2GBක Film එකක් මිලිතත්පර 0.06 කින් බාමු.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    2GBක Film එකක් මිලිතත්පර 0.06 කින් බාමු.

    තත්පරයට ටෙරාබිට් 255ක වේගයකින් දත්ත ගෙන යන කේබලයක්

    තත්පරයට ටෙරාබිට් 255ක වේගයකින් සමන්විත ප‍්‍රකාශ තන්තු කේබලයක් නිපදවීමට පර්යේෂකයන් පිරිසක් සමත්ව ඇතැයි වාර්තා වේ.

    ඒ අනුව ගිගාබයිට් 1ක සිනමා පටයක් මිලිතත්පර 0.03කින් බාගත කරගැනීමට ඒ හරහා හැකියාව ලැබෙනු ඇති අතර ටෙරාබයිට් 1ක මුළු දෘඪ තැටියේම ඇති දත්ත බාගත කරගැනීමට ගතවෙනු ඇත්තේ මිලිතත්පර 31ක් පමණි.

    මෙම ප‍්‍රකාශ තන්තු කේබලය මේ වන විට වාණිජ භාවිතයේ යෙදෙන කේබලයකට වඩා 2550 ගුණයක් වේගවත් වන අතර එමගින් මුළු අන්තර්ජාලයම තනි කේබලයකින් ගෙනයා හැකිවනු ඇතැයි පැවසේ.
    නෙදර්ලන්තයේ එයින්ඞ්හොවන් විශ්වවිද්‍යාලයේ හා ඇමරිකාවේ මධ්‍යම ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් මෙම ප‍්‍රකාශ තන්තු කේබලය නිපදවා ඇති අතර ඒ සඳහා ඔවුන් බහුමාදිලි තන්තු තාක්‍ෂණය භාවිතා කර තිබේ.
    සාමාන්‍ය ප‍්‍රකාශ තන්තු කේබලයක් සඳහා ඉඳිකටු තුඩකට වඩා මදක් ඝනකම් වීදුරු හෝ ප්ලාස්ටික් වලින් තැනූ තන්තු පොටවල් දහස් ගණනක් භාවිතා කරන අතර මෙම එක තන්තුවකින් ගෙනයා හැක්කේ එක් ලේසර් කිරණයක ආලෝකය පමණි.
    නමුත් බහු මාදිලි තන්තු තාක්‍ෂණයේදී ෂඩාස‍්‍රාකාර හැඩයකට පිහිටවූ තන්තු පොට 7ක් භාවිතා කරන අතර ඒවා සාමාන්‍ය කේබලයක ප‍්‍රමාණයට හකුළා තිබේ.

    how-to-check-wifi-speed.jpg
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    අඩේ එල. හැබැයි ඉතින් ලංකාවේ SLT තියනකම් තත්පරයට ටෙරාබිට්1000 ක් එන එකක් හොයා ගත්තත් වැඩක් වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Sadeepa Arosha

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ එල. හැබැයි ඉතින් ලංකාවේ SLT තියනකම් තත්පරයට ටෙරාබිට්1000 ක් එන එකක් හොයා ගත්තත් වැඩක් වෙන්නෙ නෑ

    35GB:lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩේ එල. හැබැයි ඉතින් ලංකාවේ SLT තියනකම් තත්පරයට ටෙරාබිට්1000 ක් එන එකක් හොයා ගත්තත් වැඩක් වෙන්නෙ නෑ
    සිරා කථාව :rofl::rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Speed තිබ්බට වැඩක් තියේද බන් Monthly data volume එක 35GB දීලා? ඊළගට ඔහොම කාලයක් යනකොට SLT එකෙන් එයි 1Tb/s කියලා package එකක් 35GB volume එකකින් :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Speed තිබ්බට වැඩක් තියේද බන් Monthly data volume එක 35GB දීලා? ඊළගට ඔහොම කාලයක් යනකොට SLT එකෙන් එයි 1Tb/s කියලා package එකක් 35GB volume එකකින් :rofl:

    ඇරඹුමම කඳුලක් වෙන්නෙ එතකොට තමා..
    :lol: