවාදායකයා මත බවයි නිෂ්පාදකයින් පවසන්නේ. "අපි ඕනෑම දෙයක් ස්ථාපනය කරනවා.අපි අනාගතය දෙස බලා,ස්වාධීනව පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති රැසක් හමුදා කොන්ත්‍රාත්තු යටතේ ක්‍රියාවට නංවා තිබෙනවා.මෙම මි.මි.152 අවිය එහි පූර්වජයාට වඩා 30% ප්‍රතිශතයකින් කාර්යක්ෂමය.එහි අභ්‍යන්තරය වානේ මිශ්‍ර ලෝහයකින් ආවරණය වන අතර ක්‍රමික ආදේශනයකින් හෝ අලුත් වැඩියාවකින් තොරව භාවිතා කල හැකිය.ඉතා නුදුරේදීම අලුත් උණ්ඩ ලැබේවි යැ‍යි අපි බලාපොරොත්තු වෙනවා"-UVZ සමාගමේ ප්‍රධාන අධ්‍යක්ෂක ඔලෙග් සියෙන්කො.

    n8P4FBY.jpg

    ඊට අමතරව වැඩිදියුණු කල අමාටා යුද ටැංකිය අනාගතයේදී මිනිසුන් රහිතවද භාවිතා කිරීමට පුලුවනි.ඔලෙග් සියෙන්කෝට අනුව අමාටා සතු උපකරණ එය ධාවනය කිරීම ආදී අතින් සිදුකරන ක්‍රියාකාරකම් ස්වයංක්‍රීයව සිදුකිරීමට දැනටමත් ප්‍රමාණවත්ය."අනාගත සංග්‍රාම මිනිසුන් මත නොව යන්ත්‍ර මත රදාපවතිවි.ඒ නිසා අපි අමාටා යුද ටැංකියට රොබෝ තාක්ෂණය එක් කලා.මිනිසුන් රහිත අමාටා යුද ටැංකිය අනාගත රථය වෙනවාට කිසිම විවාදයක් නැත"-ඔලෙග් සියෙන්කෝ.

    රජයේ යුද්ධෝපකරණ වැඩසටහනට අනුව රජය විසින් 2020 වන විට ටී-14 යුද ටැංකි 2,300ක් ඇණවුම් කර තිබේ.2015 වන විට පුහුණු කටයුතු උදෙසා යුද ටැංකි 20 නිපදවා තිබිණි.සම්පුර්ණ නිෂ්පාදන ධාරිතාවයෙන් නිෂ්පාදනය ඇරඹීම පසුගිය වසරේ පටන් සිදුවේ.ඒ අතරතුර හමුදාව නවතම අත්හදාබැලීම් පද්ධතියක් යොදාගෙන අලුත් යුද ටැංකි ප්‍රතිග්‍රහණය කර ගැනීම සිදුකරයි.සියෙන්කෝ මහතාට අනුව අමාටා මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම 2017 වර්ෂයේදී ආරම්භ වේ.





    Source:sputniknews.com

    -HarshaLulzSec-