සර්විස් රෙකෝඩ් තියෙනවා නම් හොදයි
වාහනයේ අයිතිකරුමද පොතේ අයිතිකරු
ෆිනෑන්ස් තියෙනවද? RMV එකෙන් පොත චෙක් කරගන්න
වාහනේ ඩෑමේජ් මොනවද? හෑප්පිලා කන්ඩෙම් වෙච්ච ඒවත් තියෙනවා විකුනන්න.
මයිලේජ් ඔර්ජිනල් නෑත්නම්, සර්විස් රෙකෝඩ් නෑත්නම් එන්ජින් එක චෙක් කරන්න වෙනවා. පරණ දුම් සහතික තියෙනවා නම් මයිලේජ් එක බලන්න පුලුවන්
පේන්ට් එකේ තත්වේ
පෙර අයිතිකරුවන් ගනන
දෑන් අයිතිකරු ලග අවුරුදු කීයක් තිබිලද?
ලයිට්, පවර් ෂටර්, ව්යිපර්, රේඩියෝ, ඒ සී වගේ දේවල් වෑඩද?
දොරවල් අරින වහන කොට සද්දේ කොහොමද?
ටයර් ගෙවිලද
වාහනේ ආදායම් බලප්ත්‍රය ඉවරද?
නම්බර් ප්ලේට් පොතේ තියෙන දිස්ත්‍රික්කයටම නිකුත් කරපුවද?
ඉස්සරහ වින්ඩ්ස්ක්‍රීන් එකේ, ර්ම්ව් එකෙන් දෙන ස්ටිකර් එක තියෙනවද?
ඕවා තමා ඉතින් බලන්න තියෙන්නේ. තව මතක් වුනොත් පස්සේ දාන්නම්