25000 දඩය රථවාහන වැරදි 7 ට එහෙම්මමයි
රජයේ අවසන් තීරණය
25000 දඩය රථවාහන වැරදි 7 ට එහෙම්මමයි
පසුගියදා ආන්දෝලනයක් ඇති කළ වැඩ වර්ජන වලටද මුල්වූ රථවාහන වැරදි හතක් වෙනුවෙන් රජය පැනවූ රුපියල් 25,000 ක යෝජිත දඩ මුදල ගැන
අද සවස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රජයේ අවසන් තීරණය දැනුම දුන්නේ
දඩ මත කිසිදු වෙනසක් වන්නේ නැති බවට අවධාරණය කරමිනි.
ඇතැම් විට පමණක් වැරදි දෙකක දඩ මුදලේ අගය පමණක් යම් වෙනස්කමකට ලක්විය හැකි බව පෙන්වාදුන් ඔහු පැවති බස් වැඩවර්ජනය දේශපාලන උවමනාවකට සිද්ධ වූවක් ලෙසද පෙන්වා දුන්නා.
"අපි රියදුරන්ට ජනතාව ඝාතනය කිරීමට
අවසර ලබාදෙන්නෙ නැහැ .මෙම තීරණය ඉදිරියේ ක්‍රියාත්මක වන දිනයේ සිට මාර්ග අනතුරු සැලකිය යුතු ලෙස අඩුවනු ඇති බවට අපට අනුමාන කළ හැකියි.වම් පැත්තෙන් ඉස්සර කිරීම හා වේග සීමා සම්බන්ධ නීති ගෙන ඒමට පෙර ඊට අවශ්‍ය වටපිටාව සකසනවා. ඉන්පසුව එම නීති ක්‍රියාත්මක කරනවා.“ ඔහු පැවසුවා.
මේ ගැන බස් හිමියන් සමග අවසන් සාකච්ඡාවේදී ජනපති වෙනසක් කරන බවට පොරොන්දුවූයේද යන්න විමසීමේදී ඔහු කියා සිටියේ,
‘ජනාධිපති සෙනසුරාදා (3) දා පාර්ලිමේන්තු සංකීර්ණයේ බස් හිමියන්ගේ සංගම් සමඟ සාකච්ඡාවකට එක්වුණ බව ඇත්ත. එහිදී රථවාහන වැරදි හතට රුපියල් 25,000 යෝජිත දඩ ඉවත්කරන්න එකඟවී නැහැ. නමුත් ඉදිරියේදී වමෙන් ඉස්සර කිරීම හා වේගයෙන් ධාවනය සම්බන්ධ දඩ මුදලේ සාධාරණ වෙනසක් ගැන සාකච්ඡා කර තීරණ ගන්න ඉඩ තියනවා. නමුත් අනෙකුත් වැරදි පහ සඳහා කිසිම සහනයක් ලබාදෙන එකක් නැහැ. පෞද්ගලික බස් වැඩ වර්ජනය අතරතුර දී ලංගම බස් 128 කට හානි කර පුද්ගලයින්ටත් තුවාල සිදු කළා. 128 දෙනෙකු අත්අඩංගුවට පත් වුණා.
බස් වැඩ වර්ජනය එක්තරා දේශපාලන න්‍යාය පත්රයකට අනුව ක්‍රියාත්මක වුණ එකක්. ඒ බස් හිමියන් වැඩි දෙනෙක් පසුගිය මැතිවරණයේ දේශපාලකයින්ගේ පොස්ටර් ප්‍රචාරණයට පවා සම්බන්ධ බවට ආරංචි ලැබුනා.‘
Mama hithuwe me 25000 ayin kala kiyala 
wahane gedara nawaththala bus eke yanna kale hari wage

mehama gena eka hodai ban eka athakta 