25000 දඩය රථවාහන වැරදි 7 ට එහෙම්මමයි

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
25000 දඩය රථවාහන වැරදි 7 ට එහෙම්මමයි

රජයේ අවසන් තීරණය
25000 දඩය රථවාහන වැරදි 7 ට එහෙම්මමයි

පසුගියදා ආන්දෝලනයක් ඇති කළ වැඩ වර්ජන වලටද මුල්වූ රථවාහන වැරදි හතක් වෙනුවෙන් රජය පැනවූ රුපියල් 25,000 ක යෝජිත දඩ මුදල ගැන
අද සවස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රජයේ අවසන් තීරණය දැනුම දුන්නේ
දඩ මත කිසිදු වෙනසක් වන්නේ නැති බවට අවධාරණය කරමිනි.
ඇතැම් විට පමණක් වැරදි දෙකක දඩ මුදලේ අගය පමණක් යම් වෙනස්කමකට ලක්විය හැකි බව පෙන්වාදුන් ඔහු පැවති බස් වැඩවර්ජනය දේශපාලන උවමනාවකට සිද්ධ වූවක් ලෙසද පෙන්වා දුන්නා.
"අපි රියදුරන්ට ජනතාව ඝාතනය කිරීමට


අවසර ලබාදෙන්නෙ නැහැ .මෙම තීරණය ඉදිරියේ ක්‍රියාත්මක වන දිනයේ සිට මාර්ග අනතුරු සැලකිය යුතු ලෙස අඩුවනු ඇති බවට අපට අනුමාන කළ හැකියි.වම් පැත්තෙන් ඉස්සර කිරීම හා වේග සීමා සම්බන්ධ නීති ගෙන ඒමට පෙර ඊට අවශ්‍ය වටපිටාව සකසනවා. ඉන්පසුව එම නීති ක්‍රියාත්මක කරනවා.“ ඔහු පැවසුවා.
මේ ගැන බස් හිමියන් සමග අවසන් සාකච්ඡාවේදී ජනපති වෙනසක් කරන බවට පොරොන්දුවූයේද යන්න විමසීමේදී ඔහු කියා සිටියේ,
‘ජනාධිපති සෙනසුරාදා (3) දා පාර්ලිමේන්තු සංකීර්ණයේ බස් හිමියන්ගේ සංගම් සමඟ සාකච්ඡාවකට එක්වුණ බව ඇත්ත. එහිදී රථවාහන වැරදි හතට රුපියල් 25,000 යෝජිත දඩ ඉවත්කරන්න එකඟවී නැහැ. නමුත් ඉදිරියේදී වමෙන් ඉස්සර කිරීම හා වේගයෙන් ධාවනය සම්බන්ධ දඩ මුදලේ සාධාරණ වෙනසක් ගැන සාකච්ඡා කර තීරණ ගන්න ඉඩ තියනවා. නමුත් අනෙකුත් වැරදි පහ සඳහා කිසිම සහනයක් ලබාදෙන එකක් නැහැ. පෞද්ගලික බස් වැඩ වර්ජනය අතරතුර දී ලංගම බස් 128 කට හානි කර පුද්ගලයින්ටත් තුවාල සිදු කළා. 128 දෙනෙකු අත්අඩංගුවට පත් වුණා.
බස් වැඩ වර්ජනය එක්තරා දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව ක්‍රියාත්මක වුණ එකක්. ඒ බස් හිමියන් වැඩි දෙනෙක් පසුගිය මැතිවරණයේ දේශපාලකයින්ගේ පොස්ටර් ප්‍රචාරණයට පවා සම්බන්ධ බවට ආරංචි ලැබුනා.‘

:shocked: Mama hithuwe me 25000 ayin kala kiyala :shocked:
wahane gedara nawaththala bus eke yanna kale hari wage
 
  • Like
Reactions: akilar25

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    තමන් හරියට පාරේ යනවනම්, dashcam එකක් අරගන්න. ඒක තමයි හොඳම විසඳුම.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    තමන් හරියට පාරේ යනවනම්, dashcam එකක් අරගන්න. ඒක තමයි හොඳම විසඳුම.

    අනිවා එතකොට වැරදියට දඩ ගහන්න බැහැ පොලිස් මාමළට :P
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනිවා එතකොට වැරදියට දඩ ගහන්න බැහැ පොලිස් මාමළට :P

    ඩෑශ් කැම් පිලිගන්න කියලා මොන නීතී පොතේද තියෙන්නේ?

    ඉරෝසන්ගේ ප්‍රශ්නයක් ඕක.
    :lol::lol::lol::lol:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    කට්ටිය කිවුවේ ගෑමුණු 2500ය 25000ක් කලා කියලා.
    අන්තිමට අනිත් set එක ඉස්තීර කරලා..
    :rofl::rofl::rofl::rofl:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    දඩය අඩු නැතිව..., වදිනවා තවම...,
    ඔබට සතුටුයිද දැන්?? ඔබට සතුටුයියියියියියියියිද දැන්??? :(
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ඩෑශ් කැම් පිලිගන්න කියලා මොන නීතී පොතේද තියෙන්නේ?

    ඉරෝසන්ගේ ප්‍රශ්නයක් ඕක.
    :lol::lol::lol::lol:

    ඒකත් ඇත්ත බන්, video එකක් කොහොමද සාක්ෂි හැටියට ඉදිරිපත් කරන්නේ. :rofl::rofl:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඒකත් ඇත්ත බන්, video එකක් කොහොමද සාක්ෂි හැටියට ඉදිරිපත් කරන්නේ. :rofl::rofl:

    CCTV footage පිලිගන් නැද්ද උසාවියෙන්? :P
    Save
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඒකත් ඇත්ත බන්, video එකක් කොහොමද සාක්ෂි හැටියට ඉදිරිපත් කරන්නේ. :rofl::rofl:

    උසාවියට යනකම් යන්න ඕනේ වෙන එකක් නෑ පොලිස් කාරයට කැමරාවක් නැති වාහනේ කැමරාවක් තියෙනවා කියල කියල මේ වෙලාවේ රිමෝට් එක නෑ උසාවියේදී පෙන්නන්නම් කියල කිව්වත් ඇති වෙයි. එහෙම බේරුණු කෙනෙක් ඉන්නවා.