2GBක Film එකක් මිලිතත්පර 0.06 කින් බාමු.
තත්පරයට ටෙරාබිට් 255ක වේගයකින් දත්ත ගෙන යන කේබලයක්
තත්පරයට ටෙරාබිට් 255ක වේගයකින් සමන්විත ප්‍රකාශ තන්තු කේබලයක් නිපදවීමට පර්යේෂකයන් පිරිසක් සමත්ව ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ගිගාබයිට් 1ක සිනමා පටයක් මිලිතත්පර 0.03කින් බාගත කරගැනීමට ඒ හරහා හැකියාව ලැබෙනු ඇති අතර ටෙරාබයිට් 1ක මුළු දෘඪ තැටියේම ඇති දත්ත බාගත කරගැනීමට ගතවෙනු ඇත්තේ මිලිතත්පර 31ක් පමණි.
මෙම ප්‍රකාශ තන්තු කේබලය මේ වන විට වාණිජ භාවිතයේ යෙදෙන කේබලයකට වඩා 2550 ගුණයක් වේගවත් වන අතර එමගින් මුළු අන්තර්ජාලයම තනි කේබලයකින් ගෙනයා හැකිවනු ඇතැයි පැවසේ.
නෙදර්ලන්තයේ එයින්ඞ්හොවන් විශ්වවිද්‍යාලයේ හා ඇමරිකාවේ මධ්‍යම ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් මෙම ප්‍රකාශ තන්තු කේබලය නිපදවා ඇති අතර ඒ සඳහා ඔවුන් බහුමාදිලි තන්තු තාක්ෂණය භාවිතා කර තිබේ.
සාමාන්‍ය ප්‍රකාශ තන්තු කේබලයක් සඳහා ඉඳිකටු තුඩකට වඩා මදක් ඝනකම් වීදුරු හෝ ප්ලාස්ටික් වලින් තැනූ තන්තු පොටවල් දහස් ගණනක් භාවිතා කරන අතර මෙම එක තන්තුවකින් ගෙනයා හැක්කේ එක් ලේසර් කිරණයක ආලෝකය පමණි.
නමුත් බහු මාදිලි තන්තු තාක්ෂණයේදී ෂඩාස්රාකාර හැඩයකට පිහිටවූ තන්තු පොට 7ක් භාවිතා කරන අතර ඒවා සාමාන්‍ය කේබලයක ප්‍රමාණයට හකුළා තිබේ.

අපි SLT අනාථයෝ.. 100GB package එකක් වත් තියෙනවා නම් ෂේප්..