21 සම්මත නොවුනොත් ඉවත්වනවා - රනිල් කියයි

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,049
    4,600
    113
    ⭕"21 සම්මත නොවුනොත් ඉවත්වනවා-රනිල් කියයි."

    ⭕"ඇයි රනිල්ට මුදල් අමාත්‍යධූරය දුන්නේ ?"- පොහොට්ටු ප්‍රබලයෝ ජනපතිගෙන් අසති.

    ⭕අගමැති සහ මහබැංකු අධිපති අතර විරසකයත් දුරදිග යයි.


    ⭕ඩේලි මිරර් වාර්තා කරයි.

    21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් තමන් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වන බව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාට පවසා ඇතැයි, අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

    මේ අතර, මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් මේ රට ගොඩ ගැනීමට ප්‍රමුඛතාවය නොදී ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා දක්වන දැඩි උනන්දුව පිළිබදව පොහොට්ටු පක්ෂ ප්‍රබලයෝ ජනාධිපතිවරයා හමුවේ සිය විරෝධය පළ කර තිබෙන බවද පුවත්පත පවසයි.

    සති අන්තයේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවක දී, මේ දක්වා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටට අත්කර දී තිබෙන ජයග්‍රහණ මොනවාදැයි පොහොට්ටු පක්ෂ ප්‍රබලයන් ජනාධිපතිගෙන් ප්‍රශ්න කර තිබෙන බවද පැවසේ.

    එමෙන්ම, මුදල් අමාත්‍ය ධූරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීම සම්බන්ධයෙන් ද පොහොට්ටු ප්‍රබලයෝ සිය විරෝධය ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබෙන බව ද වාර්තා වේ.

    අළුත් අයෙකු මුදල් අමාත්‍යධූරය සදහා පත්කරන තුරු එම ධූරය ජනාධිපතිවරයා යටතේ තබා ගත යුතුව තිබුණු බව ඔවුන්ගේ යෝජනාවයි.

    මේ අතර, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇති විරසකයද මේ වන විට තව දුරටත් ඉස්මතුව තිබෙන බවද පුවත්පත පවසයි.

    සති අන්තයේ දී ජනාධිපතිවරයා සහ මහබැංකු අධිපතිවරයා අතර පැවති සාකච්ඡාවකින් පසුව, වත්මන් ආර්ථික අර්බුදය විසදීම සදහා මහබැංකු අධිපතිවරයා මේ දක්වා ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් තමන් සතුටුවන බවත්, මහබැංකු අධිපතිවරයාට තමන්ගේ පූර්ණ සහයෝගය හිමිවන බවත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, මහබැංකු අධිපතිවරයා ආරක්ෂා කර ගැනීම සදහා බව ද වාර්තා වේ.

    වැටී තිබෙන ආර්ථිකය යළි ගොඩ ගැනීම සදහා තමන් විසින් ගනු ලබන ඕනෑම පියවරක් සම්බන්ධයෙන් කිසිදු මැදිහත් වීමක් නොකළ යුතු බවට අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිගෙන් මේ වන විටත් පොරොන්දුවක් ගෙන ඇති බව පැවසෙන අතර, යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි වන්නේනම් තමන් ධූරයෙන් ඉල්ලා අස්වන බවද අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිට දැනුම් දී ඇති බවද වාර්තා වේ.
    all these are bullshit made up.....i dont think it is so bad as it looks
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    The ball is now in Gota's court. If he wants to settle the food shortage he'll have to support Ranil 100pc before more Pohottuvas crawl out of the woodwork. Ranil can't lose. Gota has to support him, or else.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    If 21A is not passed, Ranil will resign, nandalal will follow soon, all donor countries will back out. No petrol, diesel, rice or medicine. Defeat of 21A will be the death sentence for 22 million Sri lankans. Sri Lanka will go up in flames. That day all politicians better to find a good hiding place.
    This is no shitt!! 👍
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,378
    6,541
    113
    ආර්ථිකය කඩා වැටුණු හැම රටකම වගේ නායකයො මාරු කරල තියනවා කෙටි කාලයක් තුළ තුන්හතර වතාවක්ම. (හිසේ රදයට කොට්ට මාරු කරනවා වගේ.) අපිටත් ඒ තත්ත්වයම උදා වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG and cuteoz

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය රනිල් කාරයට තිබ්බෙ කොන්දේසි සහිතව අගමැති වෙන්න..දැන් අඬල වැඩක් නෑ..ඒ අතින් සජිත්,අනුර මොළ කාරයෝ
    රාජපස්ස කෙනෙක් ජනාධිපතිකමේ තියාගෙන වැඩක් කරන්න පුලුවන්ද බන්. නූගත් හැත්ත
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,996
    113
    ආශ්චර්යමත් රටක
    පොහොට්ටුවෝ තමයි රටට ඉන්න ලොකුම සාපය

    ලාංකීය ඉතිහාසයේ ලොකුම සාපය.
    මූසල පවුලක් රටක් ඔහොම බිංදුවටම විනාස කරලා දාපු අවස්ථා කීයද තියෙන්නෙ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Sassy Drama Queen GIF
    Drama Reaction GIF
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    21 සම්මත කරගත්ත යින් පස්සේ අගමැති අතට තමයි බලය